UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

උඩරට අමරපුර නිකායේ උපසම්පදාව ජූනි 29, 30

උඩරට අමරපුර නිකායේ ශාසන ජෝතිකා කාරක සංඝ සභාවේ වාර්ෂික (2012) උපසම්පදා විනය කර්මය ජූනි 29, 30 දින වලදී ගන්නෝරුව වරාතැන්න හක්කිද සිරිමහ බෝධි උදකුක්ඛේප සීමාමාලකයේ දී සිදුකරන බව නිකායේ අනුනායක හිමි ප්‍රමුඛ කාරක මහා සංඝ සභාවේ ලේඛකාධිකාරීන් වන ශාස්ත්‍රපති යටිනුවර සුමන, පණ්ඩිතාචාර්ය වත්තේගම, ධම්මාවාස හිමි විසින් නිකුත් කර තිබෙන නිවේදනයකින් ප්‍රකාශයට පත් කර ඇත.

අග්ගමහා පණ්ඩිත තෙරිපැහ සෝමානන්ද, මහානාහිමි අනුනායක සාහිත්‍යාචාර්ය පණ්ඩිත අත්තරගම වජිරජෝති නා හිමි දෙනමගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙන විනය කර්ම කටයුතු සම්බන්ධවත්, ලේඛකාධිකාරී හිමිවරු දෙනමගේ ප්‍රධානත්වයෙන් මහනුවර පොත්ගුල් විහාරයේ දී පවත්වන ලද සාකච්ඡාවකදී උපසම්පදා දිනයන් සම්බන්ධව තීරණයකට පත්විය.

උපසම්පදා අපේක්‍ෂකයින්ගේ ඉල්ලුම්පත් ජූනි 15 ප්‍රථම ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ අතර ජූනි 22, 23 දිනවල පෙරහුරුව සහ ජූනි 24 ලිඛිත පරීක්‍ෂණ, පූජාපිටිය දොළපිහිල්ල මහා පබ්බතාරාමයේ දී පැවැත්වීමට නියමිතව තිබුණි. උපසම්පදා විනය කර්ම සම්බන්ධව දායකත්වය සිරිමහ බෝ පදනම මඟින් දරනු ඇත.

 

ඇසළ පුර අටවක පෝය

ඇසළ පුර අටවක පෝය ජූනි මස 26 වන දා අඟහරුවාදා අපර භාග 09.46 ට ලබයි.
27 වන දා බදාදා අපර භාග 08.04 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි මස 27 වන දා බදාදා ය.

මීළඟ පෝය
ජූලි 03 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 27

Full Moonපසෙලාස්වක

ජූලි 03

Second Quarterඅව අටවක

ජූලි 11

New Moonඅමාවක

ජූලි 18


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]