UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සම්බුදු තෙමගුල සමරා පිදේ බැති මල් හැමතැන

 

ජය සිරි මහ බෝ සමිඳුන් සෙවණේ දී පෝදා දවස පුරා පින්කම්

මහාවිහාර වෙසක් පුන් පොහොය වැඩසටහන (5 වැනිදා) පෙරවරු 6.00 සිට පසු දින පෙරවරු 6.00 දක්වා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ.

පුන් පොහෝ දිනවල අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයට පෙහෙවස් සමාදන් වීමට පැමිණෙන සැදැහැවතුන් සඳහා අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි ජයසිරි මහ බෝ සමිඳුන් සෙවණේ දී පැවැත්වෙන විධිමත් පුන් පොහොය වැඩසටහන් මාලාවේ 41 වැනි පුන් පොහොය වැඩසටහන මෙය වේ.

වෙසක් පුන් පොහෝ දින පෙරවරු 8.00 ට මහාවිහාර සන්නිපාත ශාලාවේ දී මහා විහාර ධර්ම සංග්‍රහය 3 දහම් පොත එහි සංස්කාරක රෝහිත විජයතිලක මහතා විසින් මහාවිහාර සංඝ සභාවේ සභාපති, පල්ලේගම සිරිනිවාස නාහිමියන් වෙත පිළිගැන්වීමට නියමිතය. අනතුරුව අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනය පැවැත්වේ.

මෙම වෙසක් පුන් පොහොය වැඩසටහනට ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා, බුද්ධ පූජා සහ බෝධි පූජා ද ඇතුළත් වේ. පුන් පොහොය වැඩසටහනට සහභාගි වී පෙහෙවස් සමාදන් වන පින්වතුනට උපෝසථ ශීලය රැකීමට අවශ්‍ය දානමානාදී පහසුකම් අටමස්ථානාධිපති නාහිමියන්ගේ අනුශාසනා පරිදි දානපතියන් විසින් සලසා දෙනු ලැබේ.

මැයි මස 6 වැනි දා, ඉරිදා, එනම් වෙසක් පුන් පොහොය දිනට පසු දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ දී භාවනා වැඩසටහනක් ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී එදින පෙරවරු 8.00 සිට පෙරවරු 10.00 තෙක් පැවැත්වේ. එය මෙහෙයවනු ලබන්නේ රෝහිත විජයතිලක මහතා විසිනි.


කළුතර බෝධිය

කළුතර බෝධි භාරකාර මණ්ඩලය කළුතර බෝධි පරිශ්‍රයේ පවත්වනු ලබන වෙසක් පෝදා ආගමික වැඩසටහන් මාලාව මෙසේ ය.

පෝදා පෙරවරු 6.30 – 7.30 සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව මෙහෙයවීම ගැටඅරළුවේ විපුල ධම්ම හිමි, 8.00 – 9.00 භාවනා වැඩසටහන කම්මට්ඨාචාර්ය, පාදුක්කේ සද්ධාධජ හිමි, 9.45 – 11.15 දේශනය, ශාස්ත්‍රවේදී ශේන් බ්ලොක් මහතා, 11.15 මරණයට කැප වූ ගවයින් නිදහස් කිරීමේ පින්කම අනුශාසනය පලාතොට පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ, භික්‍ෂු විවේකාරාමය, පලාතොට, කළුතර ප.ව. 1.00 – 2.30 ධර්ම දේශනය කහගොල්ලේ සෝමවංශ හිමි. 2.45 – 5.00 දේශනය මහාචාර්ය දයා රෝහණ අතුකෝරළ මහතා, 5.15 – 6.30 ධර්ම දේශනය තලගල ආරන්‍යවාසී බුලත්සිංහල සමිත හිමි, 6.45 – 7.30 පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේගේ බෝධිපූජාව (පටිගත කළ එකකි) 7.45 – 9.00 ධර්මාචාර්ය කේ. පරණවිතාන මහතා, මෙහෙයවන නව අරහාදී පහන් පූජාව, 9.15 සිට රූපවාහිනිය තුළින් බෞද්ධ වෙහෙර විහාර ස්ථාන නැරඹීම.


