UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

උඳුවප් අව අටවක 2013 ජනවාරි 05 වන දා

නැවත හැරී බලමු

ව වසරක් උදා වී ගත වූයේ දින කීපයකි. ජීවිතයකින් තවත් වසරක් ගෙවි ගිය බව අපි කල්පනා කළ යුතු වෙමු. ගෙවී ගිය කාලය නැවත උදාකර ගත නොහැකි ය.

එසේ නම් ගෙවී ගිය වසරේ ජීවිතයෙන් මඟ හැරී ගිය කටයුතු මොනවාදැයි මොහොතක් කල්පනා කර බැලිය යුතු වැදගත් අවස්ථාවකි.

තමන්ගේ ජීවිතය දෙස ආපසු හැරී බලා තමන්ට සතුටු විය හැකි නම් ගත කළ යුත්තේ එබඳු ජීවිතයකි.

අතපසු වී ගිය, මඟ හැරී ගිය දේ ගැන සිත සිතා පසුතැවිලිවීමෙන් සෙතක් නොවනු ඇත.

අතපසු වූයේ කවර අඩුපාඩුදැයි විමසා බලා නැවත එබඳු අඩුපාඩු ලැබුවාවූ නව වසරේ මඟ හරවා ගත හැකිනම්, ඒ සඳහා අධිෂ්ඨානශීලීව කටයුතු කළ හැකි නම් තමාට අත්වන්නේ යහපතක්ම ය.

කාලය ගෙවී යන්නේ ඉතා වේගයෙනි. ගෙවි යන කාලය ජීවිතයකට නැවත කිසිදාක උදාකර ගත නොහැකි ය.

එහෙත් වටිනා කාලය ගෙවී යන බව බුද්ධිමත්ව සිතා කටයුතු කරන අය සමාජයේ විරල විය හැකි ය.

නව වසරක් උදා වූ පමණින් ම අපට සතුටු විය හැකිද? නව වසරේ සතුටෙන් දිවි ගෙවීමට නම් ගෙවී ගිය වසර දෙස ආපස්සට හැරී බැලිය යුතුම ය.

බොදුනුවකු වශයෙන් ගෙවී ගිය වසරේ සතර පොහොයටම පන්සලට ගොස් තෙරුවන් වැඳ පුදා ගැනීමට කටයුතු කළේ ද? නොඑසේ නම් අවම වශයෙන් පසළොස්වක පෝදාටවත් පන්සලට ගොස් ආගමික කටයුතු සඳහා සහභාගි වූයේ ද? ගෙවී ගිය දොළොස් පොහොයෙන් පෙහෙවස් සමාදන් වූ පොහොය ගණන කීයදැයි සිතා බැලිය යුතු ය.

මසකට වරක් උදාවන පුරපසළොස්වක පොහොය දින දොළහකින් වසරක් සමන්විත වේ. එබඳු පුර පසළොස්වක පොහොයදාකටවත් පන්සලට ගොස් පෙහෙවස් සමාදන් නොවූයේ නම් සැබැවින් ම තමන්ගේ ජීවිතය දෙස බලා සතුටු විය හැකිද?

බොහෝ බොදුනුවන් මසකට අයත් සතර පොහොයට ම හෝ පොහොය දින දෙකකටවත් නො එසේ නම් අවම වශයෙන් පුර පසළොස්වක පොහොය දාට නම් නොවරදවා පෙහෙවස් සමාදන්වීම සුලභ දසුනකි.

ජීවිතය පිළිබඳ යම් දැනුමක්, දහම පිළිබඳ යම් විශ්වාසයක්, ගෞරවයක් ඇති බොහෝ දෙනා විහාරස්ථානයට ගොස් තෙරුවන් පිදීම උතුම් චාරිත්‍රයක් බවට පත් කර ගෙන ඇති බව අපි දනිමු.

එහෙත් කලාතුරෙකින් හෝ තමන්ගේ ජීවිතය පිළිබඳව ආධ්‍යාත්මික වශයෙන් සතුටක් විඳිය නොහැකි නම්, උපන් නිසා ජීවත්වීම විනා එබඳු ජීවිතයකින් ඇති ඵලය කිම?

ආගමික වශයෙන් තම ජීවිතය පිළිබඳව කල්පනා කර ලබන සැනසීම වෙනත් කිසිදු අයුරකින් ලබා ගත නොහැකිමය.

පිනට නැඹුරු කළ සිත, හැම විටම සැනසීම ලබනු ඇත. එසේ නම් අප කළ යුත්තේ හැම විට ධර්මානුකූල ජීවිතයක් ගත කරමින් සැනසීම උදාකර ගැනීමය.

පින් දහම් හි නිරත වෙමින්, ගුණ දහම් කෙරෙහි ම සිත යොමු කිරීමෙන් ගත කළ ජීවිතය ගැන සිත සිතාම සතුටු විය හැකි ය.

එබැවින් දුර්ලභ මිනිසත් භවයක් ලබාගෙන ඇති නිසා මතු මත්තෙහි ද එම මිනිස් දිවියෙන් යහපත් අර්ථවත් ක්‍රියාම කළ යුතු වේ.

තමන්ට හෝ අනුනට අවැඩ ගෙන දෙන කටයුතු වලින් තමාට ම විඳීමට සිදු වනුයේ කටුක දුක් විපාකය.

තමා පසුපස එන සෙවනැල්ල සේ යහපත් ක්‍රියාවෙහිම යෙදීමට උත්සාහ කළ යුත්තේ ද තමාම ය.

ලැබුවාවු නව වසරේ, ජීවිතයෙන් ඉකුත් වසරේ සිදු වූ අඩුපාඩු මඟ හරවා ගෙන සාර්ථක ජීවිතයක්, එළඹී වසර පුරා ගත කිරීමට කල්පනා කරන්නේ නම් එය මේ වසරේ යහපත් අදිටනක් වනු ඇත. එසේ අදිටන් කර ගැනීමෙන් නොනැවතී ඒ සඳහා ක්‍රියා කිරීමෙන් උදා වූ වසර සාර්ථක කර ගැනීමට, දිවිමඟ සරු කර ගැනීමට යහපත් අදිටනක් ඇති කර ගනිමු.

 

උඳුවප් අව අටවක පෝය

උඳුවප් අව අටවක පෝය ජනවාරි මස 04 වැනි දා සිකුරාදා අපරභාග 09.54 ට ලබයි. 05 වැනි දා සෙනසුරාදා අපරභාග 08.48 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජනවාරි මස 05 වැනි දා සෙනසුරාදා ය.
මීළඟ පෝය
ජනවාරි මස 11 වැනිදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 05

New Moonඅමාවක

ජනවාරි 11

First Quarterපුර අටවක

ජනවාරි 18

Full Moonපසෙලාස්වක

ජනවාරි 26


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]