UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලේක්හවුස් ආයතනයේ සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා එම තනතුරට පත්ව වසර පහක් පිරීම නිමිත්තෙන් ලේක්හවුස් ආයතනයේ දී 16 වැනිදා ආශිර්වාද සෙත් පිරිත් සජ්ඣායනාවක් පැවැත්විණි. එම සෙත් පිරිත් සජ්ඣායනයෙන් පසු සභාපතිතුමා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ මහෝපාධ්‍යාය මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසර හිමියන් වෙත අටපිරිකරක් පූජා කළ අයුරු. එම අවස්ථාවට ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනු න හිමි, ජනාධිපති ආගමික කටයුතු සම්බන්ධීකරණ ලේකම් වටිනාපහ සෝමානන්ද, රඹුකන සිද්ධාර්ථ, බස්නාහිර පළාත් පිරිවෙන් අධ්‍යක්ෂ විතාරන්දෙනියේ මේධානන්ද, දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ කිරම විමලජෝති, සම්මුද්ධාලෝක විහාරවාසී නේපාලයේ පසන්න හිමිවරු ද, ලේක්හවුස් ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්ෂ උපුල් දිසානායක, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සීලරත්න සෙනරත්, නීති අධ්‍යක්ෂ රසාංග හරිස්චන්ද්‍ර, සමාගමේ ලේකම් කුමුදු ගුණවර්ධන, ප්‍රධාන පරිපාලන නිලධාරි රෝහණ ආරියරත්න, සිළුමිණ ප්‍රධාන කර්තෘ කරුණාදාස සූරියආරච්චි, ඩේලි නිවුස් පුවත්පතේ ප්‍රධාන කර්තෘ ලින් ඔකර්ස්, තිනකරන් ප්‍රධාන කර්තෘ එස්. තිලෙයිනාදන්, ඔබ්සවර් ප්‍රධාන කර්තෘ දිනේෂ් වීරවංශ, මෙහෙයුම් කළමනාකාර මහේන්ද්‍ර රුද්‍රිගු, බෙදාහැරීමේ කළමනාකාර සුනිල් සෙන්දනායක මහත්ම මහත්මිහු ද ආයතනයේ සියලුම පුවත්පත්වල කර්තෘවරුන් ඇතුªළු ආයතනයේ ප්‍රධානිහු රැසක් සහභාගි වූහ.

මාදුළුවාවේ සෝභිත හිමි යතිවර සම්භාවනා උළෙල 29 දා

මාඳුළුවාවේ සෝභිත හිමියන්ගේ සැත්තෑවන ජන්ම දිනය නිමිත්තෙන් වන සම්භාවනා උළෙල මැයි 29 වැනිදා අඟහරුවාදා ප.ව. 3.00 ට තෛ‍්‍රනිකායික මහානාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

ඉතිරිය»

 

පොසොන්පුර පසළොස්වක පෝය

පොසොන්පුර පසළොස්වක පෝය ජුනි 03 වැනිදා ඉරිදා අපරභාග 08.19 ට ලබයි.
04 වැනිදා සඳුදා අපරභාග 04.04 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 04 වැනිදා සඳුදාය.

මීළඟ පෝය
ජුනි 11 වැනිදා සඳුදාය.

 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 04

Second Quarterඅව අටවක

ජුනි 11

New Moonඅමාවක

ජුනි 19

First Quarterපුර අටවක

ජුනි 27


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]