UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය


දිවියාගහ යසස්සි නා හිමි, බළංගොඩ සෝභිත නා හිමියන් ඇතුළු වැඩම කළ සම්භාවනීය සඟරුවන

සාමණේර ස්වාමීන් වහන්සේලාගෙන් කොටසක්..... ආනන්දයේ සිසුන් ද මෙහි වෙති.

සාමණේර ස්වාමීන් වහන්සේලාගේන් කොටසක්..... ආනන්දයේ සිසුන්ද මෙහි වෙති.

අතපත්තුකන්දේ ආනන්ද හිමියන්ට උපහාර පුදමින්....

අධ්‍යාපන අමාත්‍යතුමන් සහ ආනන්ද විදුහල්පතිතුමන් ඇතුළු පිරිස පළමුව බුදුන් පුදමින්.... අතපත්තුකන්දේ ආනන්ද හිමියන් හා හඟුරන්කෙත චන්දරතන හිමියෝ ද මෙහි වෙති.

සාමණේර ස්වාමීන් වහන්සේට අධ්‍යාපන ආමත්‍යතුමා විසින් ශබ්ද කෝෂය පූජා කළ අවස්ථාව

අද හැදෙන වැඩෙන දරුවා නැණ නුවණින් මෙන් ම ගුණ දහමෙන් ද පෝෂණය කළහොත් අනාගතයේ වැඩිහිටියකු ලෙස සමාජයට පිවිසෙන ඔහු තුළින් වඩාත් සංවේදී වූ ශිෂ්ට ලක්‍ෂණ දක්නට හැකිවීම අසීරු නොවනු ඇත. එසේ බලන විට සමාජ සාරධර්ම පෝෂණයෙහිලා මෙන්ම සංවර්ධනයෙහිලා පාසලකට පැවරෙන යුතුකම කෙතරම් ද යන්න කල්පනාවට ගත හැකි වේ.

දැයක් පුබුදු කළ කොළඹ ආනන්ද විද්‍යාලය මේ වන විට ශත වර්ෂ එකකුත් දශක දෙක හමාරක් ඉක්ම වූ ඉතිහාසයකට උරුමකම් කියයි. ගෙවීගිය ඒ ඉතිහාසය සාඩම්බර මෙන්ම නිහතමානී වූවද ප්‍රෞඪවූද කීර්තිමත් වූද එකකි. එදා එහි ආරම්භය සිදු වන්නේ ද ජාතික හා ආගමික අවශ්‍යතාවයන් මතමය. කොළඹ ආනන්ද විද්‍යාලය නම් වූ අද්විතීය සිංහල බෞද්ධ අධ්‍යාපන ආයතනයෙහි වංශ කතාව ගිහි පැවිදි උතුමන් රැසක් පිළිබඳ තොරතුරු අනාවරණය කරයි. ඔවුහු ආනන්ද පුරෝගාමීන් ලෙස ආනන්ද විදුහල් මාතාව ඔවුන්ගේ උදාර මෙහෙය වසරෙන් වසර ඉතා ගෞරවයෙන් මෙන්ම භක්තියෙන් ද සිහිපත් කරති.

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් කොළඹ ආනන්ද විද්‍යාලය වසර පුරා විවිධ වැඩසටහන් රැසක් සිදු කරන ලදී. එහි සමාප්ති සැමරුම් උත්සවය ඉකුත් දා (07) අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ හා පූජනීය මහ සඟරුවන සහභාගීත්වයෙන් ආනන්ද විද්‍යාලයේ දී පැවැත්විණි. එහිදී බොදු සිරිත් විරිත් ඇතුළත් කුඩා පුස්තකයක් මෙරට සියලු පාසල් වෙත බෙදා දීමත් සාමණේර භික්‍ෂූන් වහන්සේලා උදෙසා සිංහල ඉංගී‍්‍රසි ශබ්දකෝෂ සියයක් පූජා කිරීමත් එදින සිදු කැරිණි.

ඒ පිළිබඳව, ආනන්ද විදුහල්පති එල්.එම්.බී. ධර්මසේන මහතා ‘බුදුසරණට’ දැක් වූ අදහස් මෙසේ ය.

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති වසර නිමිත්තෙන් ආනන්ද විද්‍යාලය පූජනීය මහ සඟරුවනෙහි අනුශාසනා පරිදි කටයුතු රැසක් සිදුකළා. පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහිතව තෛ‍්‍රනිකායික පූජනීය සම්භාවනීය මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලා එකසිය විසි පස් නමක් ආනන්ද විදුහලට වැඩම කරවා සපිරිකර සංඝගත දක්‍ෂිණාවක් පූජා කළා. 2600 සම්බුද්ධත්ව ජයන්තිය හා ආනන්දයේ 125 වන සංවත්සරයට සමගාමීව එය සිදුකළා. එය විද්‍යාලීය ධර්මාචාර්ය ස්වාමීන් වහන්සේලා මව්පියවරුන් ආදි ශිෂ්‍යයන්, ආනන්දයේ පුතුන්, ආචාර්ය මණ්ඩලය සුබ පතන්නන් ආදී සියලු දෙනා ඒකරාශී වී ඉටු කළා.

2600 සම්බුද්ධත්ව ජයන්ති වසරේ දී සීල සමාදාන පින්කම්, විචිත්‍ර ධර්ම දේශන ආදිය මෙන්ම සම්බුද්ධත්ව ජයන්ති ලාංඡනයක් ආනන්දයේ පුතුන් වෙනුවෙන් නිකුත් කළා.

