UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

 ‘අමාදම් සිසිල’ සදහම් චාරිකා පදනම

2004 වර්ෂයේ වෙසක්පුර පසළොස්වක පොහෝ දින නැගෙනහිර පලාතෙන් ආරම්භ වුනු ‘අමාදම් සිසිල සදහම් චාරිකා’ දහම් වැඩසටහන 2012 වර්ෂයේ පොසොන් මස 03 වෙනි දින, 1500 ක් වූ තරුණ තරුණියන් සමග මිහින්තලාවෙන් විකසිත වෙන වගයි.

මීට අමතරව දිවයින පුරා වැසී තිබෙන විහාරස්ථාන නැවත ප්‍රතිසංස්කරණය කරමින් ස්වාමින්වහන්සේලාට භාරදීම ද සිදුකරනු ලබන්නේ ගමත්, පන්සලත් එක් කිරීමේ බලාපොරොත්තුවෙනි.

තෝරාගත් ගමක පන්සල කේන්ද්‍ර කර ගනිමින් පෙරවරු කාලයේ ස්වාමින්වහන්සේලා පිණ්ඩපාතයේ වැඩම කිරීම

මෙය ආර්යවංශ ප්‍රතිපදාවයි. කිසි දිනෙක පන්සලට නොඑන, දානය වේලක් දීමට අපහසු අසරණ රෝගීන් හා වයස්ගත උදවිය ද මහත් පිනක් සිදුකරගන්නා අවස්ථාවකි. පාසැල් යන දූ පුතුන් ද ස්වාමින්වහන්සේලා සඳහා පිණ්ඩපාතය පූජා කිරීමට සැදි පැහැදී සිටී. එමෙන්ම ගම්වාසි බොහෝ දෙනා සුදුවතින් සැරසී බලා සිටින්නේ තමන්ගේ නිවසට මහා සංඝරත්නය වැඩම කරන තුරුයි. එලෙස පිණ්ඩපාතයේ වඩිනා ගමන් ගම්වාසීන්ට සවස් කාලයේ තම විහාරස්ථානයට පැමිණීම මතක් කිරීම ද සිදුකරයි.

වෙන කවදාවක්වත් සහභාගි නොවන පිරිසක් සවස් කල විහාරස්ථානයට පැමිණීම අත්දුටු අවස්ථා බොහෝමය. ඒ අය උදෙසා විද්වත් ස්වාමින්වහන්සේ නමක් අර්ථාන්විත ධර්ම දේශනයක් පවත්වා ගමත්, පන්සලත් එක් කිරීම සිදු කරනු ලැබේ. අද වන විට බොහෝ සෙයින් ගමත්, පන්සලත් අතර ඈත්වීමක් සිදුවී ඇත. නමුත් අප එය වෙනස් කරමින් පෙර පරිදි විවාහ මංගල අවස්ථා පවා නැවත පන්සලේ දී සිදු කිරීමට කටයුතු යොදා ඇත. තම දරුවා කුස පිළිසිඳගත් මොහොතේ පටන් අකුරු කියවීම, උපන්දින සිහිකිරීම, විවාහ මංගල අවස්ථා සහ පාංශුකූලය දක්වා සියලු කටයුතු විහාරස්ථානය ඇසුරෙන් සිදු කිරීම අපගේ් අපේක්‍ෂාවයි.

මෙම සම්බන්ධතාවය බිඳ වැටීම සමාජ පිරිහීමට ඍජුව බලපා ඇති අයුරු ද සිහිකළ යුතුමය. දායක සභාව, කුළඟන සංගමය, තරුණ බෞද්ධ සංගමය සහ බෝසත් ළමා සමාජය පිහිටුවීම ද අපගේ චාරිකාවේ සත් ක්‍රියාවකි. ප්‍රදේශයේ දුර්වලම විහාරස්ථානය තෝරාගෙන පොහෝ දිනය පුරා ශීල සමාදාන, ධර්මදේශනා, ධර්ම සාකච්ඡා භාවනා වැඩසටහන් මෙන්ම නව අරහාදි පහන් පූජාව සහිත ආශිර්වාද බෝධි පූජාවද පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.

