UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

84 වන වරට පවත්වන

රාගම - වල්පොල ඓතිහාසික

පොසොන් මහ පෙරහර

සභාපති
පී. ආර්. ගාමිණි සිරිසේන
ශ්‍රී බාලාභිවර්ධන සමිතිය
වල්පොල - රාගම

වල්පොල ඓතිහාසික පොසොන් පූජෝත්ත්සවය 2012 මැයි 27 වන දින සිට ජුනි මස 02 වන දින දක්වා පැවැත්වීමට විධිවිධාන යොදා ඇත. ප්‍රථම මල් පෙරහර සිහිගන්වමින් සත්දිනක් මුළුල්ලේ මල් පෙරහර පවත්වා මල් පහන් ගිලන්පස සහිතව අටවිසි බුද්ධ වන්දනා, බෝධි වන්දනා සවස්භාගයේ දී මෙම සතිය පුරා පැවැත්වේ. ජුනි මස 01 දින රාත්‍රියේදී ධර්ම දේශනාවක් පවත්වා පසුදින අර්ධශතාධික මහ සංඝරත්නය උදෙසා සංඝගත දක්ෂිණාවක් පිරිනමා පොසොන් පෝයට පෙරදින රාත්‍රී ඓතිහාසික පොසොන් මහ පෙරහර මහ විහාරස්ථානයෙන් පිටත්ව අවට ගම්දනව් ප්‍රදක්ෂිනා කෙරේ

බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ දකුණු අලුත්කුරු කෝරළයේ, ගලහිටියාව පේරුවේ, රාගම පත්තුවේ ජාඇල, ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ වල්පොළ නම් ග්‍රාමය පිහිටා ඇත. ජනප්‍රවාද ජනශ්‍රැති අනුව වල්පොළ ගමෙහි ඉතිහාසය කැලණිතිස්ස රාජසමය දක්වා විහිදී යයි. වල්පොළ ග්‍රාමයේ බස්නාහිර දොරටුවේ කඳුරුගහ වැව පිහිටා ඇති අතර වැවයි දාගැබයි ගමයි පන්සලයි යන සංකල්පය මත වල්පොළ ග්‍රාමය නිර්මාණය වී වැවෙහි නැගෙනහිර ඉස්මත්තෙහි වල්පොළ ශ්‍රී විමලරත්නාරාමය නම් පුන්‍ය භූ®මිය පිහිටා ඇත.

මෙම ගමෙහි විසූ ගම් දෙටුවන් 1922 දී වල්පොළ සංගමය යන නමින් සංවිධානයක් පිහිටුවාගෙන ගමවැඩුුමට කටයුතු කළ කාලයේදී වල්පොළ ශ්‍රී විමලරත්නාරාම වැඩ සිටි හතරලියැද්දේ සිරි ශීලරතන හිමියන් ගේ අනුශාසකත්වයෙන් 1928 පෙබරවාරි මස 26 ඉරුදින ‘සිරි සිලරතන දහම් පාසැල’ වල්පොළ සංගමය ශාලාවේදී ආරම්භ කරන ලදී. එම දහම් පාසලේ දහම් දැනුම ලබා ගත් සිසු පිරිස සිරි ශීලරතන හිමියන්ගේ අනුශාසකත්වය හා ප්‍රධානත්වයෙන් 1928 මාර්තු මස 11 වන ඉරුදින ‘ශ්‍රී බාලාභිවෘද්ධිවර්ධන’ සමිතිය ආරම්භ කර 1928 ජුනි මස 15 වන දිනට යෙදුණු පොසොන් පෝය දින වල්පොළ සංගමය ශාලාවේ සිට ඉතා කුඩා මල් පෙරහරක් මිහිඳු මහ හිමියන්ගේ පිළිරුව සහිතවද ආරම්භ කළ පොසොන් පෙරහර වල්පොළ සංගමය ශාලාවේ සිට වල්පොළ දුම්රිය හරස් පාර දක්වා ගමන් කර ශ්‍රී විමලරත්නාරාම මහා විහාරස්ථානයට ගෙවදින ලදී. ඉතා කුඩා දිය දහරක් මහා ගංගාවක් බවට පත්වන්නා සේ ඒ කුඩා මල් පෙරහර වජ්‍ර ජයන්තියද සමරමින් අසු හතරවන වසරට පා තබා ඇත. එදා මල් පෙරහර ශ්‍රී විමලරත්නාරාම විහාරස්ථානයට ගෙවැදී පවත්වන ලද මල් පහන් පූජාව වල්පොළ ඓතිහාසික පොසොන් පූජෝත්සවය බවට පත්ව මල් පෙරහර ඓතිහාසික පොසොන් මහ පෙරහර බවට පත්වී එතැන් සිට වසරින් වසර ඉදිරියටම පා තබමින් වල්පොළ ශි‍්‍ර විමලරත්නාරාමය කේන්ද්‍ර කොට වාර්ෂිකව පවත්වන අතර වර්තමානයේදී රාගම වල්පොළ ඓතිහාසික පොසොන් මහ පෙරහර හා ඓතිහාසික පොසොන් පූජෝත්්‍යසවය බවට පත්ව ඇත.