සම්බුදු දහමට අදාළව තම තමන්ගේ ප්‍රායෝගික ජීවිතය වඩාත් යහගුණ පිරි ජීවිතයක් බවට පත් කර ගැනීමට මහෝපකාරී වන කුඩා පුස්තකයක් ලංකාවේ සියලුම පාසල්වලට බෙදා හැරියා. අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සියලු කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන් වෙත තම තමන්ගේ පාසල් සංඛ්‍යාව අනුව එය බෙදා හැරියා.

ඒ සමග සාමණේර ස්වාමීන් වහන්සේලා සියක් නමක් වෙත සිංහල, ඉංගී‍්‍රසි ශබ්දකෝෂ පූජා කළා. සම්බුදු දහම ලොවට අත්‍යවශ්‍ය යුගයක් වන හෙයින් අපේ රටේ අධ්‍යාපනය ලබන සාමණේර ස්වාමීන් වහන්සේලා ඉංගී‍්‍රසි දැනුමෙන් පෝෂණය වීමත් අත්‍යවශ්‍යය. ඊට ධෛර්ය දීමේ උදාර අරමුණෙන් ඒ පූජාව සිදු කළේ. උන්වහන්සේලාට චීවර පූජාවක් ආචාර්ය මණ්ඩලයේ අනුග්‍රහයෙන් සිදු කළා. විද්‍යාලයේ එවකට ධර්මාචාර්ය අතපත්තු කන්දේ ආනන්ද ස්වාමීන් වහන්සේ සම්බුද්ධත්ව ජයන්ති පින්කම් මාලාවට මූලික අනුශාසකත්වය සැපයුවා. උන්වහන්සේ නොබෝ දා ඉසුඹු ලැබුවා. කළගුණ සැලකීම උදාර ගුණයක් නිසාම අප ඒ අවස්ථාව ඒ සඳහා ද යොදා ගනු ලැබුවා.

සම්බුද්ධත්ව ජයන්ති වසර නිමිත්තෙන් සමස්ත රටම බොදුවත් පිළිවෙත් පුරමින් මහත් ආගමික ප්‍රබෝධයක් උදා වූ කාලයකි. ආනන්දයේ වගකීම හා යුතුකම බෞද්ධ පාසලක් ලෙස සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් ඉටු කළා යැයි සතුටු වෙනවා.

ආනන්ද විද්‍යාලයේ සමස්ත ආචාර්ය මණ්ඩලය මේ සඳහා ඉතා කැපවීමක් කළා. නියෝජ්‍ය විදුහල්පතිවරු, සහකාර විදුහල්පතිවරු, රවීන්ද්‍ර දෙමටදෙණිය මහතා ඇතුළු ගුරු සුහද සංගමය, අංශ ප්‍රධාන, පන්තිභාර, ශ්‍රේණිභාර සමස්ත ආචාර්ය මණ්ඩලය දිවා රෑ වෙහෙසී කටයුතු කළා. ආනන්ද බෞද්ධ සංගමය, තර්කන කුලතුංග පුතා ඇතුළු ශිෂ්‍ය විධායක මණ්ඩලය, තිලක් කරුණාරත්න මහතා ඇතුළු ආදි ආනන්දීය ශිෂ්‍ය සංගමය පාසල් සංවර්ධන සමිතිය ඊට සහාය හා ධෛර්ය ලබා දුන්නා. අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමා, නියෝජ්‍ය අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මැතිතුමා අමාත්‍යාංශයේ ලේකම් තුමා, සාරධර්ම අංශයේ අධ්‍යක්‍ෂකතුමා, පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂකතුමා, කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂකතුමා අවට පාසල්වල විදුහල්පතිවරු සුබ පතන්නන්, ආදි ශිෂ්‍යයන්, විශේෂයෙන් ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ලබාදුන් සහාය සිහිපත් කරන අතර දැයට දැනෙන යමක් කිරීමේ ශක්තිය ආනන්දයට ලැබුණු බවට මා විශ්වාස කරනවා.

දැවෙන තැවෙන සිතට සෙත ශාන්තිය අත්‍යවශ්‍යයි. ඊට බුදුදහමෙන් ලැබෙන පිටු බලය කියා නිම කළ නොහැකියි. මානසික ආතතියෙන් ඈත් වී මතක ශක්තිය ඇතිකර ගැනීමට හීන මානයෙන් ඉවත්ව ආත්ම ධෛර්ය අභිමානය ඇති කර ගැනීමට සදහම් මග අත්වැලක් කරගත හැකියි.

ජීවිතයක් හැකිතාක් ගුණ දහමින් පෝෂණය කර ගනිමින් සොබාදහම හා පරිසරය සමග ජීවත් වී රට දැය සමයට මෙහෙවර කිරීමට අදිටන් කර ගත යුතු ය. කරුණාව, දයාව ආදී යහගුණ ළමා මනසෙහි වර්ධනය කරමින් යහපත් හෙට දිනක් වෙනුවෙන් ඔවුන්ගේ නැණ ගුණ වැඩීමට නිසි මඟ පෙන්වාදීම කාලෝචිත බවද ආනන්ද විදුහල්පති එල්.එම්. ඩී. ධර්මසේන මහතා පැවසීය.

 

 

 

 

 

 

ඇසළ පුර අටවක පෝය

ඇසළ පුර අටවක පෝය ජූනි මස 26 වන දා අඟහරුවාදා අපර භාග 09.46 ට ලබයි.
27 වන දා බදාදා අපර භාග 08.04 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි මස 27 වන දා බදාදා ය.

මීළඟ පෝය
ජූලි 03 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 27

Full Moonපසෙලාස්වක

ජූලි 03

Second Quarterඅව අටවක

ජූලි 11

New Moonඅමාවක

ජූලි 18


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]