UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දෙවසරකට පෙර පරලොව සැපත් බුදුසරණ හිටපු කර්තෘ දයා සිරිවර්ධන

දෙවසරකට පෙර පරලොව සැපත් බුදුසරණ හිටපු කර්තෘ දයා සිරිවර්ධන

බුදුසරණ පුවත්පතේ ආරම්භක සාමාජිකයකු මෙන්ම එහි හිටපු කර්තෘවරයකු වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දයා සිරිවර්ධන මහතා පරලොව සැපත් වී මෙම මස 26 වැනි දාට දෙවසරක් සපිරේ. ඒ නිමිත්තෙන් මෙදින ඒ මහතා පදිංචිව සිටී නයිවල වේයන්ගොඩ ‘දයාශ්‍රී’ නිවසේ සපිරිකර සංඝගත දක්‍ෂිණාවක් පැවැත්වේ. බුදුසරණ පුවත්පත ආරම්භයේ පටන් දයා සිරිවර්ධනයන් බුදුසරණ පුවත්පත වෙනුවෙන් අතිපූජ්‍ය මිරිස්සේ ගුණසිරි හිමියන් සමඟ පැවැත් වූ ධම්ම සාකච්ඡාඑකතු කොට සංස්කරණය කළ ග්‍රන්ථ දෙකක් මහ සඟරුවනට පූජාකිරීමද මෙදින සිදු කෙරේ.

සිංහල, පාලි, සංස්කෘත හා ඉංගී‍්‍රසි භාෂාවන්හි විශාරදයකු වූ ඒ මහතා කලක් ගුරුවෘත්තියේ සිට එයින් අස් වී බුදුසරණ පුවත්පත ආරම්භ කිරීමේ කාර්යට එක්විය. බුදුසරණ පුවත්පතේ ආරම්භක කර්තෘවරයා වූ කෘතහස්ත පුවත්පත් කලාවේදී පියසේන නිශ්ශංක සූරීන්ගේ අභාවයෙන් පසු එහි ප්‍රධාන කර්තෘවරයා බවට පත්විය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ නිල පුවත්පත වූ සසුන පුවත්පතේ උපදේශක කර්තෘ ලෙසද ඒ මහතා කටයුතු කළේ ය. පියසේන නිශ්ශංක සූරීන්ගේ මඟ පෙන්වීමට අනුගත වූ දයා සිරිවර්ධන දයා, ගොවිඳු, සිරි වැඩි, දහම් සොඬ සදසි යන ආරූඪ නම් වලින් පුවත්පත් කලාවේ නියැළිනි.

දිනමිණ, සිළුමිණ, ජනතා පුවත්පත්වලද සේවය කළ දයා ලොව පතළ සිතුවම් බුදුන්වහන්සේගේ දේශනා ක්‍රම ආශි‍්‍රත ජනසන්නිවේදන විධි හදාරණ කෘති හරහා ග්‍රන්ථ කරණයට ද පිවිසියේ ය. මාධ්‍යවේදියාගේ හා පුවත්පත් කර්තෘවරුන්ගේ සේවා සුරක්‍ෂිතතාවය වෙනුවෙන් මාධ්‍ය ක්‍ෂේත්‍රයේ නොමැකෙන සටහනක් තැබූ අභීතව සිය පෑන මෙහෙය වූ දයා සිරිවර්ධන නම් වූ පුවත්පත් කලාවේදියාට නිවන් සුව අත්වේවා.

 

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි මස 25 වැනි දා සඳුදා පූර්ව භාග 01.59 ට ලබයි.
26 වැනිදා අඟහරුවාදා 01.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම, පෙබරවාරි මස 25 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
මාර්තු 04 වැනිදා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 25

Second Quarterඅව අටවක

මාර්තු 04

New Moonඅමාවක

මාර්තු 11

First Quarterපුර අටවක

මාර්තු 19


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]