UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රශ්නය
සත් හැවිරිදි වියෙහි දීම සාමණේර නමක් බුදුරජාණන් වහන්සේ විසින් අසන ලද ප්‍රශ්න දහයකට පිළිතුරු සපයා තම උපසම්පදාව ලබා ගත්තේය. සාමණේරයන් වහන්සේගේ නම කුමක්ද? අසන ලද ප්‍රශ්න දහයෙන් පළමුවැන්න කුමක්ද?

පිළිතුර
සෝපාක නම් සාමණේරයන් වහන්සේ පිළිතුරු දුන් ප්‍රශ්න දහයෙන් පළමුවැන්න (ඒක නාමකිං) යන ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් “සියලු සත්වයෝ ආහාරයෙන් ජීවත් වෙති. (සබ්බේසත්තා ආහාරට්ඨිතිකා) යන පිළිතුරු දෙනු ලැබිණ. මෙහිදී ආහාර යන්නෙන් අදහස් කළේ ශරීර පැවැත්ම සඳහා ලබා ගන්නා කබලිංකාර ආහාර පමණක් නොව “ඵස්ස ආහාර – මනො සංචෙතනා ආහාර විඤ්ඤාණ ආහාර යන තුන ද ඇතුළත් වෙයි.

ප්‍රශ්නය
බුදු දහමට ගෘහපති ආර්යශ්‍රාවකයාගේ ආර්ය මාර්ගය “ නිහීයති තස්ස යසො කාලපක්ඛෙව චන්දිමා “ (කළුවර කෘෂ්ණ පක්‍ෂයෙහි චන්ද්‍රයා) මෙන් කීර්තියෙන් නොපිරිහී “සුක්ඛ පක්ඛෙව චන්දිමා “ ශුක්ල (පුරපක්‍ෂ) පක්‍ෂයෙහි චන්ද්‍රයාමෙන් අභිවෘද්ධියට ගමන් කළ යුතුයි. සිගාලක සිටු පුත්‍රයාට බුදුරාජණන් වහන්සේ වදාළ (යො ධම්මං අතිවත්තති) සත්‍ය ධර්මය නොඉක්මවන මාර්ගය පැහැදිලි කරන්න.

පිළිතුරු
සූත්‍රාගත පාඨයන්ට අනුව ඉමෙහි චතූහි ඨානෙහි පාපං කම්ම නකරෝතීති” යනුවේ. ස්ථාන (පැවතුම්) සතරකින් වැළකී අගතියට නොයා සුගති ගාමි විය යුතුය. එම ස්ථාන හතර නම්

ගහපති පුත්ත අරියසාවකො ආර්යශ්‍රාවක ගෘහපති පුත්‍රය.

න චන්දගතිං ගච්ඡති – චන්දයෙන් (කැමැත්තෙන්)
න දොසා ගතිං ගච්ඡති – ද්වේෂයෙන්
න මෝහා ගතිං චච්ඡන්ති ( මුළාවෙන්)

යුක්ති ධර්මය නොඉයික්මවයිද ඔහුගේ ගුණාපෝෂණය සහ කීර්තිය පරිවාර සම්පත්තිය පුර පක්‍ෂයෙහි චන්ද්‍රයාමෙන් ක්‍රමයෙන් සම්පූර්ණවෙයි.

ප්‍රශ්නය
බුදු දහමට අනුව මදයෙන් මත්වීම සදාචාරයට මෙන්ම දෙලොවටම අහිතකර ක්‍රියාවකි. එවන් මදයන් (මත්වීම්) තුනක් පිළිබඳව දේශනා පාලියෙහි දක්නට ලැබේ. ඒ මොනවාද?

පිළිතුර
දී.නි. සංගීති සූත්‍ර

1.නීරෝගි බව නිසා උපදනා උඩඟුකම (ආරෝග්‍ය මදය)

2.තරුණකම නිසා උපදනා උඩඟුකම (යෞවන මදය)

3.ආයු කාලය බොහෝ වීම හා සැපවත්ව ගත කිරීම නිසා ඇතිවන උඩඟුකම (ජීවිත මදය)

ප්‍රශ්නය
බුදුරජාණන් වහන්සේගේ ‘අකු ධාතුව’ තැන්පත්කොට ශ්‍රී ලංකාදීපයෙහි ස්ථූපයක් කළ බව වංශකථාවල සඳහන් වෙයි. මෙම ස්ථූපය කුමක්ද? එය කරවූ රජතුමා කවුරුන්ද?