කොළඹ ශ්‍රී සම්බෝධි විහාරය

වෙසක්පුර පසළොස්වක පොහෝ දා කොළඹ 07 ග්‍රෙගරි පාරේ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ ශීල සමාදාන වැඩසටහන් විස්තරය මෙසේ ය. අලුයම 6.00 ට කිරි ආහාර පූජාව සමගින් බෞද්ධයා නාලිකාවේ විකාශනය ආරම්භ වීම.

පෙරවරු 6.00 – 7.15 සීල සමාදානය, භාවනාව හා අනුශාසනාව, මෙහෙයවීම “බෞද්ධයා” රූපවාහිනි නාලිකාවේ සභාපති සහ ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති, ඉංගී‍්‍රසි දහම් පාසලේ විදුහල්පති ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසලධම්ම නා හිමි, පෙ.ව. 8.00 – 9.00 ධර්මදේශනාව ලබුනෝරුව කන්ද අරණ්‍ය සේනාසනයේ ධර්මාචාර්ය මාංකඩවල සුදස්සන හිමි. 10.00 – 11.00 දම් දෙසුම ඉගුරුවත්තේ ධම්මගවේෂී හිමි, 11.00 – 11.30 ව්‍යජන තිස්දෙකක් සහිත සම්බුද්ධ පූජාව, මෙහෙයවීම, සම්බෝධි විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසලධම්ම නාහිමි, පස්වරු 12.30 – 2.00 දම්සභා මණ්ඩපය, ත්‍රිපිටකාචාර්ය මීරහවත්තේ පඤ්ඤාසිරි හිමි, සබරගමු පළාත් ආණ්ඩුකාර වී.ජ.මු. ලොකුබණ්ඩාර මහතා, මහාචාර්ය දයා අමරසේකර මැතිතුමා, මෙහෙයවීම නීතිඥ ශෂික ජයතිලක මහතා, 2.00 – 3.00 භාවනාව, ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේඛකාධිකාරී ත්‍රිපිටක විශාරද කහගොල්ලේ සෝමවංශ නා හිමි. 3.30 - 4.30 ධර්මදේශනාව පස්යාල මුරුතවල ධර්මචක්‍රාරාමාධිපති ශාස්ත්‍රපති හාපිටිගම විජිත හිමි, 4.30 – 5.30 ධර්මදේශනාව, වටගොඩ මග්ගවිහාරී හිමි, යාපනය ආඥාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතා සහ ධම්මිකා හතුරුසිංහ මහත්මියගේ දායකත්වයෙන් සාදා නිම කළ පිරිනිවන් බුද්ධ ප්‍රතිමා ගෘහය විවෘත කිරීමේ පුණ්‍යෙීත්සවය මෙහෙයවීම, සත්බුදු වන්දනාව සහ සිල් පවාරණය, මෙහෙයවීම, ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසලධම්ම නාහිමි.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ

තරුණ සීල සමාදාන පින්කම

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදානය මෙහෙයවන වෙසක් පෝදා වැඩසටහන මෙසේ ය.

පෝදා පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව විනයාචාර්ය හිඟුරක්ගොඩ විභාවි මාහිමි, 8.00 – 9.00 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව පරගහවත්තේ පඤ්ඤාසිරි හිමි, 10.00 – 11.15 දුෂ්කර පන්සල් සඳහා ගරු භාණ්ඩ පූජාව, පරෝපකාර සංග්‍රහය ධර්ම දේශනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු, 12.25 – 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා, 12.30 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ අම්පිටියේ සද්ධාවාස හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 – 3.00 දේශනාව මහාචාර්ය ජේ.බී. දිසානායක මහතා, 3.00 – 4.00 ධර්ම දේශනාව වැලිහෙළතැන්නේ කල්‍යාණසිරි මාහිමි, 4.15 – 5.00 ධම්මපදය, ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5.00 – 6.00 ධර්ම දේශනාව දියතලාවේ පියදස්සි හිමි, 6.00 – 6.30 බෝධි පූජාව ශාස්ත්‍රපති හක්මන සුමනසිරි මාහිමි.

