UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පවට ලජ්ජාව උපදවා ගනිමු

සේඛ බල පුරුදු කරමු -7

භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් විදියට මරණය ගැන, ලෙඩවීම, ගැන, වයසට යාම ගැන කල්පනා කරන්න කරන්න එයා තුළ සංවේගය උපදිනවා. සංවේගය ඉපදෙනකොට එයා තුළ ලජ්ජාව උපදිනවා. දුෂ්චරිතය ගැන ලජ්ජාව උපදිනවා. ඒක හිස් දෙයක් කියල වැටහෙනවා. මෙන්න මේ විදිහට නුවණ කල්පනා කරලා අප හිරි බලය උපදවා ගන්ට ඕනෑ.

අප මෙවර ලිපියෙන් මේ පින්වතුන්ට කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද හිරි බලය කියන සේක බලය ඇතිකර ගන්නේ කියලා. හිරි බලය ඇතිකර ගැනීමට අපට මේ විදිහට සිහි කරන්ට පුළුවන්. දෙවියන් මේ ලෝකේ දකිනවා. ඒ දෙවියන්ට අප කරන දේ පේනවා. භාග්‍යවතුන් වහන්සේ දෙවියන් ගැන කියා දී තිබෙනවා. අප යමක් කරනකොට ඒ කරන දේ දෙවියන්ට පේනවා. මම කොච්චර හැංගිලා කළත් ඒක හංගන්න බෑ.

මේ විදියට සිතලා එයා ලජ්ජාව උපදවා ගන්නව කාය දුෂ්චරිතය, වචී දුෂ්චරිතය, මනෝ දුෂ්චරිතය කිරීමට, එයා කල්පනා කරනවා. “මම වැඩිහිටි කෙනෙක්. බාල අය අප නිවසේ ඉන්නවා. මගේ දරුවෝ ඉන්නවා. මගේ සහෝදරයෝ ඉන්නවා. මගේ බිරිය ස්වාමියා ඉන්නවා. මේ වගේ අය ඇසුරේ ඉන්න මට කාය දුෂ්චරිතය ගැළපෙන්නේ නෑ. වචී දුෂ්චරිතය ගැළපෙන්නේ නෑ. මනෝ දුෂ්චරිතය ගැළපෙන්නේ නෑම කියල කල්පනා කරනවා. ලජ්ජාව උපදවා ගන්නවා. “ මට පුංචි ළමයි ඉන්නවා. මට අතේ වඩාගෙන ඉන්න පුංචි ළමයි ඉන්නවා. මේ වගේ පුංචි අය ඉන්න මට කාය දුෂ්චරිතය හොඳ නෑ. වචී දුෂ්චරිතය හොඳ නෑ, මනෝ දුෂ්චරිතය හොඳ නෑම කියල කල්පනා කරනවා. “පාසල් යන ළමයි මට ඉන්නවා.

ඉගෙන ගත්ත ළමයි මට ඉන්නවා. සමාජයේ යම් දැනුම් තේරුම් තියෙන ළමයි ඉන්නවා. මට මේ දුෂ්චරිතය හොද නෑ කියලා මෙයා කල්පනා කරනවා. “රැකියාව කරන තැන මම උසස් නිලධාරියෙක්. මා ඇසුරේ අනිත් කුඩා නිලධාරින් ඉන්නවා. අවශේෂ නිලධාරින් ඉන්නවා. මට දුෂ්චරිතය හොඳ නෑම එයා කල්පනා කරනවා. කුඩා නිලධාරියෙක් නම්, මගේ උසස් නිලධාරින් ඉන්නවා. කාය දුෂ්චරිතය, වචී දුෂ්චර්තය, මනෝ දුෂ්චරිතය මට හොඳ නෑ. ගැළපෙන්නෙ නෑ මේ විදිහට එයා කල්පනා කරනවා.

තමා වාසය කරන සමාජය තුළ තමා ජීවත්වන සමාජය තුළ ඉන්න පිරිස් මුල් කරගෙනත් එයා කල්පනා කරනවා. “අම්ම, තාත්ත ඉන්නවා. මම නරක දේ කරන්න හොඳ නෑ කියල, ළමයි කල්පනා කරනවා. “මට ගුරුවරු ඉන්නවා. මා නරක දේ කරන බව හොඳ නෑ කියල ළමයින් කල්පනා කරනවා. මේ විදිහට තමා ජීවත්වන ඇසුරු කරන පිරිස් මුල් කරගෙනත් එයා කල්පනා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ගැන කල්පනා කරනවා. ධර්මය ගැන කල්පනා කරනවා. මේ විදිහට කල්පනා කරමින් එයා දුෂ්චරිතය ගැන ලජ්ජාව උපදවා ගන්නවා.

