UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

ලේක්හවුස් අමාදහර වෙසක් සදහම් කලාපයෙන්
 

ලේක්හවුස් ආයතනය 22 වන වරටත් ඉදිරිපත් කළ “අමාදහර වෙසක් සදහම් කලාපය” මෙවර ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ බැතිබර අනුග්‍රහයෙන් වෙසක් පෝදා (05) විවෘත කෙරිණි. ලේක්හවුස් සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සීලරත්න සෙනරත් මහත්වරුද, ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ක්‍රෙග් යැංග් බාබ්රා යැංග් යුවළද ලේක්හවුස් මන්දිරය අභියස දී එම අවස්්ථාවට එක්වූහ.

ලේක්හවුස් ආයතනය සංවිධානය කරන ‘අමාදහර’ වෙසක් සදහම් කලාපය 2012 දෙවැනි දිනයටත් උත්කර්ෂවත් අන්දමින් (06) පැවැත්විණි. ඒ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වූ වැඩ බලන ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා වෙසක් සදහම් කලාපය විවෘත කරමින්. ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සීලරත්න සෙනරත්, මෙහෙයුම් අධ්‍යක්ෂ උපුල් දිසානායක හා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ක්‍රෙග් යැංග් මහත්වරු ද මෙහි වෙති.

අමාදහර වෙසක් සදහම් කලාපයේ අවසන් දින විදුලි ආලෝකය පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා විවෘත කළ අයුරු. මේ අවස්ථාවට කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ සීලරත්න සෙනරත්, වැඩබලන සභාපති උපුල් දිසානායක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වරුණ මල්ලවාරච්චි, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නාරද සුමනරත්න යන මහත්වරු හා ටෙලිකොම් සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නිලන්ති ජයකොඩි මහත්මිය ද එක්වූහ.

ලේක්හවුස් බැති ගී කණ්ඩායම

වෙසක් කූඩු නිර්මාණ තරගයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග හා සහතික පත් ප්‍රදානය කළ අයුරු. ප්‍රථම ස්ථානය නාරාහේන්පිට සුසන්ත නීලරත්න, දෙවන ස්ථානය උස්වැටකෙයියාවේ නිහාල් පියසිරි හා තෙවන ස්ථානය මට්ටක්කුලියේ එම්.පී. මධුශංඛ විසින් ද දිනා ගනු ලැබීය.

සී/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්) 22 වන වරටත් සංවිධානය කළ අමාදහර සදහම් වෙසක් කලාපයේ අවසානය සනිටුහන් කරමින් තෙවන දින උළෙල විවෘත කරමින් චිරාගත සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දැල්වීම වැඩබලන සභාපති උපුල් දිසානායක මහතා සිදු කළ අයුරු. මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර, ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ සීලරත්න සෙනරත්, දිනමිණ ප්‍රධාන කර්තෘ ගාමිණි ජයලත්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වරුණ මල්ලවාරච්චි යන මහත්වරු සහ ටෙලිකොම් ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි නිලන්ති ජයකොඩි මහත්මිය ද එක්වූහ.

ඡායාරූප:
ලලිත් සී.ගමගේ
වාසිත පටබැඳිගෙ
චමින්ද නිරෝෂණ
සුදත් නිශාන්ත

 
 

වෙසක් අව අටවක පෝය

වෙසක් අව අටවක පෝය මැයි 12 වැනි දා සෙනසුරාදා අපරභාග 03.28 ට ලබයි.
13 වැනි දා ඉරිදා අපරභාග 03.29 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි 12 වැනි දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
මැයි 20 වැනිදා ඉරිදාය
.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 12

New Moonඅමාවක

මැයි 20

First Quarterපුර අටවක

මැයි 28

Full Moonපසෙලාස්වක

ජූනි 04


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]