UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

මැදින් පුර අටවක 2013 මාර්තු 19 වන දා

සතුට උදාකර ගැනීමට නම්...

තමා කළ හෝ කරන යහපත් කටයුතු මගින් තමාට මෙන්ම අනෙකුත් අයට ද යහපත සැලසෙන්නේ නම් එබඳු ක්‍රියා කළ හෝ කරන තැනැත්තා ලබන මානසික සුවය අපමණය.

එබඳු යහපත් ක්‍රියා මගින් තමා ලබනුයේ ද මහත් සතුටකි. එබඳු යහපත් ක්‍රියා සිදු කිරීම නිසාම හදවතේ ඇතිවන සතුට සහනය පිනට දහමට හුරුකර ගැනීමට ද අපහසු නොවේ.

මනුෂ්‍යයා විසින් සිදු කරනු ලබන සෑම යහපත් ක්‍රියාවක් මගින් ම ඔහුට නිරන්තරයෙන් සැනසීම උදාවන බව සිතන මොහොතක් පාසා ඔහු තව තවත් එබඳු යහපත් ක්‍රියා සිදු කිරීමටම පොළඹවනු ලැබේ.

ආර්ථික අපහසුතා ඇති අයෙකු බොහෝ විට කල්පනා කරනු ලබන්නේ අතේ මිල මුදල් නොමැතිව පිනට යොමු වන්නේ කෙසේදැයි යන අවිනිශ්චිත බවකිනි. එහෙත් මිල මුදල් අතේ නැති බොහෝ දෙනා මහ පින්කම්වල නිරත වන අවස්ථා කොතෙකුත් දැකිය හැකිය.

මනුෂ්‍යයා නිරන්තරයෙන් ම විවිධ අරමුණු කෙරෙහි නෙත් යොමු කිරීම නිසා තමාගේ සැනසීම තමා විසින් ම නැති කර ගන්නා අවස්ථා බහුලය.

අසීමිත වූ අරමුණු වෙත අපේක්‍ෂාවෙන් පසුවීම නිසා ම නිශ්චිත අරමුණකින් යම් යහපත් ක්‍රියාවක නිරතවීමට අවකාශ නොලැබේ.

මොහොතෙන් මොහොත සිය දහස් ගණනින් අපේක්‍ෂා ගිලිහීයාම හැර ගෙවී ගිය කාලයෙන් යම් සහනයක් ජීවිතයට උදාකර ගැනීමට උත්සාහ නොකිරීම අන් අයෙකුගේ නොව තමාගේ ම වරදින් සිදු වන්නක් බව කල්පනා කළ යුතුව ඇත.

දහසක් බලාපොරෙත්තු හිතේ දරා ගෙන සිටියද, ඉන් ඵලක් නොවන්නේ තමාගේ ම සිතිවිලි තුළ ඇති වරද අවබෝධ කර නොගැනීම නිසාය.

ලෙහෙසියෙන් මෙන් ම පහසුවෙන් ජීවිතය පෝෂණය කළ හැකි නොවේ. ඉහත කී අයුරෙන් අපේක්‍ෂා පොදි බැඳගෙන සිටීමෙන් පමණක් ලතැවීමට සිදු වනුයේද අනුනට නොව තමාටමය.

කෙතරම් සම්පත් පැවැතියද ඒ සම්පත් තමන්ට ප්‍රමාණවත් යැයි සෑහීමට පත් නොවීම පුහුදුන් මනුෂ්‍යයාගේ ස්වභාවය වේ.

එදිනෙදා ජීවිතයට අවශ්‍ය ඇඳුම් පැළඳුම් පමණක් නොව නිවසකට අත්‍යාවශ්‍ය භාණ්ඩ වලට අමතරව නිවසට අනවශ්‍යය, පරිභෝග නොකරන ප්‍රදර්ශනයට මෙන් තැන්පත් කර තිබෙන භාණ්ඩ කෙතරම් නම් ඇත්දැයි මොහොතක් කල්පනා කළ යුතුව ඇත.

බොහෝ මව්පියවරු තමා හරිහම්බ කර ඒවා වැය කර සතුටෙන් සැනසීමෙන් දිවිගෙවනු වෙනුවට ඒවා එක්රැස්කර කොතරම් නම් අසහනයට පත්වනු ඇත් ද?

තමා දැහැමෙන් උපයා ගත් යමක් වෙතොත් ඉන් කොටසක් පරිහරණයටත්, අනාගත ආයෝජනය සඳහාත්, විපතක් පැමිණි විටෙක ඊට පිළියමක් ලෙස ලබා ගැනීමට තැන්පත් කර තැබීමත් අගය කළ යුතුය.

එහෙත් බොහෝ මව්පියවරු තමන් හරි හැටි පරිභෝජනයටද නොගෙන තම දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය පතා එක් රැස් කර තබති. එපමණක් නොව තම දරුවන්ගේ පමණක් නොව දරුවන්ගේ දරුවන් කෙරෙහිද සිත් යොමා රැස් කරති.

කෙසේ වුවද රැස් කළ පමණින් සතුට ට පත් විය නොහැකිය. තමන් දැහැමින් උපයන ධනයෙන් යුතුකම් ඉටු කිරීමට මෙන්ම දනට පිනට යෙදවීමට අමතක නොකළ යුතුය.

එසේ සිය යුතුකම ඉටු කළහොත් එමගින් උදාවනුයේ සතුටය. සැනසීමය. එය හදවතින් දෙලොව ට ම සතුට සහනය සැනසීම උදාකරවන මහඟු කරුණක් වනු ඇත.

බහු භාණ්ඩිකත්වයෙන් ඈත්ව ලද දෙයින් සතුට විය හැකි ජීවිතයක් ගත කිරීම ජීවිතයේ හැමදාමත් සැනසීමට හේතුවනු ඇත.

 

මැදින් පුර අටවක පෝය

මැදින් පුර අටවක පෝය මාර්තු මස 19 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 09.40ට ලබයි.
20 වැනි දා බදාදා අපරභාග 12.11 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මාර්තු මස 19 වැනි දා අඟහරුවාදා ය.

මීළඟ පෝය
මාර්තු 26 වැනි දා අඟහරුවාදා ය.

 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 19

Full Moonපසෙලාස්වක

මාර්තු 26

Second Quarterඅව අටවක

අප්‍රේල් 03

New Moonඅමාවක

අප්‍රේල් 09


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]