UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

වයස 47 වියැති අයෙකුට “බී පොසිටිව්” හෝ “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍යයි, පරිත්‍යාගශීලී අය වෙතොත් පහත දුරකථන අංකයන්ට අමතන ලෙස ඉල්ලා සිටියි. දු. අංක. 011 – 2948007, 071 4021001


දෙහිවල සුදර්ශන පාරේ අංක 9 සී 1/1 දරන ස්ථානයේ පදිංචි පි‍්‍රයංකා නානායක්කාර මහත්මිය ස්නායු දුර්වලවීමේ රෝගී තත්ත්වය මත කලක පටන් ඇවිදීමට නොහැකිව දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටින්නීය. කොළඹ ලංකා රෝහලේ විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ නිගමනය වන්නේ ශල්‍ය කර්මයක් කළයුතු බවයි. ඒ සඳහා රු. ලක්‍ෂ තුනක් වැය වන අතර එම මුදල සපයා ගැන්ම ඔවුන්ට මහත් දුෂ්කරතාවක් වී තිබේ. එබැවින් ඒ සඳහා මූල්‍යාධාර පි‍්‍රයංකා නානායක්කාර නමින් දෙහිවල සම්පත් බැංකු ශාඛාවේ අරඹා ඇති අංක 101754048114 දරන ගිණුමට යොමු කරන ලෙස කාරුණික ඉල්ලීමක් කෙරේ. අංක 077 – 3070025 දුරකථන අංකයෙන් වැඩි විස්තර ලබා ගත හැකි ය.


අළුබෝමුල්ල ජනපි‍්‍රය මාවත, අංක 60 ඊ නිවසෙහි පදිංචි සුමනසිරි කළුබෝවිල මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙයි. ඒ මහතාට වකුගඩුවක් බද්ධ කළ යුතු බව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය ඒ.එල්.එම්. නසාර් මහතා පවසයි. ඒ සඳහා බී පොසිටිව් හෝ ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍යව ඇත. ඒ සඳහා යම් පරිත්‍යාගශිලියෙකු වේ නම් පහත දුරකතන අංකවලට දන්වන ලෙස ඉල්ලා සිටියි. 077 – 6711725, 077 5975137, 071 4016658.


ටී.බී.එස්.කේ පීරිස් යන අයගේ වකුගඩු අකර්මන්‍ය වීම නිසා දැනට මාලිගාවත්ත රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී. විශේෂඥ වෛද්‍ය සන්ධ්‍යා එම්. සෙනෙවිරත්න මහත්මියගේ උපදෙස් පරිදි වහාම ඔහුට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතුව ඇත. ඒ සඳහා යම් පරිත්‍යාගශීලියෙකු වේ නම් ඉදිරිපත් වන ලෙස ඉල්ලා සිටියි. මේ සඳහා යම් මුදල් ආධාරයක් කිරීමට බලාපොරොත්තු වේ නම්, කොටිකාවත්ත කොමර්ෂල් බැංකුවේ ගිණුම් අංක 8119002966 වන ගිණුමට මුදල් ආධාර බැර කළ හැකි ය. වැඩි විස්තර සඳහා 011 5724071, 077 3694800, 071 2772532 දුරකතන වලට අමතන ලෙස ඉල්ලා සිටියි.


“ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කර තම පියාණන්ගේ ජීවිතය බේරා දෙන්න යැයි ඉල්ලීමක් කෙරේ. දුරකථන අංක 071 5230206, 0778369750 සම්පත් බැංකුවේ අංක, 1143 53865837 දරන ගිණුමට මුදල් ආධාර ලබා දෙන්න.


අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගියකුට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍යව ඇත. දුරකතන අංක 077 8369750 දැනුම් දෙන්න. සම්පත් බැංකුවේ 114353865837 ගිණුම් අංකයට ඔබේ මුදල් බැර කරන්න යැයි ඉල්ලා සිටී.


රුවන්වැල්ල, අඟුරුවැල්ලේ පදිංචි හතළිස් හැවිරිදි ඒ.පී.එස්. අතුකෝරළ වකුගඩු අක්‍රීය වීමේ රෝගයකින් පෙළෙන බැවින් “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවට මහනුවර මහා රෝහලේ විශේෂඥ වෛද්‍ය ඒ.ඩබ්.එම්.වසීල් මහතා ප්‍රකාශ කරයි. එබැවින් වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති යම් පරිත්‍යාගශීලියෙකු වේ නම් දුරකථන අංකයකට අමතන්න. මුදලින් සහයෝගය දැක්වීමට කැමැති නම්, පහත සඳහන් ගිණුමකට මුදල් තැන්පත් කරන ලෙසද ඉල්ලා සිටියි.

දුරකථන – 071 8300889, 071 8047900, 071 8498509, ගිණුම් අංකය – 000000025883 සණස සංවර්ධන බැංකුව, රුවන්වැල්ල / 71302713 ලංකා බැංකුව, රුවන්වැල්ල.

 

ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 03 වන දා අඟහරුවාදා පූර්ව භාග 03.23 ට ලබයි.
4 වන දා බදාදා පූර්ව භාග 00.25 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 03 වන දා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජූලි 11 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 03

Second Quarterඅව අටවක

ජූලි 11

New Moonඅමාවක

ජූලි 18

First Quarterපුර අටවක

ජූලි 26


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]