මෙවර වාර්ෂික වල්පොල ඓතිහාසික පොසොන් පූජෝත්ත්සවය 2012 මැයි 27 වනදින සිට ජුනි මස 02 වන දින දක්වා පැවැත්වීමට විධිවිධාන යොදා ඇත. ප්‍රථම මල් පෙරහර සිහිගන්වමින් සත්දිනක් මුළුල්ලේ මල් පෙරහර පවත්වා මල් පහන් ගිලන්පස සහිතව අටවිසි බුද්ධ වන්දනා, බෝධි වන්දනා සවස්භාගයේ දී මෙම සතිය පුරා පැවැත්වේ. ජුනි මස 01 දින රාත්‍රියේදී ධර්ම දේශනාවක් පවත්වා පසුදින අර්ධශතාධික මහ සංඝරත්නය උදෙසා සංඝගත දක්ෂිණාවක් පිරිනමා පොසොන් පෝයට පෙරදින රාත්‍රී ඓතිහාසික පොසොන් මහ පෙරහර මහ විහාරස්ථානයෙන් පිටත්ව අවට ගම්දනව් ප්‍රදක්ෂිනා කෙරේ.

2012 ජුනි මස 03 වන ඉරුදින (පොසොන් පෝයට පෙර දින) ශ්‍රී විමලරත්නාස්ථ ශ්‍රී මහා බෝධින් වහන්සේ අබියස කිරි ආහාර පූජාව පවත්වා ඉන් අනතුරුව කදුරුගම වීරමුණ්ඩ මහ දේවාලයේදී මුරුතැන් පූජාව පවත්වා පොසොන් මහ පෙරහරේ මූලික කාර්යයන් ආරම්භ කෙරේ.

මෙදින සන්ධ්‍යා භාගයේ ශ්‍රී විමලරත්නාරාම මහ විහාරස්ථ ආවාස මන්දිරයේ සිට සර්වඥධාතුන් වහන්සේලා සහිත කරඬුවද ශ්‍රී‍්‍ර සද්ධර්ම පුස්තකයද පංචතූර්ය නාදය පෙරටු කරගත් පෙරහරෙන් සලපතල මළුවේ පිහිටි බුද්ධ මන්දිරයට වැඩම කර පෙරහර පිළිබඳ වූ සන්නස් පත්‍රය සහිත පෙරහර පුරාණය කියවා ප්‍රකාශයට පත් කර එම සන්නස් පත්‍රය පෙරහරේ ගෙනයාම සඳහා රිදී මංජුසාවක බහා පෙරමුණේ රාළට භාරදීම ද රිදී අංකුශය ගජනායක නිළමේට භාරදීම සිදුකර සර්වඥධාතුන් වහන්සේලා උදෙසා ගිලන්පස බුද්ධ පූජාව පැවැත්වීමෙන් අනතුරුව සෙත් පිරිත් දේශනාවන් පවත්වා ශ්‍රීසර්වඥ කරඬුවද ශ්‍රී සද්ධර්ම පුස්තකයද මංගල ඇතුපිටට වැඩම කිරීම සඳහා නියමිත සැදැහැවතුන්ගේ දෙ අත් සුවඳ පැන් වත්කර දෝවණය කර සර්වඥධාතු කරඬුවත් ශ්‍රී සද්ධර්ම පුස්තකයත් භාරදී රතු පලස මතින් මුතු කුඩ සෙවණේ් පංචතූර්ය නාදය සහිතව වැඩමකරවා මංගල හස්තිරාජයාණන් මස්තකයේ වූ රංසිවි ගෙයයන්හි වඩා හිදුවා මිහිඳු මහ රහතන් වහන්සේගේ පිළිරුවද නිරාවරණය කිරීම සිදු කෙරේ.

