UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

නවම් පුර පසළොස්වක 2013 පෙබරවාරි 25 වන දා

උත්සාහයට ආශිර්වාද

දිවි මග ඒකාලෝක කර ගැනීමට යහපත් උත්සාහයන් දැරිය යුතුය. ඒ උත්සාහයෙන් තොර දියුණුවක් උදා නොවන හෙයිනි.

උත්සාහයත්, අධිෂ්ඨානයත් ඒකරාශි කරගත් කල අපේක්‍ෂා මුදුන් පත් කර ගැනීම අපහසු නොවේ.

අලස තැනැත්තා කවර ක්‍රියාවක් කිරීමට ඉදිරිපත් වූවද, ඔහුට කුමක් හෝ අලස සිතිවිල්ලක් ඉදිරිපත් වීම නිසා ඇතැම්විට උත්සාහය මග හැරී යයි.

අලස තැනැත්තා දැන් සීතය. නැතිනම් උෂ්ණය,අව්වය, වැස්සය ආදී සිතිවිලි පහළ වී කළ යුතු ක්‍රියාව, කළ යුතු වේලාවේ දී නොව එය කල් දමා කටයුතු කිරීමට නිරන්තරයෙන් කල්පනා කරයි.

මිනිස් ජීවිතය කුඩා කාලය, තරුණ කාලය, මහලු කාලය වශයෙන් කොටස් තුනකට වෙන්කර ගෙන ක්‍රියා කරන්නේ නම් වෙසෙසින්ම කුඩා කල ගත කරනුයේ, ගෙවී යනුයේ ශිල්ප ශාස්ත්‍ර හැදෑරීම සඳහා ය.

ඤාතීන්, හිතමිතුරන් අසල්වැසියන්, ගම්වැසියන් පළමුව හඳුන්වා දෙනු ලබන්නේත්, හොඳ නරක පළමුව කියා දෙනු ලබන්නේත්, දරුවන් වෙත නිවසේ දී ආදරණීය මව්පිය දෙපළ විසිනි.

ඒ නිසාම දරුවන්ට සෙනෙහෙබර මව්පියවරු පූර්ව ආචාර්යවරු වේ. නිසි වෙලාවට ආහාර පාන ලබා දෙමින්, කුඩා දරුවෙකුගේ ජීවිතය පෝෂණය කිරීම පමණක් නොව බහ තෝරන වියේ පටන් දරුවා කෙරෙහි මහත් කරුණාවෙන් යහපත, අයහපත හඳුනා දීම දෙමව්පිය වගකීම වේ.

එපමණක් නොව ඒ සියල්ලටම වඩා දරුවාගේ නුවණැස ආලෝකවත් කිරීමට පළමුව වෙහෙස මහන්සි වී ඒ සඳහා දරුවා යොමු කළ යුතු වන්නේ ද ආදරණිය මව්පිය දෙපළ විසිනි.

මනුෂ්‍යයා මෙ ලොවට බිහිවනුයේ යම් කුසලාකුසල ශක්තියක් ද දරා ගෙනය. එසේ බිහිවන මනුෂ්‍යයා දැඩි උත්සාහයෙන් ක්‍රියා කරන්නේ නම් කුසල් වර්ධනය කර ගත හැකිවාක් මෙන් ම අකුසල් ද මර්ධනය කළ හැකි වේ. ඊට වෙසෙසින්ම අවශ්‍ය වනුයේ උත්සාහය හා අධිෂ්ඨානය ම වේ.

ඇතැම් විට ආර්ථික වශයෙන් යම් යම් අපහසුතා ඇති මනුෂ්‍යයන් අප අතර නැත්තේ නොවේ. උපදින සියලු දෙනා කර්ම ශක්තියට අනුව එක හා සමාන නොවන බැවින් එවන් අසමානතා දක්නට ලැබීම ද පුදුමයට කරුණක් නොවේ.

සසර පුරා තම තමන් කරන ලද කර්මානුරූපව උපත ලැබීම ස්වභාවය යි. එහෙත් සසර යහපත් පුරුදුතා වර්ධනය කර ගැනීමට ක්‍රියාව මූලික වන හෙයින් අපේ ඇතැම් අපහසුතා මගහරවා ගැනීමට ද ක්‍රියාව මෙහෙය විය හැකිය. ඊට මූලික වනුයේ ඉහත කී අයුරෙන් උත්සාහය හා අධිෂ්ඨානය පමණි.

කවර ආර්ථික අපහසුතා මධ්‍යයේ වුවද, ඒ ආර්ථික අපහසුතා මගහරවා ගැනීමට සමාජයේ උසස් යැයි සම්මත ජීවිත ගත කිරීමට මග සලසා ගත යුත්තේ ද තමා විසින් මය.

වෙසෙසින් ම ජීවිතයේ කුඩා කාලය, ළමා කාලය අධ්‍යාපනය ලැබීමට වෙන් කර ඇති කාලය යි. ඒ කාලය තුළ දී උත්සාහයත්,අධිෂ්ඨානයත් ඒ ළමා කාලයට ඒකරාශි කර ගන්නේ නම් බොහෝ විට ආර්ථික අපහසුතා බාධාවක් කර නොගන්නේ නම් ඇති කරගත් උත්සාහයත්,අධිෂ්ඨානයත් නිසා ම තමා ලබන අධ්‍යාපනයෙන් ද උසස් ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව ලැබෙන බව අපේ සමාජ වට පිටාව ම ඕනෑ තරම් සාක්ෂි දරනු ලැබේ.

තමා ලබන අධ්‍යාපනය පිළිබඳ දැඩි විශ්වාසයෙන් කටයුතු කරමින් බාහිර අනවශ්‍ය කටයුතුවලින් වැළකී ක්‍රියා කරන්නේ නම් කවර අපහසුතා කෙසේ වුව ද උත්සාහයෙන් හා දැඩි අදිටනින් ක්‍රියාකරන විට අධ්‍යාපනයෙන් ද උසස් ප්‍රතිඵල ලබා ගැනීම ද අසීරු කරුණක් නොවනු ඇත.

එසේ අධ්‍යාපනයෙන් උසස් ප්‍රතිඵල ලබා ගැනීමෙන් එතෙක් පැවැති අහසුතා මගහරවා ගැනීමට ද එය මහත් ශක්තියක් වනු ඇත.

අධ්‍යාපනයෙන් එවන් උසස් දක්‍ෂතා පෙන්වන ලද දියණියකට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ජන සෙවණින් නව නිවසක් ද ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා අතින් පිරිනැමිණි. දුෂ්කරතා මධ්‍යයේ අධ්‍යාපනය ලබන දරුවන්ගේ උත්සාහයට එය ආශිර්වාදයක් වනු ඇත.

 

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි මස 25 වැනි දා සඳුදා පූර්ව භාග 01.59 ට ලබයි.
26 වැනිදා අඟහරුවාදා 01.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම, පෙබරවාරි මස 25 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
මාර්තු 04 වැනිදා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 25

Second Quarterඅව අටවක

මාර්තු 04

New Moonඅමාවක

මාර්තු 11

First Quarterපුර අටවක

මාර්තු 19


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]