UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අවුරුදු තිහක් තිස්සේ මේ රටේ පැවැති යුද්ධය නිමා වුණා. සියලු ජාතීන්ගේ සිත් තුළ සාමයේ මල් පිබිදුණා. පීඩනයෙන් හෙම්බත් වෙලා හිටපු සියලු ලක්වැසියන්ගේ සිත් සතුටින් පිරී ඉතිරිලා.රට බේරගත්ත ආරක්‍ෂක හමුදාව දැන් රට ගොඩනඟන්න උර දෙනවා. මංමාවත්, වැව්, පොකුණු මේ සෑම දෙයකම සංවර්ධනයට අප ආරක්‍ෂක හමුදාවේ සහාය ලැබෙනවා. ඇත්තෙන්ම යුද්ධය නිමාවීමත් එක්කම රටක ස්වයංපෝෂිත බව ඇතිවෙන්න ඕන.

සාමකාමි රටක් ඇති කරන්න නම් ඒ රටේ අනිවාර්යෙන්ම ස්වයංපෝෂිත බවක් තියෙන්න ඕන.

එසේ නැත්නම් සාමය රඳා පවත්වා ගැනීමට අසීරුයි. මිනිසුන්ගේ සිත් තුළ සහනශීලිත්වය ඇති කරන්න ඕන.

රටක් සාමකාමී ලෙස පවත්වාගෙන යන්න ජනතා සිතුම් පැතුම් ඉටු කරමින් ගුණදහම් අගයන සමාජයක් කරා පිවිසීමට නම් ස්වයංපෝෂණය වූ රටක් තිබිය යුතු වෙනවා.

‘දේවො වස්සතු කාලේන’
දෙවියෝ නිසි කල්හි
වර්ෂාව ලබා දෙත්වා

‘සස්ස සම්පත් ති හෝතුච’ නිසිකලට ලැබුණ වර්ෂාව හේතු කරගෙන කෘෂිකර්මය භෝග වගාව දියුණුවේවා!

‘පීතො භවතු ලෝකෝච’
සාමය සමාදානය එකමුතුව ඇතිවේවා!

‘රාජා භවතු ධම්මිකෝ’
පාලකයත් (රජු) ධාර්මික වේවා!

බුදුරජාණන් වහන්සේ රටක ස්වයංපෝෂිත බව එකමුතුව සමගිය දුටුවේ වසර 2600කට පෙර සිටයි. අද අපේ රටත් ස්වයංපෝෂිත වෙලා .

බඩ ඉරිඟු පවා අපනයන කරන තත්ත්වයට ඇවිත්. රටේ මාර්ග පද්ධතිය දියුණුවෙලා ජනතාවට සිතේ සතුටින් ඉක්මනින් ගමන් බිමන් යන්න පුළුවන්. ඉතිරිවන කාලය රටට වැඩදායි ධාර්මික කටයුතු වලට යොදාගන්න පුළුවන්.

අද මහාමාර්ග හොඳ තත්ත්වයෙන් පවතින නිසා ඇතැම් අය රිය පදවන්නේ කිසිම නීතියකට අනුව නෙමෙයි. ජංගම දුරකතන කනේ තබාගෙන, නැත්නම් මත්පැන් පානය කරලා නැත්නම් අධික වේගයෙන් නොසැලකිල්ලෙන් .මේ සියල්ලේම අනිටු විපාක අපට හොඳින් දකින්න පුළුවන්. මේ සියල්ල හික්මීමක් විනයක් නැතිකම නිසා උදාවු තත්ත්වයක්.

මිනිසාට කෙතරම් ලැබුණත් සෑහීමකට පත් වන්නේ නැහැ. කරන බොරුව වංචාව නැවත අසුවුණේ නැත්නම් යළිත් කරනව. ඒත් හොර බොරු සෑමදාම කරන්න බැහැ.

අපේ රට අපරාධවලින් මුදා ගන්නට නම් අල්ලස්, දූෂණ, හා මැරකම් දුරු කළ යුතුයි.

අද ජනමාධ්‍ය මේ සඳහා විශාල වගකීමකින් පරිශ්‍රමයකින් කටයුතු කරනවා. එහි ප්‍රතිඵල අපට ලැබී තියෙනවා. දුම්වැටි, මත්පැන් සඳහා ඇබ්බැහි වන තරුණ පිරිස ශීඝ්‍රයෙන් අද අඩුවෙලා. මේ සඳහා ජනමාධ්‍ය ඔස්සේ තවත් කාර්යයක් කළ යුතුයි.

ආදී ජන රුචිය පරිදි ජනතාවට සාරධර්ම ඔප් නංවාගත හැකි අයුරින් නිර්මාණ එළි දැක්විය යුතුවෙනවා. අපරාධ සම්බන්ධව දීර්ඝ වර්ණනා ඉදිරිපත් කර තවත් අයට අපරාධ සඳහා මාර්ගය සකසාදීම ජනමාධ්‍යය බැහැර කළ යුත්තක්. අපරාධ වාර්තා කරන අයුරින්ම ඒ සඳහා ලබා දුන් දඬුවම් එම අපරාධ නිසා සිදුවන සමාජ ව්‍යසනය ආදියටත් ජනමාධ්‍ය වැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා.