වැඩිහිටි සීල සමාදාන පින්කම

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වෙසක් පෝදා පැවැත්වෙන වැඩිහිටි සීල සමාදාන වැඩසටහන මෙසේ ය.

පෝදා පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, මහඔය අනුරුද්ධ හිමි, 8.00 – 9.00 භාවනාව හක්මන සුමනසිරි හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව, බෙල්ලන්විල විමලරතන අනු නාහිමි, 10.00 – 11.00 අභිධර්ම කතාව පියදාස මුතුගම මහතා, 11.00 – 11.15 බුද්ධ පූජාව හොරවල සන්තසිරි හිමි, රත්නපුරේ ධම්ම විනීත හිමි, පස්වරු 12.35 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ බංගලිදේශයේ සද්ධානන්ද හිමි, බංගලිදේශයේ සුමනවංශ හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ගල්කිස්සේ සෝමානන්ද හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව තිරිකුණාමලේ ආනන්ද අනුනාහිමි, 3.00 – 3.30 විශේෂ අනුශාසනාව, වැලිගම ඥානරතන මහ නා හිමි, 4.00 – 5.00 ධර්මදේශනාව, මඩිහේ සුගතසිරි නා හිමි, 5.00 – 6.00 ධම්මපදය, පානදුරේ පසන්න හිමි, 6.00 – 6.30 බෝධිපූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම, හක්මන සුමනසිරි හිමි.


බම්බලපිටිය සිරි වජිරාරාමය

වෙසක් පෝදා සීල සමාදන වැඩසටහන මෙසේ ය.

පෙරවරු 6.00 – 7.15 සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව සිරි වජිරාරාමාධිපති රාජකීය පණ්ඩිත ත්‍රිකුණාමලේ ආනන්ද අනුනායක හිමි, 8.00 – 9.30 ධර්මානුශාසනාව පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි, 9.30- 10.00 විශේෂ ධර්මානුශාසනාව අග්ගමහා පණ්ඩිත වැලිගම ඤාණරතන මහා නා හිමි, 10.00 – 11.00 භාවනාව සහ අනුශාසනාව රාජකීය පණ්ඩිත තලල්ලේ චන්දකිත්ති හිමි, පස්වරු 12.30 – 1.00 සෙත්සිරි හා තෙරුවන් ගුණ සජ්ඣායනය, සිරි වජිරාරාම දහම් පාසලේ ප්‍රධානාචාර්ය කඹුරුගමුවේ මහාන හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව පණ්ඩිත වැලිගේපොල සීලවංශ හිමි, 2.00 – 2.45 ඇමරිකාවේ හවායිහි වියට්නාම ජාතික තිච්තොන් හයි නාහිමිපාණන් පිළිගැනීම හා අනුශාසනාව, 3.15 – 4.15 ධර්මානුශාසනාව ධර්මායතනවාසී දියතලාවේ පියදස්සී හිමි, 4.15 – 5.15 ධර්මානුශාසනාව ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ දර්ශන අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පිටිගල විජිත හිමි, 5.15 – 6.15 ගිහි දේශනාව, කැලණි විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය සුමනපාල ගල්මන්ගොඩ මහතා, 6.15 – 6.30 අටවිසි බුද්ධ පූජාව සහ බෝධි පූජාව සිරි වජිරාරාමයේ ස්වාමීන් වහන්සේලා, 6.30 – 7.30 වෙසක් ධර්ම දේශනාව සිරි වජිරාරාමාධිපති රාජකීය පණ්ඩිත ත්‍රිකුණාමලේ ආනන්ද අනුනාහිමි.


