UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පෝදා පින්කම්

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය

මහා විහාර සංඝ සභාවේ සභාපති, අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ අනුශාසනා පරිදි අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී පැවැත්වෙන මහාවිහාර පොහොය වැඩසටහන මෙසේ ය.

පුන් පෝ දින පෙ.ව. 6.00 - 6.30 ජය සිරි මහ බෝ සමිඳුන් අභියස දී ශීල සමාදානය, 6.30 – 7.00 බුද්ධ පූජාව, 8.00 – 8.30 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනය. 8.30 – 9.15 ධර්ම දේශනය, 9.15 – 10.00 භාවනා මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා, 10.30 – 11.00 ජය සිරි මහ බෝ සමිඳුන් අභියස දී බුද්ධ පූජාව, පස්වරු 12. 15 – 2.00 මහා විහාර සන්නිපාත ශාලාවේ දී, ධර්ම සාකච්ඡාව, මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා, 2.00 – 2.30 ශීල ආවර්ජනය, 2.30 – 3.30 භාවනා, 4.00 – 5.00 ධර්ම දේශනය, 5.15 – 6.00 භාවනා, 6.30 – 7.00 ජය සිරි මහ බෝ සමිඳුන් අභියස දී බෝධි පූජාව. 7.30 – 8.30 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී ධර්ම දේශනය, 8.30 – 9.30 භාවනා, 9.30 – 10.00 පිරිත් සජ්ඣායනය. පුන් පෝ දිනට පසු දින පෙ.ව. 5.00 – 5.30 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී භාවනා මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා 6.00 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී සිල් පවාරණය පෙ.ව. 8.00 –10.00 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී භාවනා වැඩසටහන.


කුප්පියාවත්තේ ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්ත ජයශේඛරාරාම මහා විහාරස්ථානයේ බක්පුර පොහෝ දා, ශීල, භාවනා, ධර්මදේශනා මාලාවක් බස්නාහිර පළාතේ, උප ප්‍රධාන, අධිකරණ සංඝනායක, සල්පිටිහේවාගම් දෙකෝරළයේ, ත්‍රිපිටකාචාර්ය, තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන ත්වයෙන් පැවැත්වේ.

එදින පෙරවරු 6.00 – 6.30 දක්වා උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව විහාරාධිකාරී ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි, 7.00 – 7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව, තලල්ලේ සිරිමහින්ද නා හිමි, 8.00 – 9.00 භාවනා වැඩසටහන රජවත්තේ වප්ප හිමි, 9.15 – 10.15 ධර්ම දේශනය ශාස්ත්‍රපති හිඳුරේ පඤ්ඤාශේඛර හිමි, 10.15 – 11.00 සම්බුද්ධ පූජාව තලල්ලේ සිරිමහින්ද නා හිමි, 12.30 – 12.45 සෙත්පිරිත් සජ්ඣායනාව, 2.15 – 3.00 භාවනා වැඩසටහන තලල්ලේ සිරිමහින්ද නාහිමි, 3.15 – 4.15 ධර්මදේශනය සබරගමු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය රත්තොට උපනන්ද හිමි, 4.30 – 5.30 ධර්ම දේශනය ශාස්ත්‍රපති, පණ්ඩිත ඉද්දමල්ගොඩ වජිරඥාන හිමි, 6.00 ට සිල් පවාරණය තලල්ලේ සිරිමහින්ද නාහිමි, 6.45 – 7.45 මල් පහන් ගිලන්පස සහිත සම්බුද්ධ පූජාව හා අටවිසි බුද්ධ පූජාව.


