UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

රණ්මඩුව රජමහා විහාරය

ගමයි පන්සලයි වැවයි දා ගැබයි අපේ බෞද්ධ සංස්කෘතික උරුමයයි. එදා සිට අද දක්වා ගමේ තිබෙන පන්සල සමඟ මිනිසුන්ගේ තිබෙන්නේ දැඩි බැඳීමකි.

ත්‍රස්තවාදයේ සාපය අවුරුදු තිහක් පුරාවටම අප අත්වින්දා. ගරා වැටුණු ජීවිතත් සමඟ තව බොහෝ දේ අපෙන් දුරස් වී හුදකලා වූයේ කුරුරි යුද්ධය නිසයි. ඔබට මේ කියන්නට යන්නේ එවැනි කතාන්දරය ක්.


කන්දේගෙදර සුධම්ම හිමි

ඒ අනුරාධපුර යුගයේ ඉදිකරන ලද පසුව නටබුන්ව පැවැති මහසෙන්පුර පරණ මැදවච්චිය ඓතිහාසික රණ්මඩුව රජමහ විහාරය පිළිබඳවයි. මෙම විහාරයද කාගේ හෝ උපකාරයක් නොමැතිව පසුගිය ත්‍රස්තවාදී සමයේ හුදකලා වූ විහාරස්ථානයකි. වෙනත් කිසිදු පූජනීය ස්ථානයක් නොමැති ඒ ගමේ මිනිසුන් මොනයම් හේතුවකට හෝ වෙනත් විහාරස්ථානයකට යනවා නම් තවත් කි.මී.11ක් පමණ දුර යාමට සිදුවෙනවා.

කිසිදු හව්හරණක් නොමැතිව හුදකලා වූ ඒ ගම්වැසියන්ට පසුගිය දවසක සිතට යම් අස්වැසිල්ලක් ලැබුණා. ඒ තමයි ඒ ගමට ඒ ගරා වැටුණ විහාරයට තරුණ හිමිනමක් වැඩමවීම. කන්දේගෙදර සුධම්ම හිමියන් පදවිපුර සිට රණ්මඩුව රජමහ විහාරයට වැඩම කරවූයේ ගම්වැසියන්ගේ වාසනාවටයි.

මේ විහාරස්ථානය තිබෙන්නේ පුල්මුඩේ මැදවච්චිය සිට මුල්මුඩේ ප්‍රධාන පාරට මුහුණලා යි. කුඩා කඳු කැටයක් සහිත නිස්කලංක සුන්දර ප්‍රදේශයක එම විහාරය පිහිටා තිබෙනවා. දැනට අක්කර 12 ක පමණ වපසරියකින් යුතු මේ ස්ථානය රජමහා විහාරස්ථානයක් යැයි හඳුනා ගැනීමට බොහෝ සාධක තිබෙනවා. දැනට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව තහවුරු කර තිබෙන ආකාරයට මෙහි රහතන් වහන්සේලා පවා වැඩ සිටි පුණ්‍ය භූමියක්. කන්දේගෙදර සුධම්ම හිමියන් මෙම විහාරයට වැඩම කොට ගම්වාසීන් සමග එක්ව තාවකාලික කුඩා ආවාසයක් තනා ගත්තා. උන්වහන්සේගේ කැපකිරීම අප බොහෝ අගය කළ යුතුයි. කිසිදු පහසුකමක් නොමැති ප්‍රදේශයක පවතින රජමහා විහාරයක් නැවත ප්‍රතිසංවිධානය කිරීම සුළුපටු කාරණයක් නොවේ. ගමේ පිරිසගේ නොඅඩු දායකත්වය මත හා ආරාධනාව මත උන්වහන්සේ මෙම විහාරස්ථානයේ වැඩ වාසය කළා. ටික කලක් ගතවෙද්දී මහනුවර ‘ජයග්‍රහණය පදනම’ මගින් මේ විහාරස්ථානය අලුත්වැඩියා කිරීමට ඉදිරිපත් වූ අවස්ථාවේදී සුුධම්ම හිමියන් පවසා ඇත්තේ මට ඉන්න තැනකට වඩා ගමේ මිනිසුන්ට වන්දනා කරන්නට බුදු පිළිමයක් වඩමවා දෙන ලෙසයි.

