UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ලෝක බෞද්ධ සඟ සමුළුව

එදා සිනහ මුසු මුහුණින් යුතුව උසස් ආගන්තුක සත්කාරයෙන් පිරිපුන් රටක් බවට පිළිගෙන තිබූ අප රට කලක් ඉන් බැහැර විය. ඊට හේතුව රටේ යුධ බිය ත්‍රස්ත බිය සියල්ල අබිබවා ඉස්මතුව තිබූ හෙයිනි. සිනහ මුසු මුහුණ වෙනුවට බිය මුසු,සතුටු සිත් වෙනුවට සැකය මුසු මුහුණින් එකිනෙකා දෙස බැලීය. මෙවැනි පසුබිමක ජීවත් වූ කාල පරිච්ඡේදයක් පසු කළ වැසියන්ට 2012 මැයි 08,09 දෙදින නෙළුම් පොකුණ දෙස බැලු කෙනෙකුට ලෝකයේ විවිධ රට වලින් භික්‍ෂූන් වහන්සේලා මෙන්ම ගිහි පින්වතුන් විශාල පිරිසක් ගෙන්වා උසස් ආගන්තුක සත්කාරයෙන් යුක්තව සතුටින් පිළිගෙන සාමකාමි ලෝකයට සාමය උදාවේවා යැයි ප්‍රාර්ථනා කිරීමට අද අප රට සුදුසු සාමකාමී රටක් වනු ඇතැයි කිසිවෙක් නොසිතුවේය.

කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රංග පීඨය 2012 මැයි මස 08,09 දෙදින තුළ බලන්නෙකුට අවුරුදු 30 ක් පුරාවට පැවති කුරිරු යුද්ධය අවසන්ව ගිනිදැල් සහ දුම්රොටු ඉවත්ව දීප්තිමත් අහසේ පූර්ණ චන්ද්‍රයා බැබළෙන්නාක් මෙන් කාසාය වස්ත්‍රයෙන් සැරසීගත් ශ්‍රී ලාංකික සහ විදේශීය භික්ෂූන් එකට එක්ව ලෝක සාමය වෙනුවෙන් පිරිත් සජ්ඣායනා කිරීම ඉතාමත් සිත් ගන්නා සුළු දර්ශනයක් මෙන්ම දුටුවන් සිත් සතන් ප්‍රබෝධමත් කරවන්නාක් විය.

දීර්ඝ කාලයක පටන් ශ්‍රී ලංකාව තුළ ලෝක සාමය සඳහා අප රටේ සාමය කවදා කෙසේ ලැබේදැයි අවිනිශ්චිත විය. සැබවින්ම එය මිරිඟුවක් විය. භික්ෂූන් වහන්සේලා මෙන්ම සියලු රට වැසියන් බලාපොරොත්තු රහිත අවිනිශ්චිත අනාගතයක් දෙස බලා සුසුම් හෙලීය. සාමය සතුට වෙනුවට ත්‍රාසය, බිය අඳුරු වලාවක් මෙන් දසත පැතිරී පැවතිණ. සතුටු සිතින් තොරණ්, කූඩු බැලීම, දාන ශීල භාවනා දී කටයුතු වල නියැලීම රැකී රක්‍ෂා ආදි කටයුතු වලට ගියේද දෙවරක් සිතාය. නමුත් අද සැදැහැ සිතින් මෙත් සිතින් සතුටු සිතින් අප රටේ ආමිස ප්‍රතිපත්ති පූජාවන්හි යෙදෙනවා මෙන්ම මුළු ලෝකයටම සාමය උදාවේවා යැයි ප්‍රාර්ථනා කිරීමට නිදහස් රටක්, සාමකාමී රටක් බවට පත්ව ඇත. එදා සිනහ මුසු මුහුණින් යුතුව උසස් ආගන්තුක සත්කාරයෙන් පිරිපුන් රටක් බවට පිළිගෙන තිබූ අප රට කලක් ඉන් බැහැර විය. ඊට හේතුව රටේ යුධ බිය ත්‍රස්ත බිය සියල්ල අබිබවා ඉස්මතුව තිබූ හෙයිනි. සිනහ මුසු මුහුණ වෙනුවට බිය මුසු,සතුටු සිත් වෙනුවට සැකය මුසු මුහුණින් එකිනෙකා දෙස බැලීය. මෙවැනි පසුබිමක ජීවත් වූ කාල පරිච්ඡේදයක් පසු කළ වැසියන්ට 2012 මැයි 08,09 දෙදින නෙළුම් පොකුණ දෙස බැලු කෙනෙකුට ලෝකයේ විවිධ රට වලින් භික්‍ෂූන් වහන්සේලා මෙන්ම ගිහි පින්වතුන් විශාල පිරිසක් ගෙන්වා උසස් ආගන්තුක සත්කාරයෙන් යුක්තව සතුටින් පිළිගෙන සාමකාමි ලෝකයට සාමය උදාවේවා යැයි ප්‍රාර්ථනා කිරීමට අද අප රට සුදුසු සාමකාමී රටක් වනු ඇතැයි කිසිවෙක් නොසිතුවේය. එහි නියමුවාණන් මා මීට අවුරුදු 15 කට පෙර එක්තරා පුවත්පතක කියවූ ලිපියක සඳහන් වූ ආකාරයට මෙම රටට කවදා හෝ සාමය ගෙනෙන්නේ රුහුණෙන් බිහිවූ කුමරුවෙක් නායකත්වයට පත්ව කියාය. යුද්ධය අවසන් කොට රටට සාමය උදා කළා පමණක් නොව මෙම ලෝක සමුළුවට පූර්ණ දායකත්වය , කැපවීම සහ අනුශාසකත්වය දෙමින් ලෝකයට සාමය උදාවේවා කියා ප්‍රාර්ථනා කිරීම තුළින් ලෝකයේ නායකයින්ට ආදර්ශයක් දෙනු ලැබූ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමන්ට පුණ්‍යානුමෝදනා පූර්වක දිගාසිරි පතමු.

