ගංගොඩවිල සෝම හිමි සමරුවට
වජිරඤාණ ධර්මායතනයේ දී පින්කම්
අපවත් වී වදාළ ගංගොඩවිල සෝම හිමියන්ගේ 9 වන වාර්ෂික ගුණ සමරුව
නිමිත්තෙන් මෙම 12 වන දා මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ දී පින්කම්
රැසක් පැවැත්වේ.
ඉතිරිය»
බුදුදහමෙන්
විද්‍යාවත් කලාවත් පෝෂණය වුණා
සිංහල සංස්කෘතිය හා එකට එක්ව තිබූ ආගම, කලාව හා සංස්කෘතිය ක්‍රමයෙන්
බටහිර ජාතීන් විසින් බිඳ දැමූ බව අප මීට පෙර කතා කළා. බටහිර ජාතීන්
මෙරට ආක්‍රමණය කළ පසුව අපේ ශක්තිමත් බැමි හැම අතින්ම බිඳ දැමුවා.
විශේෂයෙන්ම අපේ හෙළ කලාවන් විස්කම් දැක් වූ හෙළ තාක්‍ෂණයත් ආගමෙන් වෙන්
කිරීමට ඔවුන් උත්සාහ කළා. ඔවුන්ගේ එම උත්සාහය සාර්ථක වුණා. සිංහල
සභ්‍යත්වයේත් සංස්කෘතියේත් බිඳ වැටීම ඇරැඹුණේ එතැන් සිටයි.
ඉතිරිය»
ධර්ම දේශනාව:
විමසීමේ නිදහස
බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩවෙසෙන සමයෙහි මෙම
වීමංසක සූත්‍ර දේශනාව පැවැත්වූ සේක. මෙහි සඳහන් වන්නේ ලෝකයෙහි පහළ වූ
කිසිම ශාස්තෘවරයෙකු නො දෙසූ කරුණකි. එනම්, තමන්ගේ අඩු පාඩු ඇත්කම්
විමසා බලන ලෙස තම ශ්‍රාවකයන්ට පැවසීමයි. තථාගතයන් වහන්සේ ශ්‍රාවකයන්ට
එම පැවරීම කළ සේක. වීමංසකයෝ තුන් දෙනෙකි. එනම් අර්ථ වීමංසක, සංස්කාර
වීමංසක සහ ශාස්තෘ වීමංසක යනුවෙනි. අර්ථ වීමංසක නම් දහම් කරුණු පිළිබඳ
අර්ථ විමසීමයි. සංස්කාරයන් පිළිබඳ යථාවබෝධය ලබාගැනීම සඳහා විමසීම
සංස්කාර වීමංසක නමි. තම ශාස්තෘවරයන් වහන්සේගේ කාය වාග් ක්‍රියාවන්ගේ
නිරවද්‍යතාව විමසීම ශාස්තෘ වීමංසක නම් වේ.
ඉතිරිය»
සැහැල්ලු සිතට
මිලක් නැත
සාර්ථකත්වය සඳහා යන ගමනේදී
මානසික වෙහෙස නැතිනම් විඩාව මනුෂ්‍යයාට බාධකයකි. එහෙත් එය පසුබැසීමට
නොව
තව තවත් දිරිමත්වීමට ආශිර්වාදයක් කොට
සැලකිය යුතුය. බුදුදහම මානව කේන්ද්‍රීය
ධර්මයකි. එය මනැස මුල්කොට ගත්
දේශනාවකි. එබැවින් ඉහත තත්ත්වයන්ගෙන් මිදීම සඳහා උපදෙස් රාශියක්
එහි යෝජනා කර තිබේ.
ඉතිරිය»
|