UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මාතර බෝධියේ දම් දෙසුම්

මාතර බෝධි ආරක්‍ෂක සභාව ආරම්භ කර වසර 50 ක් සපිරීම නිමිතිකොට සිදුකරන ධර්ම දේශනා මාලාවක් මේ මස 03 වැනි දින සිට 16 වැනි දින දක්වා පැවැත්වේ.

ඉතිරිය»

ඉතාලියේ ප්‍රධාන සංඝ නායක පදවියෙන් පිදුම් ලබන දඹදෙණියේ ධම්මාරාම නා හිමි

ඉතාලියේ අගනුවර වන රෝමයේ පිහිටි ධර්මාශෝක විහාරාධිපති දඹදෙණියේ ධම්මාරාම මහා ස්ථවිරයන් වහන්සේ වර්තමාන තරුණ භික්ෂූන් අතර කැපී පෙනෙන දුර්ලභ ගණයේ ආදර්ශමත් චරිතයකි. පැවිද්දෙහි අගය මැනවින් වටහා ගැනීම හා එහි රසය ප්‍රායෝගික වශයෙන් භුක්ති විඳීමට වෑයම් කිරීම, වෙනත් ලෙසකින් කියතොත් වයසින් ලාබාල වුවත් ක්‍රියාත්මක වීමේදී මහල්ලෙකු වීම උන්වහන්සේ තුළ පවතින වැදගත් ලක්ෂණයකැයි නොමැළිව සඳහන් කළ යුතුය. ශ්‍රී ලංකාව නිදහස ලබන්නට ආසන්න වකවානුවේ වැඩ සිටි ශාසනමාමක, ජනහිතකාමී මහතෙරුන් වහන්සේලා සහ උන්වහන්සේලාගේ ඇවතුම් පැවතුම් සිහිගන්වන චරිතයක් සහ වැඩ පිළිවෙළක් උන්වහන්සේට හිමි වී තිබේ. කලට වෙලාවට දෛනික ශාසනික වත් පිළිවෙත් ඉටු කිරීමට මැනවින් පුරුදු වී සිටින උන්වහන්සේ ධර්මවිනය කෙරෙහි ගෞරව දක්වන්නේ ආධ්‍යාත්මික ගුණධර්මවලින් පොහොසත් වයෝවෘද්ධ මහතෙරනමකගේ විලාශයෙනි. විදේශගත ව සිටියද, පස්කම් රස නොඅඩුව ලබා ගැනීමේ පහසුකම තිබුණ ද, භික්ෂු ජීවිතය කෙළෙසා නො ගැනීමට නිසි සතිසම්ප්‍රජන්‍යයෙන් යුතු ව උන්වහන්සේ වග බලා ගනිති. එහෙයින් ම තම සුවපහසුව කෙරෙහි උපේක්ෂක ව සිටිති. දායකයන් විසින් පහසුවෙන් පෝෂණය කළ හැකි තෘප්තිමත් භික්ෂුවක් බවට පත්ව සිටිති.

ඉතිරිය»

ධර්ම දේශනාව:

පාපයෙන් වැළකෙමු

බුදුරදුන් හැම විටම දහමේ දි අනුශාසනා කරනු ලැබුවේ යහපත් මඟ ගමන් කරන ලෙසය. “ඉධ නන්දති පෙච්ච නන්දති” මෙලොව හා පරලොව ජීවිත සතුටු වන අන්දමේ ක්‍රියාවන් හෙවත් පින් දහම් සිදු කරන ලෙසත් එවැනි ක්‍රියාවන්හි නියුතු වීම මගින් මෙම සසර කතරින් එතෙර වීම සඳහා මහත් සේ උපකාරී වන බැව් උන්වහන්සේ මහා කරුණාවෙන් යුක්තව සියලු ලෝ වැසියන්ට මැනවින් පෙන්වා දී ඇත

ඉතිරිය»

හත්ථිකුච්ඡි මහා වෙහෙර අසිරිය

කුරුණෑගල ගල්ගමුව හරහා අනුරාධපුර මාර්ගයේ පැමිණ ගල්ගමුවෙන් හැරී රාජාංගණ මාර්ගයේ කි.මී. 4.8 ක් පමණ ගමන් කිරීමෙන් බොහෝ සේ නිස්කාන්සු වූ සිතට අපමණ සුවයක් ප්‍රදානය කරනා මනස්කාන්ත පරිසරයක පිහිටි ඓතිහාසික රාජාංගණයේ හත්තිකුච්ඡි නම් වූ වන සෙනසුන වෙත ලඟා විය හැකිය.අක්කර 300 ක පමණ පුළුල් වපසරියක විසිරී පැතිරී ඇති නටබුන් මතින් මෙහි වන ඓතිහාසික මෙන්ම ආගමික වටිනාකම මැනවින් හඳුනා ගැනීමට පුළුවන. ‘විසුද්ධිමග්ග පඨවි කසිණ නිද්දේස’ යේ සඳහන් වන්නේ ප්‍රාර්ථනීය වූද, ලෝක පූජිත වූද, පොදු ජනතාවගේ අසීමිත ගෞරවාදරයට භාජනය වූද දක්ඛිණගිරි,චේතියගිරි, හත්ථිකුච්ජි , චිත්තල පබ්බත යන විහාරස්ථාන එදවස ඉතා සුප්‍රසිද්ධියට පත්වූ ප්‍රධාන විහාර හතරක්ව පැවැති බවයි.

ඉතිරිය»

බෙල්ලන්විල රජ මහා විහාරයේ බිතු සිතුවමකි නිර්මාණ ශිල්පී - සොමබන්ධු විද්‍යාපති ඡායාරූපය - ජනක වෙත්තසිංහ

 

බිනර අව අටවක පෝය

බිනර අව අටවක පෝය ඔක්තෝබර් මස 08 වැනිදා සඳුදා පූර්වභාග 00. 04 ට ලබයි. 09 වැනිදා අඟහරුවාදා පූර්වභාග 01. 50 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ඔක්තෝබර් 08 වැනිදා සඳුදාය.
මීළඟ පෝය ඔක්තෝබර් 15 වැනිදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 08

New Moonඅමාවක

ඔක්තෝබර් 15

First Quarterපුර අටවක

ඔක්තෝබර් 22

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 29


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]