ජීවිතයේ යථා ස්වභාවය ගැන කල්පනා කරනවා. මරණය ගැන ලෙඩවීම ගැන වයසට යාම ගැන කල්පනා කරනවා.මේ විදිහට කල්පනා කරමින් දුෂ්චරිතය ගැන ලජ්ජාව උපදවා ගන්නවා. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් විදිහට මරණය ගැන, ලෙඩවීම, ගැන, වයසට යාම ගැන කල්පනා කරන්න කරන්න එයා තුළ සංවේගය උපදිනවා. සංවේගය ඉපදෙනකොට එයා තුළ ලජ්ජාව උපදිනවා. දුෂ්චරිතය ගැන ලජ්ජාව උපදිනවා. ඒක හිස් දෙයක් කියල වැටහෙනවා. මෙන්න මේ විදිහට නුවණ කල්පනා කරලා අප හිරි බලය උපදවා ගන්ට ඕනෑ.

දැන් එවිට එයා ශ්‍රද්ධා බලය ඇති කර ගත්ත. හිරි බලය ඇති කර ගත්ත. දැන් මේ ඇති කර ගත්ත ශ්‍රද්ධා බලයත්, හිරි බලයත් නොනැසී පවත්වා ගන්ට මොකක්ද කරන්න තියෙන්නේ. ඒ බලය උපදවා ගත්තේ යම් සේද, ඒ දේ නැවත නැවත කරන්ට ඕනෑ. දැන් අප යම් දෙයක් පුරුදු කරල, හිරි බලය ඇති කරගත්ත නේද? අප භාග්‍යවතුන් වහන්සේ ගැන සිහි කළා.

ධර්මය ගැන සිහි කළා. සංඝයා වහන්සේ ගැන සිහි කළා, ජීවිතයේ ස්වභාවය ගන සිහි කළා. තමන්ගේ දරු මුණුබුරෝ ඥාතීන්, තමාගේ සමාජ තත්වයන් ගැන සිහි කළා. සිහිකරලා “මට මේ දුෂ්චරිතය ගැළපෙන්නේ නෑම කියල එය කල්පනා කරනවා.

එතකොට එයාට දුෂ්චරිතය ගැන ලජ්ජාව උපදිනවා. එහෙම කල්පනා නොකළොත් එයාට ලජ්ජාව උපදීද? උපදින්නේ නෑ. “මට මේක ගැළපෙන්නේනෑ. මට ළමයි ලපටි ඉන්නවා. අම්ම තාත්තා ඉන්නවා. මේ අය ඉන්න කොට මට මේව ගැළපෙන්නෙ නෑම කියල එයා කල්පනා කරනවා. ඒ විදිහට කල්පනා කළොත් එයා තුළ ලජ්ජාව උපදිනවා. එතකොට එයා තුළ හිරි බලය ඉපදිලා. ඒ විදිහට දිගින් දිගට ඒ දේ පුරුදු කරන්න කරන්න එයා තුළ හිරි බලය පවතිනවා.

එතකොට බලන්න යම් දරුවෙක් “ මගේ අම්ම තාත්තා ඉන්නවා. මගේ ගුරුවරු ඉන්නවා. වැඩිහිටි සහෝදරයො ඉන්වා. ඒ නිසා මට මේ නරක දේවල් ගැළපෙන්නෙ නෑම කියල කල්පනා කරන්ට නම් එයාට ඒ වැඩිහිටි බව ගැන, අම්ම තාත්තා ගැන ගෞරවයක් තියෙන්ට ඕන නේද? අන්න ඒ විදිහට ගෞරවය තිබුණොත් එහෙම එයා ලජ්ජාව උපදවා ගන්නවා. ලජ්ජාව උපදින්න උපදින්න ගෞරවය තව තවත් වැඩි වෙලා යනවා.

පවට ලජ්ජාව උපදින්න උපදින්න ඒ ගෞරවය තව තවත් වැඩිවෙනවා. ඒ විදිහට ගෞරවය යටහත් පහත් ගති ගුණ එයා තුළ උපදිනවා. එතකොට ලජ්ජා බය යම් දවසක නැත්නම් ඒ ගරු සරු බව පවතින්නේ නෑ. මුලදී සමහර විට ගරුසරු බවක් තියෙයි. මුලින් දකින කොටම ගරු සරු බවක් තියෙන්නෙ පුළුවන්. නමුත් හිරි ඔතප් දෙක නැත්නම් ඒ ගරු සරු බව ටික කලකින් නැති වෙලා යනවා.

සේඛ බල පුරුදු කරමු - 6 - ශ්‍රද්ධා බලය උපදවා ගනිමු

 

පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජුනි 18 සදුදා අපරභාග 06.33 න් ලබයි.
19 වැනිදා අඟහරුවාදා අපරභාග 08. 31 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 19 වැනිදා අඟහරුවාදාය

මීළඟ පෝය
ජුනි 27 වැනිදා බදාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජුනි 19

First Quarterපුර අටවක

ජුනි 27

Full Moonපසෙලාස්වක

ජූලි 03

Second Quarterඅව අටවක

ජූලි 11

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]