UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කතරගම කිරි වෙහෙර රාජ මහා විහාරයේ ඇසළ සති පිරිත් පින්කම

කතරගම කිරි වෙහෙර රාජ මහා විහාරයේ ඇසළ සති පිරිත් දේශනය මේ මස 23 වන දින සිට 30 වැනි දින දක්වා කතරගම කිරි වෙහෙර අභියසදී කතරගම කිරි වෙහෙර රාජ මහා විහාරාධිපති ඌව විශ්වවිද්‍යාලයේ කුලපති මහෝපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නා හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කැරේ.

එම පින්කම් මාලාවේ දෛනික වැඩසටහන් අතර දිනපතා හේවිසි වාදනය, කිරි වෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේට ගිලන්පස බුද්ධ පූජාව පැවැත්වීම, අෂ්ඨඵලරුක බෝධින් වහන්සේට ගිලන් පස බුද්ධ පූජාව, රුහුණු කතරගම මහා දේවාලයේ දී දෙවිඳුන් උදෙසා පුණ්‍යානුමෝදනාව පැවැත්වීම, නන්දෙසින් වැඩම කළ සංඝරත්නය උදෙසා ගිලන්පස පූජාව හා පිරිත් දේශනය පැවැත්වීම. පසුදින උදෑසන කිරි වෙහෙර චෛත්‍ය උදෙසා සහ සර්වඥධාතුන් උදෙසා පූජා පැවැත්වීම, දිවා බුද්ධ පූජාව පැවැත්වීම සහ සවස පිරිත් දේශනයට මහා සංඝයා වැඩම කිරීමද සිදු කැරේ.

මේ මස 29 වැනිදා දොරකඩ අනුශාසනය රෝහණ පාර්ශ්වයේ විධායක කාරක සභික කඹුරුපිටිය බෞද්ධ මධ්‍යස්ථානාධිපති නාරංදෙණියේ ධම්මාවාස නා හිමියන් විසිනි.

දොරකඩ අස්න අනුශාසනාවේ දේවදූත මෙහෙවර සිදුකරනු ලබන්නේ මාතර ශාන්ත තෝමස් විදුහලේ ඉගෙනුම ලබන පසිඳු වත්සර කුමරුවා විසිනි. දෛනික ආගමික කටයුතු මෙහෙයවනු ලබන්නේ කොබවන ධම්මින්ද හිමි, තලගල ඤානින්ද හිමි, මිද්දෙනියේ උදිත හිමි, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය, විද්‍යාපති පොලොන්නරුවේ වාචිස්සර හිමි, වරාපිටියේ රාහුල හිමි, සූරියවැව චන්දිම හිමි.

 

අසළ අමාවක පෝය

අසළ අමාවක පෝය ජුලි 18 වනදා බදාදා පූර්ව භාග 09.07 ට ලබයි.
19 වනදා බ්‍රහස්පතින්දා පුර්වභාග 09.53 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුලි 18 වනදා බදාදා ය.

මීළඟ පෝය
ජුලි 26 වන දා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූලි 18

First Quarterපුර අටවක

ජූලි 26

Full Moonපසෙලාස්වක

අගෝස්තු 01

Second Quarterඅව අටවක

අගෝස්තු 09

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]