ඒ අදහස ක්‍රියාවට නංවමින් එකී පදනම බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් මෙම විහාරයට වැඩමවා පුල්මුඩේ මහමාර්ගයට පෙනෙන ලෙස කඳුගැටය මැද තැන්පත් කරනු ලැබුවා. අඩි 18 පමණ උස එම පිළිම වහන්සේ ඒ පාරේ යන එන කාගේත් නෙත් සිත් පහන් කළා.

ඉන් ටික කලක් ගතවෙද්දී ලංකා බැංකුව ලේක්හවුස් ශාඛාවේ කළමනාකරු ශාන්ත නුගේගොඩ මහතාට මේ ස්ථානයට යාමට අවස්ථාව උදා වුණා. ඒ මහතා මෙසේ අදහස් දැක් වූවා . අප සුධම්ම හිමියන් සමඟ කථාබහ කරද්දී අපට චෛත්‍ය රාජායාණන් වහන්සේ නමකගේ අවශ්‍යතාවය ඉදිරිපත් කළා. බොහෝම ශ්‍රද්ධාවෙන් අප එය භාර ගත්තේ ත්‍රස්තවාදී සමයේ බොහෝ හුදකලා වූ ගමක එම ගම් වැසියන්ට කළ නොහැකි වූ කාර්යයට උර දෙමින්.

ගම් වැසියන් ශ්‍රම දායකත්වයෙන් සහ සිවිල් ආරක්ෂක භටයන්, හමුදාවේ පිරිස, නාවික හමුදාවේ පිරිස, පොලිස් කාර්ය මණ්ඩලය මේ සෑම දෙනාගේම ඉතාමත් කැපවීමෙන් මාස තුනක වැනි සුළු කාලයක් ඇතුලත මෙම චෛත්‍යරාජ්‍යාණන් වහන්සේ ඉදිකිරීමට අපට ශක්තිය ලැබුණා. උසින් අඩි 50 ක්ද වට ප්‍රමාණය අඩි 64 ක් ද යුතුව නිම වූ මෙහි ධාතුන් වහන්සේලා සහ නිධන් තැන්පත් කර පැරණි ආකාරයට සියලුම පුද සත්කාර සිදුකළා. එනිසාම බොහෝ කර්කශ වූ පොළොව පුණ්‍ය භූමියක සිරි ගනු ලැබුවා. මේ චෛත්‍ය ඉදිකිරීමෙන් පසුව ඉතාමත් අසිරිමත් චෛත්‍ය වන්දනාවක්ද සිදු කරනු ලැබුවා. කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින් දෙවි මිනිසුන්ට පින් රැස්කර ගැනීමට එම චෛත්‍ය වන්දනාව සිදුකළා. එදින මුළු පුල්මුඩේ ප්‍රදේශයම බෞද්්ධ කොඩිවලින් සැරසී තිබුණා. දස දහසකට අධික පිරිසක් පින්කමට සහභභාගි වුණා. චෛත්‍ය පූූජාවත් සමඟ එකම හඬින් දුන් සාධුකාරය දෙවියන් බඹුන් සහිත තුන් ලොව පුරා සිසාරා පැතිරි ගියා යැයි ඒ මහතා කීය.

 

බක් පුර පසළොස්වක පෝය

බක් පුර පසළොස්වක පෝය අප්‍රේල් 6 වැනි දා සිකුරාදා පූර්ව භාග 04.21 ට ලබයි.
7 වැනි දා සෙනසුරාදා පූර්ව භාග 00.49 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 6 වැනි දා සිකුරාදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 13 වැනි දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 06

Second Quarterඅව අටවක

අප්‍රේල් 13

New Moonඅමාවක

අපේ‍්‍රල් 20

First Quarterපුර අටවක

අප්‍රේල් 29


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]