UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

ඇසළ අමාවක 2012 ජූලි 18 වැනිදා

රියැදුරු දෑත

වාහනයක් හෙවත් රථයක් යනු මිනිසාගේ මොළය වෙහෙසවා කළ විස්මිත නිර්මාණයකි. එසේ කළ නිර්මාණය මිනිස් වර්ගයාගේ පහසුව වර්ධනය කරන්නකි. යහපත උදාකර දෙන්නකි.

වාහනය පදවන රියැදුරු වෙත පැවරෙන වගකීම් සමුදායක් වේ. එම වගකීම් සමුදාය නිසි අයුරෙන් අවබෝධ කර ගත රියැදුරෙකු වෙතින් රිය අනතුරක් සිදුවන්නේ නම් එය ඉතා කලාතුරෙකින් අවස්ථාවකය.

විනීතවත් බව, මනා සංවරය රියැදුරෙකු සතු මහඟු ගුණාංග අතර ප්‍රධාන තැනක් ගනී. අවිනීතවත් ලෙස හැසිරෙන ඇතැම් රියැදුරන්ගේ අකාරුණිකත්වය නිසාම මහ මඟ දී සිදුවන රිය අනතුරු පිළිබඳව දිනපතා මාධ්‍ය මඟින් තොරතුරු හෙළිදරව් වේ.

රිය පදවන රියැදුරු තැන පළමුව තමා පදවන රථය ආරක්‍ෂා කර ගත යුතුම වේ. රථය පදවන රියැදුරු තැන විසින් මොහොතක් මොහොතක් පාසාම රථයේ වේගය ක්‍ෂණිකවම පාලනය කරගත හැකි අයුරෙන් එම රථය පැදවිය යුතු වේ.

රථයක අධික වේගය පාලනය කරගත නොහැකි වූ විට ඒ මගින් සිදුවන අයහපත ගැන නිසි අවබෝධයක් තිබිය යුතුමය. රථයෙහි වේගය පාලනය කර ගත නොහැකිවීමෙන් රථයට වන හානිය සුළු පටු නොවේ. ඊටත් වඩා මහ මග පදවන අනෙකුත් වාහන වෙත ද ඒ වාහන තුළ ගමන් ගන්නා වටිනා ජීවිත ගැන ද මනා සිහියකින් යුක්තව තම කටයුත්ත සිදු කරන්නේ නම් මහ මග දී මරු දකින වටිනා ජීවිත තවත් බොහෝ කාලයක් ජීවත් කරගත හැකි වනු ඇත.

අගනා වටිනා වාහන, දේපළ කලක් ජීවත්වීමෙන් නැවත ලබා ගත හැකි වේ. එහෙන් වටිනා ජීවිතයකට මෙලොවින් සමුගැනීමට සිදුවුවහොත් එම ජීවිතයේ වටිනාකම් මිල කළ හැකිද? වන්දියක් ගෙවා හෝ ඒ ජීවිතයට ජීවිතයක් ලබා දිය හැකිද?

පැය ගණන් ගෙවා දින ගණනක් කායික විවේකයෙන් තොරව ඇතැම් රියැදුරන් රථය පදවනුයේ ගතට සිතට විවේකයක් පවා ලබා නොදෙමිනි.

එමෙන්ම තවත් සමහර රියැදුරකු ගතේ විඩාව දුරු කර ගැනීමේ අටියෙන් මත්වතුරට යොමු වී ඒ මතෙන්ම රිය පදවනු ලැබේ. ඒ මත්පැන් පානයෙහි ආදීනව ලෙස බොහෝ විට සුළු වේලාවකින් තමාට පමණක් නොව තම රථයට ද පමණක් නොව ඇතැම්විට මහ මග දෙපයින් ගමන් කරන මගියකුට හෝ වෙනත් රථයකට හෝ තවත් රථයක ගමන්ගන්නා වටිනා ජීවිත රැසක් මළ ගමක් කිරීමට සිදුවන බව මතට බර ඇතැම් රියැදුරන් මොහොතකටවත් නොසිතීම කනගාටුවට කරුණකි.

රියැදුරු වෘත්තිය වටිනාම වෘත්තියකි. එවැනි වටිනා වෘත්තියක ගෞරවය රැක ගත යුත්තේ ද රිය පදවන රියැදුරු තැන විසින්ම ය. වෘත්තියේ ගෞරවය මෙන්ම තම වටිනා ජීවිතයේ පැවැත්මට ද හානියක් නොවීමට වග බලා ගත යුත්තේ රියැදුරු තැන විසින්ම නම් ඒ බව අවබෝධ කර ගැනීමෙන් සමාජයට අකාලයේ අහිමිවන වටිනා ජීවිත හා දේපළ රැක ගැනීම අපහසු නොවනු ඇත.

දිවි පරදුවට තබා තවත් කෙනෙකු පරදා රථය පදවන රියැදුරු තැනගේ සවිබල අඩපණ කරවීමට ගතවන්නේ තත්පර කීපයක් වැනි සුළු කාලයක් යැයි ඔහු මොහොතකට හෝ කල්පනාවට ගන්නේ නම් සිදුවන රියඅනතුරු අවමය.

මහ මග ගමන් කරන්නේ තමන් පමණක් යැයි සිතා ඉවසීමෙන් හා සංයමයෙන් බැහැරව රථ පැදවීම නිසා අකාලයේ මියයන සමාජයේ වටිනා ජීවිත පිළිබඳ මොහොතක් කාරුණිකව සිතා බැලීම රිය අනතුරු වළක්වා ගත හැකි සිතිවිල්ලකි.

මහ මඟ පොදුය. එහි අනෙකුත් රථ වාහනවලට මෙන්ම මඟියාට ද ගමන් කිරීමට ඇති අයිතියට බාධා කළ යුතු නොවේ. සමාජයේ එකිනෙකාට ගෞරව කිරීමේ උදාර සිරිතට ගෞරව කිරීමට පුරුදු පුහුණු විය යුතු වේ.

නීති ගරුකවීමත්, විනයගරුක වීමත් සියලු දෙනාගේ වගකීම වේ. එබැවින් නීතිගරුක විනීත රියැදුරු තැන අනෙකාගේ ජීවිත සුරැකීමට ද ඇප කැප වේ. මඟ කෙතරම් පුළුල්ව තිබුණද තමාගේ ජීවිතය හා සමානව සමාජයේ අනෙක් තැනැත්තාගේත් ජීවිතය දෙසත් බුද්ධිමත්ව සිතා රිය පදවන රියැදුරු තැන කල්පනාකාරී විය යුතුව ඇත. එවිට නීතිගරුක හා විනයගරුක රියැදුරු දෑතට හැමදාමත් සමාජය ගුණ කියනු ඇත.

 

අසළ අමාවක පෝය

අසළ අමාවක පෝය ජුලි 18 වනදා බදාදා පූර්ව භාග 09.07 ට ලබයි.
19 වනදා බ්‍රහස්පතින්දා පුර්වභාග 09.53 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුලි 18 වනදා බදාදා ය.

මීළඟ පෝය
ජුලි 26 වන දා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූලි 18

First Quarterපුර අටවක

ජූලි 26

Full Moonපසෙලාස්වක

අගෝස්තු 01

Second Quarterඅව අටවක

අගෝස්තු 09

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]