පදනමෙන් සිදුවන තවත් ශාසනික සේවාවක් නම් දැනට වැසී ඇති විහාරස්ථාන සංවර්ධනය කර ස්වාමින්වහන්සේලාට භාර දී නැවත ප්‍රදේශවාසීන්ට ආගමික කටයුතු කර ගැනීමට අවස්ථාව සලසා දීම. ඇතැම් අවශ්‍ය කරන මූලික පහසුකම නොමැතිකම සහ නොයෙක් අර්බුද මෙයට හේතුවී ඇත. නමුත් මෙම තත්වය වෙනස් කර, ගම්වැසියන් දැනුවත් කර ගමත්, පන්සලත් ආරක්‍ෂා වන අයුරින් කටයුතු යෙදීම එයට විසදුම් වශයෙන් අපි දකිමු.

විහාරස්ථාන වැසී ඇතත් , විහාරස්ථානයක් නොමැතිව සිටින ස්වාමින් වහන්සේලා ද බොහෝය. මෙම ස්වාමින් වහන්සේලාට විහාරස්ථාන ලබා දුන් විට කරුණු දෙකක් සම්පූර්ණ වේ. එනම් වැසී ඇති විහාරස්ථාන විවෘත වීමත්, විහාරස්ථානයක හිමිකම නැති හිමිවරුන් සඳහා විහාරස්ථානයක හිමිකාරිත්වය හමුවීමත් ය.

ස්වාමින් වහ්නසේලාගේ හිගයක් ඇති බැවින් අවුරුදු 55 ත්, 70 ත් අතර නිරෝගි සැදැහැවත් පින්වතුන් සසුන්ගත කර ඒ අය සඳහා මාස 3 ක පුහුණුවක් ලබා දී විහාරස්ථානයක් ලබා දීම ද අප සාර්ථකව අත්හදා ඇත. එයද ඉතා සාර්ථක වී ඇත.

යම් ස්වාමින්වහන්සේ නමකට විහාරස්ථානයක් අවශ්‍ය ද අප සංගමයට එක් වී අවශ්‍යතාවය ඉටු කර ගත හැකිය. විහාරස්ථාන ගණනාවක් හිමි ස්වාමින්වහන්සේලාට ද අප සංගමය හරහා තම විහාරස්ථාන සඳහා ස්වාමින්වහන්සේලා ලබා ගත හැක. එමෙන්ම වැඩිහිටි පැවිදි අපේක්‍ෂක අයට ද අප හා එක්විය හැකි බව ධම්මා රාම හිමියෝ කියති.

මෙසේ අනුරපුරයට පැමිණි ‘අමාදම් සිසිල සදහම් චාරිකා පදනම’ එලැඹෙන පොසොන්මය දෙවනි දින මිහින්තලාවේදී 1500 ක් වූ තරුණ තරුණියන් සමග දවස පුරා සීල සමාදාන, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා වැඩසටහන් මෙන්ම නව අරහාදී පහන් පූජාවට ද සහභාගි විය හැකි බව අමා දම් සිසිල පදනම නිර්මාතෘ අනුරාධපුර ධම්මාරාම හිමියෝ පවසති. අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති එම පදනමේ කොළඔ කාර්යාලය නො.04, හයිලෙවල් ප්ලාසා, දෙල්කඳ, නුගේගොඩ වේ.

 

පොසොන්පුර පසළොස්වක පෝය

පොසොන්පුර පසළොස්වක පෝය ජුනි 03 වැනිදා ඉරිදා අපරභාග 08.19 ට ලබයි.
04 වැනිදා සඳුදා අපරභාග 04.04 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 04 වැනිදා සඳුදාය.

මීළඟ පෝය
ජුනි 11 වැනිදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 04

Second Quarterඅව අටවක

ජුනි 11

New Moonඅමාවක

ජුනි 19

First Quarterපුර අටවක

ජුනි 27


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]