මාතර තරුණ බෞද්ධ සමිතිය

සිල් සමාදන් කරවීම දෙහිගස්පේ සිරිවිමල හිමි, සිල් ආවර්ජනාව, කාවින්ද සිරිවර්ධන මහතා, විදර්ශනා මාර්ගය, ආචාර්ය ලක්‍ෂ්මන් බණ්ඩාර රාජපක්‍ෂ මහතා බුද්ධ වන්දනාව, පැලෑනේ සුවිනීත හිමි, රණවිරුවන්ට සෙත් පතා සෙත් පිරිත් සජ්ඣායනාව ගම්මැදගම චන්ද්‍රජෝති නාහිමි අනුශාසනා පරිදි නවලෝකගම චන්දිම, බෙලිගල්ලේ මුදිත, නෙරලම්පිටියේ දිනිඳු සාමණේර ස්වාමීන් වහන්සේලා ධර්ම සාකච්ඡාව, ධර්මාචාර්ය වලස්ගල පඤ්ඤාසිරි හිමි, විශේෂ ධර්ම දේශනාව කැකනදුරේ හේමාලංකාර හිමි විශේෂ කවි බන දෙසුම, බඹරැන්දේ වජිරනන්ද හිමි, සිල් පවාරණය, පාතේගම සංකිච්ච හිමි.


ශ්‍රී විජයසුන්දාරාම පුරාණ විහාරය

වත්තල හුණුපිටිය ශ්‍රී විජයසුන්දාරාම පුරාණ විහාරයේ වෙසක් පොහෝ දින වැඩසටහන මෙසේ ය. අලුයම 6.00 සිල් සමාදන් කරවීම මාලිබොඩ සුගතනන්ද හිමි පෙ.ව. 7.30 විශේෂ දේශනය මහාචාර්ය ඥානදාස පෙරේරා මහතා පෙ.ව. 9.30 විශේෂ දේශනය කථිකාචාර්ය බන්දුල අත්තනායක මහතා , දහවල් 12.00 පිරිත් දේශනය පියදස්සි හිමි, නීග්‍රෝධ හිමි, නන්දවංශ හිමි, ප.ව. 1.00 ධර්මදේශනාව බුත්කන්දේ රතනජෝති හිමි, ප.ව. 2.00 භාවනාව ඇල්පිටිවෙල නන්දවිමල මාහිමි ප.ව. 4.00 ධර්මදේශනාව වේවැල්දූවේ ධම්මකිත්ති හිමි ප.ව. 5.00 සිල් නැවත සමාදන්කරවීම, පවාරණය වනවාසල ධම්මකුසල හිමි ප.ව. 6.00 අටවිසි බුද්ධ පූජාව හසලක අමිතසිරි, විජේරියේ විජිතනන්ද හිමිවරු රාත්‍රී 7.00 කාව්‍ය ධර්මදේශනාව උස්වැව මේධානන්ද හිමි.


කුප්පියාවත්තේ ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්ත ජයශේඛරාරාම මහාවිහාරස්ථානයේ වෙසක් පුර පසළොස්වක පොහෝදා, ශීල භාවනා ධර්මදේශනා මාලාවක් බස්නාහිර පළාතේ උප ප්‍රධාන, අධිකරණ සංඝනායක ත්‍රිපිටකාචාර්ය තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් දවස පුරා පැවැත්වේ.

පෙරවරු 6.00 – 6.30 දක්වා උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ ආචාර්ය විහාරාධිකාරී රජවත්තේ වප්පහිමි, 7.00 – 7.30 සම්බුද්ධ පූජාව කිරිපිඬු සම්බුද්ධ පූජාව, මෙහෙයවීම තලල්ලේ සිරිමහින්ද හිමි, 8.00 – 9.00 ට භාවනා වැඩසටහන මෙහෙයවීම විහාරාධිකාරී රජවත්තේ වප්ප හිමි, 9.15 – 10.15 ධර්ම දේශනය රජවත්තේ වප්ප හිමි, 10.30 – 11.00 සම්බුද්ධ පූජාව, තලල්ලේ සිරිමහින්ද හිමි, 12.15 – 12.30 ට සෙත් පිරිත් සජ්ඣායනාව විහාරස්ථ උපාසක උපාසිකා සමිතිය, 1.00 – 2.00 විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ මාසික රැස්වීම, තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් 2.15 – 3.00 භාවනා වැඩසටහන තලල්ලේ සිරිමහින්ද නාහිමි, 3.15 – 4.15 ධර්ම දේශනය දෙනියායේ සිරිනන්ද හිමි ප.ව. 5 සිට 6 දක්වා ධර්ම දේශනය උඩුදුම්බර විජයකිත්ති හිමි, 6.00 සිල් පවාරණය තලල්ලේ සිරි මහින්ද නාහිමි, 6.45 – 7.45 ට මල්පහන් ගිලන්පස සහිත සම්බුද්ධ පූජාව හා අටවිසි බුද්ධ පූජාව, රාත්‍රී 8.00 – 9.00 දක්වා ධර්ම දේශනය.


