 83 වන කොටස
බණ්ඩාර මඩුගල්ලේ
354.
සබ්බදානං ධම්ම දානං ජිනාති
සබ්බ රසං ධම්මරසො ජිනාති
සබ්බං රතිං ධම්ම රතී ජිනාති
තණ්හක්ඛයෝ සබ්බ දුක්ඛං ජිනාති
ධර්ම දානය මේ ලෝකයේ උතුම් වූ පින්කමකි.
තණ්හාව නිමවීම සියලු දුක් නිමාවකි.
ලෝකයේ උතුම් දේ දුලභ වේ.
එවැනි දේ හැඳිනීම ඉතාමත් වැදගත් ය.
355.
හනන්ති භොගා දුම්මේධං
නො වේ පාර ගවෙසිනො
භෝගතණ්හාය දුම්මෙධො
හන්ති අඤ්ඤේව අත්තනං
කාම සම්පත් අතර සැරිසරන මෝඩයෝ
ඒ සැපත අතරින් ම විනාශය ලැබ ගනිති.
කම් සුවය අනුවණින් විඳින්නා
තමාගේ විනාශය ළඟා කර ගන්නේ ය.
356.
තිණ දොසානි ඛෙත්තානි
රාග දොසා අයං පජා
තස්මා හි වීතරාගෙසු
දින්නං හොති මහප්ඵලං
රාග රෝගයෙන් තොර වීතරාගී
අයට පුද කරන දානයෙන් මහා ඵල ලැබේ.
හොඳ බිමක වගා කළ බීජයෙන්
වගාකරු පැතූ ලෙස හොඳම අස්වනු ලැබේ.
මතු සම්බන්ධයි |