පිළිතුර
අනුරාධපුර ථූපරාම ස්ථූපය බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුධාතුව තැන්පත් කර දෙවන පෑතිස් මහරජතුමා විසින් කරවන ලද්දකි.

ප්‍රශ්නය
බුදු දහමට අනුව අඹුසැමි සබඳතාවයේ ආරම්භය විවාහයයි. එහිදී ස්වාමිපුරුෂයා හා සමඟ සබැඳියාව මත ස්වාමි දියණියන් වර්ග කීපයකි. දහමෙහි සඳහන් වන එම භාර්යාවරු නාමිකව සඳහන් කරන්න.

පිළිතුර
වධක භාර්යාව – ආර්ය භාර්යාව
භගිනි භාර්යාව - දාසී භාර්යාව
චොර භාර්යාව – මාතු භාර්යාව
හා සඛී භාර්යාවයි.

ප්‍රශ්නය
තමන්ට අවසාන භෝජනය පිරිනැමූ සැදැහැති දායකයා කෙරෙහි බුදුරජාණන් වහන්සේ දැක්වූ කරුණාව කෙසේ දැයි පැහැදිලි කරන්න.

පිළිතුර
කුකුත්තා නදියෙන් අවසන් වරට පැන් සැනැහුන බුදුරජාණන් වහන්සේ කෙටි විවේකයෙන් පසුව ආනන්ද හිමියන්ට මෙසේ වදාළහ.

ආනන්ද කිසිවෙකු “චුන්දකම්මාර පුත්‍රයා” තුළ සංවේගය හා පසුතැවීම ඇතිකරනු පිණිස චුන්ද මෙය ඔබේ වරදකි. ඔබ කරගත් අලාභයකි. ඔබගේ දානය වැළඳීමෙන් තථාගතයන් වහන්සේගේ අවසානය සිදුවීයැයි, කීමට ඉඩ ඇත. චුන්ද කර්මාර පුත්‍රයාට එබඳු පසුතැවිල්ලක් ඇති නොවනු පිණිස, “චුන්ද මෙය ලාභයකි. ඔබට කුසලයකි. ඔබගේ දානය තථාගතයන් වහන්සේ වළදා පිරිනිවන් පෑහ. උන්වහන්සේගේම ශ්‍රී මුඛයෙන් මම මේ දෙය ඇසීමි. මට මේ කියමන බුදුරජාණන් වහන්සේගේ වචනයෙන්ම අසන්නට ලැබිණි. වෙනත් දානවලට වඩා මහත් ඵල මහා නිසංස ඇති එක හා සමාන ඵල එක හා සමාන ආනිශංස ඇති ආහාර පූජා දෙකක් ඇත. එනම් යම් ආහාරයක් වළදා තථාගතයන් වහන්සේ සම්බුද්ධත්වය ලද්දේද එය සහ යම් කිසි ආහාරයක් වළඳා තථාගතයන් වහන්සේ නිරූපධිශේෂ පරිනිර්වාණයට පත් වූයේද එම භෝජනයද යන මේ භෝජන දෙක එකම ඵල ඇති. එකම ආනිශංස ඇති අනුත්තර වූ අසමාන වූ දානමය කුශල කර්මයෝ වෙති.

 

 

පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජුනි 18 සදුදා අපරභාග 06.33 න් ලබයි.
19 වැනිදා අඟහරුවාදා අපරභාග 08. 31 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 19 වැනිදා අඟහරුවාදාය

මීළඟ පෝය
ජුනි 27 වැනිදා බදාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජුනි 19

First Quarterපුර අටවක

ජුනි 27

Full Moonපසෙලාස්වක

ජූලි 03

Second Quarterඅව අටවක

ජූලි 11

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]