UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කතරගම මහ දේවාලයේ ඇසළ මහා පෙරහර

ඓතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ ඇසළ මහා පෙරහර ජුලි මස 19 දින ඇරඹෙයි. පෞරාණික චාරිත්‍ර පුද සිරිත් වලට මුල් තැනක් දෙමින් උඩරට පහතරට සබරගමුව හා රුහුණු ප්‍රදේශයට ආවේණික නැටුම්වලින් ද අලි ඇතුන්ගෙන් ද යුතුව ඉතාමත් අලංකාර ලෙස එය පැවැත්වීමට ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා කටයුතු සම්පාදනය කර ඇත.

පළමු දින (19) පෙරහර මංගල පෙරහර යනුවෙන් හැඳින්වේ. මෙදින පෙරහර මහා දේවාලයෙන් ආරම්භ වී ගණ දේවාලය කිරි විහාරය ඉදිරිපිටින් අෂ්ඨඵල බෝධීන් වහන්සේ ප්‍රදක්‍ෂිණා කර මහා වාසල් දොරටුවෙන් මහාවීදියට පිවිසේ.

එම වීදියේ ශ්‍රී අභිනවාරාමය ඉදිරිපිටින් පෙරහර ගමන් කර වල්ලි අම්මා දේවාලයට පැමිණේ. එම දේවාලයේදී පෞරාණික චාරිත්‍ර පුද සිරිත් ඉටු කිරීමෙන් පසුව පෙරහර යලිත් එම වීදියේම ගමන් කර මහා දේවාලයට ගෙවදීම සිදු කෙරේ.

ජූලි මස 20 දින (2 වන පෙරහරේ) සිට පෙරහර මහා දේවාලයෙන් ආරම්භවී මහා වාසල් දොරටුවෙන් පිටවීදියට පිවිස එම වීදියේ ගමන් කර වල්ලි අම්මා දේවාලයට පැමිණේ. එම දේවාලයේදී පෞරාණික චාරිත්‍ර පුද සිරිත් ඉටු කිරීමෙන් පසුව පෙරහර මහා වීදියේ ගමන් කර මහා දේවාලයට ගෙවදිනු ඇත. පෙරහර 5ක් මහා වීදියේ හා පිටවීදියේ ගමන් කරනු ලැබේ. ජූලි මස 24 දිනට යෙදෙන 6 වන පෙරහර ඇසළ පෙරහරේ පෞරාණික චාරිත්‍ර රැසක් ඉටු කරන ඉතාමත් වැදගත් දිනයකි.

මෙදින මහා දේවාලය ඉදිරිපිට ඇති අතුපන්දලමට අලුතින් අතු දමා සකස් කිරීම.

දුටුගැමුණු රජතුමාගේ කඩොල් ඇතාගේ දළ දෙක කතරගම මහා දේවාලයේ දේවාලය තිරය දෙපස මණ්ඩපයේ තැන්පත් කිරීම. බස්නායක නිලමේ තුමාගේ නිල නිවසේ මහා සංඝරත්නය වෙනුවෙන් දහවල් දානය පිරිනැමීම. පෞරාණික චාරිත්‍රානුකූලව බස්නායක නිලමේතුමා ඇසළ පෙරහරේ ගමන් ඇරඹීම. මෙදින සිට රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා ඇසළ පෙරහරේ ගමන් කරයි. ජුලි මස 29 දින මහා දේවාලය ඉදිරිපිට මහාවීදියේ ගිනි පෑගීම සිදු කෙරේ.

අගෝස්තු මස 01 දින අවසාන ඇසළ මහා පෙරහර පැවැත්වෙන අතර අගෝස්තු මස 02 දින මැණික් ගඟේ දිය කැපීමෙන් පෙරහර කටයුතු අවසන් වෙයි. පෙරහර ගමන් කරණ වීදි සුදුවැලි අතුරා ෂඩ්වර්ණ විදුලි බුබුළුවලින් ආලෝකමත් කර ඇත.

පුද බිමට ඇසළ උත්සව සමයේ පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සැලැසීමට මොණරාගල දිසා ලේකම් කතරගම ඇසළ උත්සව කඳවුරු භාර නිලධාරි ඒ. පතිනාදන් (පතිනාදන) මහතා කතරගම ප්‍රාදේශීය ලේකම් – ටී. බී. එම්. අතපත්තු මහතා රාජ්‍ය හා පෞද්ගලික ස්වේච්ඡා ආයතනවල සහයෝගය ඇතිව කටයුතු සැලසුම් කර ඇත. -

 

අසළ අමාවක පෝය

අසළ අමාවක පෝය ජුලි 18 වනදා බදාදා පූර්ව භාග 09.07 ට ලබයි.
19 වනදා බ්‍රහස්පතින්දා පුර්වභාග 09.53 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුලි 18 වනදා බදාදා ය.

මීළඟ පෝය
ජුලි 26 වන දා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූලි 18

First Quarterපුර අටවක

ජූලි 26

Full Moonපසෙලාස්වක

අගෝස්තු 01

Second Quarterඅව අටවක

අගෝස්තු 09

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]