UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හොරණ ඔලබොඩුව ජයවර්ධනාරාමයේදී පින්කම් මාලාවක්

හොරණ ඔලබොඩුව ජයවර්ධනාරාමයේදී පින්කම් මාලාවක්

1862 දී බොලබොටුවේ ශ්‍රී සුමංගල මාහිමියන්ගේ පුරෝගාමීත්වයෙන් අරුඹුණු ඔලබොඩුව ශ්‍රී ජයවර්ධනාරාම මහා විහාරයේ ඉතා පෞරාණික විහාර මන්දිරය නුවර යුගයේ කලා සම්ප්‍රදායන්ට අයත් සිතුවමින් සපිරි රජයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ සංරක්‍ෂණය වන්නකි. මෙහි ඇති ඉපැරණිතම විෂ්ණු දේව මන්දිරය මහානුභාව සම්පන්න ස්ථානයක් බව පැරැන්නන් පවසති. එනිසාම කොළඹ, කළුතර ආදී දුර බැහැර පෙදෙස්වලින් පවා ආශීර්වාදය ලබාගැනීමට බැතිමත්හු මේ පින්බිමට නිතරම පැමිණෙති.

වර්තමාන ඔලබොඩුව මහා විහාරාධිපති තලගල විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති, ප්‍රධාන කර්මස්ථානාචාර්ය උඩුවේ හේමාලෝක මා හිමියන් වහන්සේගේ අනුශාසනා පරිදි විහාරාධිකාරී ඔලබොඩුවේ ධම්මික හිමියන් මෙම ස්ථානයෙහි ක්‍රියාත්මක සියලුම ශාසනික කාර්යයන් මෙහෙයවීම මෙම පින්බිමෙහි සැදැහැවතුන් ලද ඉමහත් භාග්‍යයකි.

එසේම නැතිවීගෙන යන අපේ උත්තරීතර බෞද්ධ සම්ප්‍රදායන් රකිනුවස් ධාතු මන්දිරය තුළ හා පෞරාණික විෂ්ණු දේව මන්දිරය තුළ සතියක් පුරාවට දිනපතා තේවාවන් පවත්වනු ලබන අතර උඩරට පහතරට සබරගමු සම්ප්‍රදායයන් ඇතුළු අපේ සිංහල සංස්කෘතියෙන් පෝෂණය වුණු කලාංග රැසක් පෙරහර මංගල්‍යයේ දී එළි දකී. අතීත යහපත් සම්ප්‍රදායයන් සහ සිරිත් විරිත් රකිමින් ඒවා පිරිසුදු ලෙස වර්තමාන පරපුර හරහා අනාගතය වෙත ඉතිරි කිරීම මෙම පින්කම් මාලාවේ එක් වැදගත් පරමාර්ථයකි.

එම පරමාර්ථය ඉටුකරනුවස් මේ වසරේදීත් පෙබරවාරි මස 15 වන දින සති පිරිත් දේශනයෙන් පින්කම් මාලාව ඇරඹේ. 23 වන දින රාත්‍රියේ අලි ඇතුන් 25 කට අධික ප්‍රමාණයක් සහභාගී වන බුදු පෙරහර හා විෂ්ණු දේවාල පෙරහර සහිත රන්දෝලි පෙරහර වීථි සංචාරය කෙරේ.

 

නවම් පුර අටවක පෝය

නවම් පුර අටවක පෝය පෙබරවාරි මස 17 වැනි දා ඉරිදා අපරභාග 12.49 ට ලබයි.
18 වැනිදා සඳුදා අපරභාග 03.21 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 17 වැනි දා ඉරිදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 25 වැනිදා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 17

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 25

Second Quarterඅව අටවක

මාර්තු 04

New Moonඅමාවක

මාර්තු 11


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]