කසකරුවන්, ගිනිබෝලකරුවන්, පෙරමුණේ රාළ, ජාතික ධජ, බෞද්ධ ධජ, දිසා ධජ හා තුන් හෙළයම නියෝජනය කරවන නැටුමෙන් ගැයුුමෙන් වැයුමෙන් ත්‍රිවිධ රත්නය නියෝජනය කරවමින් ශ්‍රී‍්‍ර සර්‍වඥධාතු කරඬුවත් ශ්‍රී සද්ධර්ම පුස්තකයත් වැඩම කරවන මංගල හස්ති රාජයන් ඇතුළු පරිවාර අලි ඇතුන්ගෙන්ද මිහිඳුමහ රහතුන් වහන්සේගේ පිළිරුවද සහිතව නිළමේවරුන්ගෙන්ද සමලංකෘත වන රාගම වල්පොළ ඓතිහාසික මහ පෙරහර 84 වන වරට පොසොන් පෝයට පෙරදින රාත්‍රි කාලයේදී වල්පොල ශ්‍රී විමලරත්නාරාම විහාරස්ථානයෙන් උත්තර දිශාභිමුබව කඳාන රාගම මහා මාර්ගයට පිවිස කඳුරුගම වැව අසබඩින් විරමුණ්ඩ මහ දේවාලයට දක්ෂිණාවෘතව වල්පොල ග්‍රාමයේ බස්නාහිර දොරටුවෙන් කඳාන ගම්පහ මහා මාර්ගයට පිවිස පොල්පිටිමූකලාන අශෝකාරාම මහ විහාරස්ථානය අභියසින් බොල්ලත හංදියෙන් බටුවත්ත මහා මර්ගයට පිවිස මැයි ගහ හංදිය බටුවත්ත ප්‍රාදේශීය සභා කාර්යාලය බටුවත්ත දුම්රිය පොළ පසුකරමින් කැන්දලියැද්දපාළුව රාගම මහ මාර්ගයට පිවිස නාරාංගොඩපාළුව රත්න ශ්‍රීඝණාරාම පොත් ගුල් විහාරස්ථානය අබියසින්, වල්පොළ හංදියෙන් වල්පොළ පාරට පිවිස තුන්යම් රාත්‍රි මුළුල්ලේ පෙරහර නරඹන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ් සාදු නාදය මැදින් පූජෝපහාරයන්ට ලක් වෙමින් ගම්දනව් ප්‍රදක්ෂිණා කර වල්පොළ ඓතිහාසික මහ පෙරහර පොසොන් පොහොය දින අළුයම් කාලයේදී ශ්‍රී විමලරත්නාරාම විහාරස්ථානයට ගෙවදීමෙන් වාර්ෂික පොසොන් මහ පෙරහර මංගල්‍යය අවසන් කෙරේ.

 

පොසොන්පුර පසළොස්වක පෝය

පොසොන්පුර පසළොස්වක පෝය ජුනි 03 වැනිදා ඉරිදා අපරභාග 08.19 ට ලබයි.
04 වැනිදා සඳුදා අපරභාග 04.04 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 04 වැනිදා සඳුදාය.

මීළඟ පෝය
ජුනි 11 වැනිදා සඳුදාය.

 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 04

Second Quarterඅව අටවක

ජුනි 11

New Moonඅමාවක

ජුනි 19

First Quarterපුර අටවක

ජුනි 27


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]