“චරිත භික්ඛවේ චාරිකං
බහු ජන හිතාය
බහු ජන සුඛාය”

යන බුද්ධ වචනයට අනුව ශ්‍රී ලාංකේය භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් විදේශ ධර්ම ප්‍රචාරයේ නියැලෙති. උන්වහන්සේලා නිරන්තරයෙන් රට එකට කොටගෙන කටයුතු කරන භික්ෂූන් වහන්සේලා. ඉහත සඳහන් කළ බුද්ධ වචනයට අනුව රටේත් ලෝක වාසී ජනතාවගේත් සතුට, හිතසුව පිණිස ආත්මාර්ථකාමීත්වයෙන් තොරව පරාර්ථකාමීත්වය පිණිස නිරන්තරයෙන් භික්ෂූන් වහනසේලා කටයුතු කළ යුතුය.

“සුඛෝ බුද්ධානං උප්පාදෝ
සුඛා සද්ධම්ම දේශනා
සුඛා සංඝස්ස සාමග්ගී
සමග්ගානං තපෝ සුඛෝ”

වෙසක් සමය දෙස බැලූවිට ඇත්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේගේ පහළ වීම සැපතකි. රටේ සෑම තැන දන්සැල්, දානශාලා, ශීල ,සමාදාන ,භාවනා ආදි ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා වල යෙදෙමින් සැහැල්ලු සිතින් විවිධ වර්ණයන්ගෙන් චිත්‍රයන්ගෙන් සැදුම්ලද තොරණ්, කූඩු ආදියෙහි සිරි නරඹන පින්වතුන්ගෙන් පිරී පැවතිනි. එමෙන්ම එය තවත් වැඩිදියුණු කරමින් විවිධ ධර්ම සාකච්ඡා, ධර්ම මණ්ඩප, ධර්ම දේශනා විහාරස්ථාන වල මෙන්ම ජනමාධ්‍ය තුලින් පැවැත්වීමෙන් ආමිසය තුළින් ලබන සතුට නිරාමිස සතුටක් බවට පත්වේ.

“සුඛා සංඝස්ස සාමග්ගී” භික්ෂූන් වහන්සේලාගේ සමගිය සැපතකි. “සංඝ” යන වචනයේ ශ්‍රාවක, දායක හිත සුව පිණිස නිරන්තරයෙන් කටයුතු කළ යුතුය. භික්ෂූන් වහන්සේ සමාජයක් යහමගට යොමු කරන සමාජ නියමුවන්ය. නියම සාමය,සතුට ලඟා කර ගැනීමට නම්, විවිධ භේද වෙනස්කම් ,උස් පහත්කම් වලින් තොරව ශීලයෙන් ගුණ ධර්මයන්ගෙන් පරිපූර්ණව බුදුන් වහන්සේ දේශනා කළ පරිදි මධ්‍යම ප්‍රතිපදාව අනුව කටයුතු කළ යුතුය. ශ්‍රී ලංකාව අනාදිමත් කාලයක පටන් භික්‍ෂුව පෙරටු කොටගෙන භික්‍ෂුව මූලිකත්වයේ තබාගෙන කටයුතුකරන සමාජයකි. භික්‍ෂූන් වහන්සේලාද අතීතයේ පටන් රට, වැසියන් වෙනුවෙන් ඇප කැපව කටයුතු කරන පිරිසකි. රටට උවදුරු පැමිණෙන සෑම අවස්ථාවකම එයින් රට නිදහස් කර ගැනීම සඳහා රටවැසියන් බේරා ගැනීම සඳහා ජීවිත පරදුවට තබා කටයුතු කරන්නේය. එය රටට ආශිර්වාදයක්ම වන්නේය. බෝදාගම චන්දිමනාහිමි සහ නාකුලුගමුවේ සුමණ නාහිමි විදේශ ධර්ම ප්‍රචාරයේ නියැලෙන භික්‍ෂූන් වහන්සේලා අතර වේ. උන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් අතිගරු ජනාධිපතිතුමාගේ දායකත්වයෙන් රටවල් 30 ක සහභාගිත්වයෙන් සිදු කළ ලෝක බෞද්ධ සමුළුව ලංකාවේ ප්‍රථම වරට සිදුකළ සාර්ථක බෞද්ධ සමුළුව වනු නියතය. මේ තුලින් රටට ලෝකයට නිරන්තරයෙන්ම සාමය උදාවේවා කියා ප්‍රාර්ථනා කරමින් ඉදිරියේදී රටවල් 100 ක සහභාගිත්වයෙන් ලෝකයට සාමය උදාවේවා කියා ප්‍රාර්ථනා කිරීමට ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු.

 

පොසොන්පුර පසළොස්වක පෝය

පොසොන්පුර පසළොස්වක පෝය ජුනි 03 වැනිදා ඉරිදා අපරභාග 08.19 ට ලබයි.
04 වැනිදා සඳුදා අපරභාග 04.04 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 04 වැනිදා සඳුදාය.

මීළඟ පෝය
ජුනි 11 වැනිදා සඳුදාය.

 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 04

Second Quarterඅව අටවක

ජුනි 11

New Moonඅමාවක

ජුනි 19

First Quarterපුර අටවක

ජුනි 27


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]