UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රශ්නය
පියුමතුරා බුදුරදුන් සමීපයෙහි මෙම මතු බුදු සසුනක ධර්ම කථික භික්‍ෂුණීන් අතර අගතනතුරු පතමි” යනුවෙන් කළ ප්‍රාර්ථනාව ඉටුකරමින් ගෞතම බුදුරජාණන් වහන්සේ අබියස පසුකලෙක ධර්ම කථික භික්ෂුණීන් අතර අගතනතුර ලැබූ රහත් තෙරණිය කවුද?

පිළිතුර
ධම්මදින්නා රහත් තෙරණිය

ප්‍රශ්නය
ව්‍යාපාදයද අකුසල කර්මයකි. එහි විපාක පිළිබඳව පැහැදිලි කරන්න.

පිළිතුර
ව්‍යාපාද අකුසල කර්ම විපාකය සිදුවීම සඳහා ප්‍රධාන හේතු දෙකක් තිබිය යුතුය.

1. පුද්ගලයෙකු හමුවීම
2. ඒ තැනැත්තාට වධ හිංසාවක් පැමිණවීම සඳහා සිතීමය.

මතු භවයකදී විරූපී බව හා ආබාධිත බව හා අපි‍්‍රය ජනක තැනැත්තෙකු වීම ව්‍යාපාද අකුසල කර්මයෙහි විපාක දෙයි.

ප්‍රශ්නය
බුදුරජාණන් වහන්සේ ලිච්ඡවීන් අතර පැවැති සමූහාණ්ඩු ක්‍රමය පිළිබඳව මහත් සැලකිල්ලක් පැවැති බව ලිච්ඡවීන් සඳහා අපරිහාණීය ධර්ම සතක් දේශනා කළ සේක. ලිච්ඡවීන් උදෙසා දේශනාකොට වදාළ එම සප්ත අපරිහානීය ධර්ම මොනවාද?

පිළිතුර
සප්ත අපරිහාණීය ධර්ම

1. නිතර සාකච්ඡා කිරීම
2. ඔවුනොවුන් අතර පි‍්‍රය මනාප බව එක්වීම හා විසිරයාමද සතුට සිතැතිව සිදුවීම
3. පැරැණි දැහැමි පිළිවෙත් නොකඩවා සවන්දීම
4. වැඩිහිටි අවවාද අනුශාසනාවලට සවන්දීම හා පිළිවෙතින් ඔවුන් හා එක්වීම, ගරුකිරීම
5. කාන්තාවන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීම

ඉපැරැණි ආගමික පූජස්ථානවලට පුදසිරිත් නොකඩවා පවත්වා ගෙන යාම

ලිච්ඡවී රාජ්‍යයට ඇතුළුවන රහතන්වහන්සේලා ගේ පැවැත්මට බාධා නොවන පරිදි කටයුතු කිරීම.

ප්‍රශ්නය
පරපටිබද්ධ වූ ගිහි සිව්පසයෙන් යැපෙන භික්ෂු ජීවිතය සිව් පසය ලැබීම සඳහා සත්ත ආහුනෙය්‍ය කරුණු සතතින් තම පිළිවෙත් සකස් කරගත යුතුය. සැදැහැවතෙකු ලැබෙන පුද සත්කාර පිළිගැනීමට සුදුසු නම් හතක් ධර්මග්‍රන්ථවල සඳහන් වෙයි. ඒ මොනවාද?

පිළිතුර
සත්ත ආහුනෙය්‍යපට්ඨානානි “ ප්‍රජා ලැබීමෙහි සුදුසු සාධක
ධම්මඤ්ඤතා - ධර්මඤාණය
අත්ථඤ්ඤාතා– අර්ථය දැනීම
අත්තඤ්ඤතා - තමා හදුනාගැනීම
මත්තඤ්ඤතා– පමණ දැනීම
කාලඤ්ඤතා – කාලය දැනීම
පරිඝඤ්ඤතා - ශ්‍රාවක පිරිස් හදුනාගැනීම
පුග්ගල පරොපඤ්ඤතා – පුද්ගල ගති ලක්‍ෂණ හඳුනා ගැනීම

ප්‍රශ්නය
බුදු දහමට අනුව ධනය හෝ කායික වැනි භෞතික ශක්තීන්ට වඩා පුද්ගල අධ්‍යාත්මික ශක්තියම නිරතුරුවම අගය කරයි මෙම අධ්‍යාත්මික සුවිශේෂ ශක්තීන් මොනවාද?

පිළිතුර
ශ්‍රද්ධාව - සද්ධ වලට
වීර්ය – විරිය
ලජ්ජාව– හිරි
බිය –ඔත්තප්ප
සිහිය – සති
සමාධිය - සමාධි
ප්‍රඥා- පඤ්ඤා

බාහිර ශක්තීන්ට වඩා අධ්‍යාත්මිකව මේ ගුණ ධර්ම පුරා ඇත්නම් ඒ තැනැත්තා දැහැමි සත්පුරුෂයෙක් මෙන් ආත්මීය ශක්තියක්ද ඔහුට ලැබෙයි.

ප්‍රශ්නය
සක්විති රජෙකු සතු “සත්රුවන්” සත්ත රතන යනුවෙන් බෞද්ධ ග්‍රන්ථවල සඳහන් වෙයි. සක්විති රාජ පදවියට පත්වීමෙන් ඔහු පින් පල වශයෙන් සප්ත රත්නයන් පහළවන බව සඳහන් වෙයි. මෙම සප්ත රත්න මොනවාද?

පිළිතුර
චක්‍රරත්නය ,ඇතුන්, ආජානීය අශ්වයන් ,මැණික්, අග්‍ර මහේෂිකාව ,රාජපාක්ෂික ජනතාව (ගහපති) සේනාව පරිණායක යනු මේ සප්ත රත්නයන්ය.

ප්‍රශ්නය
පෙළ දහමට අනුව අපාය පිළිබඳව විවිධ නාමයන් සඳහන්ව ඇත. අට මහා නිරය නාමිකව සඳහන් කරන්න.

පිළිතුර
සංජීව කාලසූත්‍ර, සංඝාත පෝරුව ධූම රෝරුව මහචීවි , තාප ප්‍රතාප ත්‍රිපිටක පාලි ග්‍රන්ථ වල මෙම අටුවා ග්‍රන්ථ වල විවිධ අපාය පිළිබඳ නාමයන් සඳහන් වෙයි.

අංගුත්තර හා සංයුත්ත නිකාය ග්‍රන්ථයන්හි අට මහා නරකයන් පිළිබඳව මෙසේ සඳහන් වෙයි. ඒ අනුව

අබ්බූද, නිරබ්බූද, අබබ, අටට, අහහ, කුමුදු සොගන්ධික උප්පල පූණ්ඩරීකත හා පදුම,

(සංනි. 1 149 පිටු – අංනි, 473 පිටු)

 

බක් අමාවක පෝය

බක් අමාවක පෝය අප්‍රේල් 20 වැනි දා සිකුරාදා පූර්ව භාග 10.28 ට ලබයි.
21 වැනි දා සෙනසුරාදා අපර භාග 12.50 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 20 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 29 වැනි දා
 ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අපේ‍්‍රල් 20

First Quarterපුර අටවක

අප්‍රේල් 29

Full Moonපසෙලාස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]