UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

“අධ්‍යාත්මික හා සාරධර්‍ම පිරි සමෘද්ධිමත් ගමක්” නිර්මාණය කිරීමේ උදාර කර්තව්‍යය

 

ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ උපදෙස් මත ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය මගින් ක්‍රියාවට නංවන “අධ්‍යාත්මික හා සාරධර්‍ම පිරි සමෘද්ධිමත් ගමක්” නිර්මාණය කිරීමේ
උදාර කර්තව්‍යයට උර දෙමින් සෑම වෙසක් පුන් පොහෝ දිනයකම පවත්වන දීපව්‍යාප්ත වෙසක් වැඩසටහන මෙවර ද “සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසෙමු”
යන්න තේමා කර ගනිමින් සත්වෙනි වරට ද ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැතිවිණි.

ජනාධිපතිතුමා ජය ශ්‍රී මහා බෝ සමිඳු වැඳ පුදා ගත් අයුරු.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අනුරාධපුරය ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබාගත්තේ ය. අනතුරුව රුවන්වැලි මහ සෑ විහාරාධිකාරි පල්ලේගම හේමරතන නා හිමියන් බැහැ දැක ආශිර්වාද ලබාගෙන අට පිරිකර පූජා කළේ ය.

මහනුවර දී පැවැති රාජ්‍ය වෙසක් උත්සවයේ දී ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරියේ බැංකු සංගම් ජාලය විසින් බැතිබර දායකත්වය සැපයූ ප්‍රධාන ධර්‍ම දේශනයට අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සහභාගි වූ අවස්ථාව.

ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් ආර්. පී. බන්දුල තිලකසිරි මහතා එදින ප්‍රධාන ධර්‍ම දේශනය පැවැත්වූ මහා විහාර වංශික ස්‍යාමෝපාලී මහා නිකායේ නියංගොඩ විජිත සිරි අනු නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට පිරිකර පූජා කළ අවස්ථාව.

සත්වෙනි වරටත් බුදුසරණ පුවත්පතේ පිටපත් ලක්‍ෂ 3 ක් සමෘද්ධි බැංකු සංගම් ජාලයේ අනුග්‍රහයෙන් ධර්‍ම දානයක් ලෙස ඉකුත් වෙසක් පුන් පොහෝ දිනයේ දී ද බෙදා හරින ලදී. රාජ්‍ය වෙසක් උත්සවයේ දී ද පිටපත් 5000 ක් ද ධර්මදානයක් ලෙස බෙදා හරින ලදී. එදින සිල් සමාදන් වු දරුවන් බුදුසරණ පුවත්පත කියවන අවස්ථාව.

 
 

පොසොන්පුර පසළොස්වක පෝය

පොසොන්පුර පසළොස්වක පෝය ජුනි 03 වැනිදා ඉරිදා අපරභාග 08.19 ට ලබයි.
04 වැනිදා සඳුදා අපරභාග 04.04 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 04 වැනිදා සඳුදාය.

මීළඟ පෝය
ජුනි 11 වැනිදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 04

Second Quarterඅව අටවක

ජුනි 11

New Moonඅමාවක

ජුනි 19

First Quarterපුර අටවක

ජුනි 27


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]