අපරාධයන් උදෙසා ලබාදෙන දඬුවම් ලිහිල් කිරීමත් අපරාධ වර්ධනයට හේතුවක් වෙලා තිබෙනවා. මරණීය දණ්ඩනය (එල්ලුම්ගහ ) ඉවත් කිරීම තුළින් තවත් අයකුගේ ජීවිතය නැති කිරීමට තිබු බිය පහව ගිහින්.එක් අයෙක් ඝාතනය කළ විට ඝාතනය කළ තැනැත්තාට ඒ දඬුවම ලබා දිය යුතු බවට මා කියන්නේ නැහැ. එසේම බුදුදහමේ එවැන්නක් කොතනකවත් දක්වා නැහැ. බුදුදහම පරම අවිහිංසාවාදී දහමක් බවත් දඬුවම සම්බන්ධව අනවශ්‍ය ඇඟිලි ගැසීම් සිදුකර නැහැ.

විශේෂයෙන්ම අප සලකා බැලුවහොත් බුදුපියාණන් වහන්සේගේ පියාණන් වන සුද්දෝධන රජුට හෝ කිසිදිනක බුදුරජාණන් වහන්සේ වැරැදි කරන්නන්ට ලබා දෙන දඩුවම් ලිහිල් කරන්නැයි දක්වා නැහැ. ත්‍රිපිටකයේ හෝ වෙනත් කිසිදු තැනක එවන් සඳහනක් හෝ තිබෙන්නේ නැහැ. ‘මම දැන් සම්මා සම්බුද්ධයි පරම අවිහිංසාවාදීයි ,මාගේ ශාසනයේ දඬුවම් පැනවීම ගැන මෙවැනි දේ දක්වා තිබෙනවා. එම නිසා ඔබ වහන්සේ මේ අයුරින් දඬුවම් ලිහිල් කළ යුතුයි’ යනුවෙන් බුදුරදුන්ටත් වදාරන්නට තිබුණා. බුදුරදුන් හා සම වයසේ පසු වූ කොසොල් රජතුමා ඉතා හොඳ මිත්‍රයෙක්, සත්‍යය සොයා යද්දී රාජ්‍ය බෙදා ගැනීමට ඇරයුම් කළ බිම්බිසාර රජතුමා ඉතා සමීපයෙක්. මේ කිසිවෙකුගේ දණ්ඩනයට බුදුරජාණන් වහන්සේ අත දැමුවේ නැහැ.

ලෝකයේ සාමය රඳා පවතින්නට නම් අපරාධ සඳහා දණ්ඩනයක් තිබිය යුතුය. දණ්ඩනයෙන් පමණක් අපරාධ මර්දනය කළ යුතුයි , යන්න මින් අදහස් වන්නේ නැහැ.

අපරාධ මර්දනයට රාජකීය කොමිසමක් පත් කළ යුතුයි අපරාධ කරුවන්ට නිසි දඬුවම් නොලැබුණොත් අගතියට පත් පාර්ශ්වය නිකං සිටින්නේ නැහැ. ඔවුනට සිදුවූ අසාධාරණයට අකටයුත්තට ඔවුන්ට හැකි අයුරින් පලිගන්නවා. අපරාධකරුගේ නිවෙස දේපල ගිනි තබනවා. ඇතැම් විට පවුලේ දරු දැරියන් ඝාතනයට ලක් වෙනවා.

මේ තත්ත්වය වරින්වර ඇතිවෙන බවක් පෙනෙනවා.ඒගැන අප කතා කරන්නෙවත් කැමති නැහැ.

එහෙත් සියලු බලතල සහිත අපරාධ මර්දන කොමිසමට ගුරුවෘත්තියේ අය, වෛද්‍යවරු, නීතිඥයන්, විශ්වවිද්‍යාල ආචාර්යවරු, කලාකරුවන් මාධ්‍යවේදී ඇතුළු දොළොස් දෙනෙකුගෙන් පමණ යුක්ත කමිටුවක් සකස් කර එම කොමිසමට බලතල ලබා දිය යුතුයි. එමඟින් මෙරට අපරාධ වර්ධනය අවම කර ගැනීමට හැකි වෙනවා. මෙරට ගම්දනව් සිසාරා සිදුවන සියලු අපරාධ වාර්තාකර ඒවාට තුඩුදුන් හේතු සාධක ඒ සඳහා කළ යුතු විමර්ශන මේ ආදී සියලු කටයුතු මෙම කොමිසමට බාර දිය යුතු වෙනවා.රට දැන් ස්වයංපෝෂිත වෙලා. අපරාධ මර්දනයට දැන්ම අප පියවර ගත යුතුයි.මෙම සියලු ජාතීන් මේ වන විට සමඟි සම්පන්නව දිවි ගෙවෙනවා. සියලු ජාතීන්ට බියෙන් සැකෙන් තොරව දිවි ගෙවීමට අවශ්‍ය පසුබිම අපරාධ මර්දනයෙන් ලබා ගැනීමට හැකියාව තිබෙනවා.

 

පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජුනි 18 සදුදා අපරභාග 06.33 න් ලබයි.
19 වැනිදා අඟහරුවාදා අපරභාග 08. 31 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 19 වැනිදා අඟහරුවාදාය

මීළඟ පෝය
ජුනි 27 වැනිදා බදාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජුනි 19

First Quarterපුර අටවක

ජුනි 27

Full Moonපසෙලාස්වක

ජූලි 03

Second Quarterඅව අටවක

ජූලි 11

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]