ශ්‍රී ගෝතමී විහාරය

බොරැල්ලේ ශ්‍රී ගෝතමී විහාරස්ථානයේ සීල සමාදාන වැඩසටහන මෙසේ ය. පෙරවරු 6.00 ට සීල සමාදානය හා අනුශාසනාව මාමඩලේ විමල හිමි, 6.15 බුද්ධ චීවර පූජාව 6.30 සම්බුද්ධ පූජාව 8.15 භාවනාව - ආටිගල අමිතදේව හිමි 9.15 බුදුසරණ පුවත්පත බෙදාදීම හසිත දියබලනගේ තිලංක දියබලනගේ සොහොයුරන් 10.00 ධර්ම දේශනාව කහටපිටියේ පඤ්ඤාසාර හිමි, ප.ව. 1.30 ධර්මදේශනාව පණ්ඩිත අම්බුලුගල සුමංගල හිමි, 3.00 ධර්මදේශනාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති මාමඩලේ විමල හිමි 4.30 වෛද්‍ය දේශනය බස්නාහිර පළාත් සභාවේ දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය ජී.ඒ. වාඩිප්පෙරුම මහතා 6.00 සීල පවාරණය හා අටවිසි බුද්ධ පූජාව බෝලානේ අතුල හිමි.


තලවතුගොඩ සංඝමිත්තාරාමය

වෙසක් පුන් පොහෝ දින වැඩසටහන මෙසේ ය. අලුයම 5.30 ට විශේෂයෙන් සැකසූ ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක් පැවැත්වේ. පෙරවරු 8.00 – 9.00 දක්වා කොටපොල අමරකීර්ති හිමියන් විසින් පවත්වන ධර්ම දේශනාවක් ද 9.30 – 11.00 ගණේමුල්ලේ නිස්සරණි දසසිල් මාතාව විසින් මෙහෙයවන භාවනා වැඩසටහනක් ද පස්වරු 12.30 – 1.00 දක්වා ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය, 1.00 – 1.45 කඩවත විමුක්ති දසසිල් මාතාව විසින් මෙහෙයවන භාවනා වැඩසටහනක් ද 2.00 – 3.00 කෑගල්ලේ විමංසා දසසිල් මාතාව විසින් මෙහෙයවන භාවනා වැඩසටහනක් ද 3.00 සිට ප.ව. 4.00 දක්වා බලංගොඩ ආනන්ද චන්දකිත්ති හිමි ද 4.00 සිට ප.ව. 5.00 දක්වා මිරිස්සේ ධම්මික හිමි විසින් පවත්වන ධර්ම දේශනාවක් ද සවස 6.00 ට විසිතුරු මල්, පහන්, ගිලන්පස අටවිසි බුද්ධ පූජාවක් මොරවක ශාන්ත හිමියන් විසින් පවත්වනු ලබයි.


ශ්‍රී කල්‍යාණි ධර්ම පෙරමුණ

කොළඹ 07, 417, බෞද්ධාලෝක මාවත, ශ්‍රී කල්‍යාණි ධර්ම පෙරමුණ මැයි 04, 05, 06 යන තෙදින මහා පින්කම් මාලාවක් මිරිහානේ නන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වේ.


භාවනා

මිනුවන්ගොඩ අභිධර්මාචාර්ය ඊ.ඒ. පියරතන මහතා විසින් සෑම පුරපසළොස්වක පොහොය දිනකම පවත්වාගෙන එනු ලබන ‘විදර්ශනා භාවනා හා දේශනා’ වැඩසහන් මාලාව මැයි 05 වෙනි වෙසක් පුර පසළොස්වන දින පහත සඳහන් විහාරස්ථානයන්හිදී පැවැත්වේ.


