UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

වට්ටාරම ශ්‍රී අරහත්ත මලිහදේව රාජ මහා විහාරය


බුද්ධ ප්‍රතිමා වහන්සේ

රහතන් වහන්සේ නමකගේ පා පහස ලත් අක්කර දහයකින් පමණ සැදුම්ලත් සරු බිමක පිහිටි “වට්ටාරම ශ්‍රී අරහත්ත මලහදේව රාජ මහා විහාරය” එදත්, අදත්, මතුවටත් බොදු දන මන නෙත ඇද ගන්නා අතිශයින්ම ආකර්ෂණීය පින් කෙතකි.


චෛත්‍යය

මෙම විහාරස්ථානය පිහිටා ඇත්තේ පොල්ගහවෙල නගරයට කිලෝමීටර හතරක් ද, කෑගල්ල නගරයට එමෙන් දෙගුණයක් ද දුරින් පිහිටි ඉඹුල්ගස්දෙණිය නම් වූ ග්‍රාමයේ ය.

මෙම ස්ථානය පසුකැර යනෙන වන්දනා නඩ පමණක් නොව, වෙනත් දෙස් විදෙස් සංචාරකයන් ද නිතර නිතර මෙහි පැමිණෙනුයේ මේ හා සබැඳි ආකර්ෂණීය පෙනුම මෙන්ම පෞරාණිකත්වය ද හේතුකොට ගෙන ය.

දැනට මෙහි භාරකාරත්වය උසුලන ආචාර්ය මාකඩවර ආනන්ද හිමිපාණන් පවසන පරිදි මෙම පුද බිමට අතීතයේ දී ‘වට්ටාරම’ යන නාමය පටබැඳී ඇත්තේ මෙය වටා එවකට ආරාම රැසක් පැවැති නිසාවෙනි.

පෙර රජ දවස මෙම විහාර සංකීර්ණයට රාජ අනුග්‍රහය බෙහෙවින්ම ලැබී ඇත. පසු කාලීන යම් යම් හේතූන් මත මෙහි නඩත්තු කටයුතු කිසියම් ප්‍රමාණයකට අක්‍රමවත්වූ නිසාදෝ ගොඩනැගිලි කිහිපයක්ම අබල දුබල වී ගරා වැටීමට ලක් වූ සෙයක් පෙනේ.

ඇතැම් පැරණි ගොඩනැගිලි වහළ අර්ධ වශයෙන් දිරාපත් වී ඇති බවක් ද, තවත් ගොඩනැඟිලි ගරා වැටෙමින් පවතින බවක් ද පෙනී යයි.

මලිහදේව මහරහතන් වහන්සේ වැඩ සිටි බව සැළකෙන ස්ථානයේ නටබුන් ද සුවිසල් ඉපැරැණි බෝධීන් වහන්සේත්, චිත්තාකර්ෂණීය විහාර මන්දිරය සහ චෛත්‍යයත් නිසා මෙම පුදබිමට ඓතිහාසික මෙන්ම, බෞද්ධ සංස්කෘතික වශයෙන් ද ඉතා වටිනාකමක් ප්‍රදානය කරයි.


මාකඩවර ආනන්ද හිමි


රහතන් වහන්සේ වැඩ සිටි බව කියන ස්ථානයේ නටබුන්

පොහොය දිනවලදී සුදුවතින් සැරසුණු බැතිමතුන්ගෙන් අතුරු සිදුරු නොමැතිව පිරෙන පුදබිම වෙත වන්දනාමාන සඳහා පැමිණෙන වන්දනාකරුවන්ගෙන් ද අඩුවක් නොමැත. ලාංකේය බුදු සසුන හා සම්බන්ධ පැරැණි වටිනාකම් සහිත මෙවන් සුවිශේෂී ස්ථාන මතුපරපුර වෙනුවෙන් ද සංරක්‍ෂණය කර හොඳින් පවත්වාගෙන යාම අප කාගේත් වගකීමක් වෙයි.

 

 

 

 

 

විහාරයේ දසුනක්

පැරැණි ශෛලමය සිරිපතුලක්

පිවිසුම් වාහල්කඩ

 

 

 

 

 

බක් අමාවක පෝය

බක් අමාවක පෝය අප්‍රේල් 20 වැනි දා සිකුරාදා පූර්ව භාග 10.28 ට ලබයි.
21 වැනි දා සෙනසුරාදා අපර භාග 12.50 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 20 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 29 වැනි දා
 ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අපේ‍්‍රල් 20

First Quarterපුර අටවක

අප්‍රේල් 29

Full Moonපසෙලාස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]