UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සම්බුද්ධත්ව ජයන්ති වර්ෂ පූර්ණය

සම්බුද්ධත්ව ජයන්ති වර්ෂ පූර්ණ මහෝත්සවයෙන්


උත්සවයට වැඩම කළ සම්භාවනීය මහ සඟරුවන

වැඩමවා වදාළ ගෞරවණීය මහා සංඝරත්නය

තිලෝගුරු අමාමෑණි ලොව්තුරා බුදුරජාණන් වහන්සේ උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට පත්ව වර්ෂ 2600 ක් සපිරීම නිමිත්තෙන් විශේෂ සම්බුද්ධත්ව ජයන්ති වර්ෂ පූර්ණ මහෝත්සවය ගෞරවණීය මහා සංඝරත්නයේ වැඩමවීමෙන් හා අතිගරු ජනාධිපතිමහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්දිරයේදී (03) දින පැවැත්විණි.

දෙදහස් හයසියවැනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති වර්ෂ පූර්ණ මහෝත්සවය තෛ‍්‍රනිකායික මහා නාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයේ සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී (03) පැවැත්විණි.

ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති වර්ෂ පූර්ණය වෙනුවෙන් පැවැති මෙය බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති ජනාධිපති මෙහෙයුම් කමිටුව එක්ව සංවිධානය කර තිබිණි.

සම්බුද්ධත්ව ජයන්ති වර්ෂ පූර්ණ මහෝත්සවය ආරම්භ කරමින් අමරපුර මහා සංඝ සභාවේ මහානායක දවුල්දෙන ඥානිස්සර මහ නාහිමියන් රැස්ව සිටි පිරිස පංචශීලයෙහි පිහිටු වූ අතර වැඩම කළ වදාළ මහ සගරුවන ආරම්භක ගාථාව සඡ්ඣායනය කළහ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති සමයේදී මේ රටේ බෞද්ධ ජනතාව පිළිවෙතින් පෙළ ගැස්සීමට කටයුතු කළ බවත් ඒ මඟින් ජනතාවගේ ජීවිත හැඩ ගස්සවා ගැනීමට හැකි වූ බවත් පැවැසීය. එහිදී මහනාහිමිවරුන් විසි වැදෑරුම් වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ බව සඳහන් කළ ජනාධිපතිවරයා රජය එය පිළිගත්තා සේම ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කමිටුවක් පත් කළ බවද, බුද්ධශාසන අමාත්‍යාංශයට අමතරව අනෙකුත් අමාත්‍යාංශද සබැඳි ආයතන ආදියද කැපවීමෙන් කටයුතු කළ බවත් පැවැසීය. දෙදහස් හය සිය වන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති වර්ෂපූර්ණ මහෝත්සවයට සමඟාමීව මුද්දරයක් සහ මුල් දින කවරයක් එළි දැක්වුණු අතර බුදු සසුනේ අභිවෘද්ධිය වෙනුවෙන් දස අවුරුදු ඉදිරි වැඩපිළිවෙළක්ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගැන්විණි. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඔලිවර් අබේනායක හා මහාචාර්ය අසංග තිලකරත්න විසින් සම්පාදිත ලෝකයේ රටවල් 64 ක බුදු දහමේ විකාශය පිළිබඳ තොරතුරු ඇතුළත් “2600 Years of Buddhism” ග්‍රන්ථයද ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලදී... මල්වතු පාර්ශවයේ අනු නායක නියංගොඩ විජිතසිරි, කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමිවරුද මැති ඇමැතිවරුද, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාද මේ අවස්ථාවට සහභාගි වූහ.

 

වෙසක් අව අටවක පෝය

වෙසක් අව අටවක පෝය මැයි 12 වැනි දා සෙනසුරාදා අපරභාග 03.28 ට ලබයි.
13 වැනි දා ඉරිදා අපරභාග 03.29 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි 12 වැනි දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
මැයි 20 වැනිදා ඉරිදාය
.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 12

New Moonඅමාවක

මැයි 20

First Quarterපුර අටවක

මැයි 28

Full Moonපසෙලාස්වක

ජූනි 04


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]