සංකල්ප විහාරයේ පින්කම් මාලාවක්

පිළියන්දල මාකන්දන, ශ්‍රී සංකල්ප විහාරස්ථානයේ අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේ විවෘත කිරීම සමඟින් පින්කම් මාලාව මැයි මස පළවන දින ඇරඹිනි. එදින සිට රාත්‍රී 7 ට දිනපතා අෂ්ඨපාන චතුමධුර ගිලන්පස බුද්ධ පූජාව පැවැත්වේ. මැයි මස 04 වන දින පෙරවරු 10 ට අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේ විවෘත කිරීම, ශ්‍රීපාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ. එම අවස්ථාවට කොලොන්නාවේ සිරි සුමංගල අනුනාහිමි සහ අඹේවෙල පඤ්ඤාසාර මහනාහිමි සහ කම්කරු සහ කම්කරු සබඳතා අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් පේ‍්‍රමදාස, කරූ ජයසූරිය හා දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංගදෑල යන මහත්වරු ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගි වේ.

වෙසක් පෝ දින දවස පුරා විශේෂ සිල් වැඩසටහන් පැවැත්වෙයි.‍‍


වෙසක් පොහොය වෙනුවෙන් ශ්‍රී අරියනන්දාරාමයේ පින්කම්

වේයන්ගොඩ කටුවස්ගොඩ ශ්‍රී අරියනන්දාරාම පුරාණ විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ අටවිසි බෝධීන් වහන්සේලා සහිත හිටි බුද්ධ ප්‍රතිමා වහන්සේලා නිරාවරණය කිරීමේ පුණ්ණ්‍යෙීත්සවය හා බෝධීන් වහන්සේ වටා ඉදිකළ රන්වැට විවෘත කිරීම ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මඩිතියවෙල ශ්‍රී මේධංකර නාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නය සහ ආරාධිත අමුත්තන්ගේ සහභාගීත්වයෙන් වෙසක් පුන් පෝදා පෙරවරු 8 ට සිදු කෙරෙන අතර එදින විහාරාධිපති ශාස්ත්‍රපති මහගම සීලානන්ද හිමියන් විසින් රචිත ධර්ම ග්‍රන්ථ ත්‍රිත්වයක් දොරට වැඩීමද සිදු කෙරේ.


හම්බන්තොට සිංහගිරි විහාරයේ වෙසක් සිරි

හම්බන්තොට අඩි 100 පාර සිංහගිරි විහාරයේදී වෙසක් පුන් පොහොය නිමිත්තෙන් පින්කම් මාලාවක් පැවැත්වේ.

සිංහගිරි විහාරාධිපති සූරියවැව ජාතික පාසලේ ආචාර්ය විතාරන්දෙණියේ වජිරවංස හිමියන්ගේ අනුශාසනා පරිදි මැයි 03 දා ශ්‍රමදානයක්ද මැයි 4 දා භාවනා වැඩසටහනක් ද 05 දා සීල සමාදානය හා වෙසක් පහන්කූඩු ප්‍රදර්ශනයක්ද 06 දා විශේෂ ධර්ම දේශනාවක් හා ආශිර්වාද බෝධි පූජාවක්ද පැවැත්වේ.

මැයි 06 දා දහම් පාසල් සිසුන්ට පාසල් උපකරණ බෙදාදීමේ උළෙලක් ද පැවැත්වේ. සිංහගිරි දැහම් පාසල සහ ධර්ම විජය පදනම මගින් එම පින්කම් මාලාව සංවිධානය ඇත.

 

වෙසක් පුන් පෝය

වෙසක් පුන් පෝය මැයි මස 05 වැනිදා සෙනසුරාදා අපරභාග 12.53 ට පුර පසලොස්වක ලබයි.
06 වැනිදා ඉරිදා පූර්වභාග 09.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි 05 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
මැයි 12 වැනිදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

New Moonඅමාවක

මැයි 20

First Quarterපුර අටවක

මැයි 28


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]