තලවතුගොඩ, සංඝමිත්තාරාමය

තලවතුගොඩ, වැලිපාර, සංඝමිත්තාරාමයෙහි පෝදා පින්කම මෙසේ ය. අලුයම 5.30 ට විශේෂයෙන් සැකසූ ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාව පෙරවරු 6.00 සිට ප.ව. 7.00 දක්වා සීල, භාවනා ධර්ම දේශනාව 8.00 – 9.00 පොල්වත්ත ශ්‍රී සද්ධාරාමයේ විහාරාධිපති උඩහාමුල්ලේ සරණපාල හිමියන්ගේ ධර්ම දේශනාව, 9.30 – 11.00 දක්වා ගණේමුල්ලේ නිස්සරණී දසසිල් මාතාව මෙහෙයවන භාවනා වැඩසටහන, පස්වරු 12.30 – 1.00 දක්වා ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය, 1.00 – 2.00 දක්වා කඩවත විමුක්ති දසසිල් මාතාව මෙහෙයවන භාවනා වැඩසටහන, 2.15 – 3.15 දක්වා කොට්ටාවේ සුධීරා දසසිල් මාතාව මෙහෙයවන භාවනා වැඩසටහන, 3.15 – 4.15 දක්වා කෑගල්ලේ විමංසා දසසිල් මාතාව මෙහෙයවන භාවනා වැඩසටහන අනතුරුව තුන් සූත්‍ර දේශනය අවසානයේ සිල් පවාරණය සවස 6.00 සිට මල්, පහන්, ගිලන්පස අටවිසි බුද්ධ පූජාවක් මොරවක ශාන්ත හිමියන් විසින් පවත්වනු ලබයි.


වාලුකාරාම මහා විහාරය

උයන්වත්ත වාලුකාරාම මහා විහාරයේ පෝදා සිල් සමාදන් කරවීම ශාස්ත්‍රවේදී බඹරැන්දේ රාහුල හිමිගේ අනුශාසනාව පරිදි, බුද්ධ පූජාව වන්දනාව ශාස්ත්‍රවේදී රොටුඹ සෝමරතන හිමි, ගුවන්විදුලි ධර්ම දේශනාව, බුද්ධ වන්දනාව මොරවක ධම්මරතන හිමි සෙත් පිරිත් සජ්ඣායනාව තවලම සුමනරතන හිමි, ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති කැලණියේ අජිත හිමි, ධර්ම දේශනාව හිත්තැටියේ සමිත හිමි, අටවිසි බුද්ධ පූජාව හිත්තැටියේ සමිත හිමි.


කැලණිය තරුණ බෞද්ධ සමිතිය

කැලණි තරුණ බෞද්ධ සමිතියේ සීල සමාදාන වැඩසටහන මෙසේ ය. පෙරවරු 6.30 සිල් සමාදන් කරවීම ගාල්ලේ කුමාර කාශ්‍යප හිමි, 7.00 බුද්ධ පූජාව, 8.15 භාවනා වැඩසටහන, 9.15 ධර්ම දේශනය පස්වරු 1.00 ධර්ම දේශනය තපෝවනයේ සීවලී හිමි, 2.15 ධර්ම දේශනය, 4.00 ධර්ම දේශනය, 5.00 බෝධි පූජාව, 6.00 සිල් පවාරණය.


කළුතර බෝධිය

කළුතර බෝධි භාරකාර මණ්ඩලය කළුතර බෝධි පරිශ්‍රයේ පවත්වනු ලබන ආගමික වැඩසටහන් මාලාව.

පෙරවරු 6.30 – 7.30 සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව පනාපිටියේ විජිත නන්ද හිමි, 7.45 – 9.00 භාවනා වැඩසටහන පාදුක්කේ සද්ධාධජ හිමි, 9.15 – 11.00 ධර්ම දේශනය පණ්ඩිත ගම්පහ සිරි සීවලි හිමි, 11.15 මරණයට කැප වූ ගවයින් නිදහස් කිරීමේ පින්කම අනුශාසනය පල්ලත්තර ජිනානන්ද හිමි, පස්වරු 1.00 – 3.00 ධර්ම දේශනය පුලියැද්දේ සුධම්ම හිමි, 3.30 – 4.30 දම් දෙසුම දිවියාගහ යසස්සී හිමි, 4.45 – 6.00 ධර්ම දේශනය ශාස්ත්‍රාචාර්ය වහුමුවේ විජයවංශ හිමි, 6.15 – 7.00 පානදුරේ අරියධම්ම හිමියන්ගේ බෝධිපූජාව( පටිගත කළ එකකි) 7.15 – 8.30 ධර්මාචාර්ය කේ. පරණවිතාන මහතා, මෙහෙයවන නව අරාහාදී පහන් පූජාව 9.00 රූපවාහිනිය තුළින් බෞද්ධ දර්ශන එළිදැක්වීම.


කතරගම කිරිවෙහෙර

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ බක්පෝදා දවස පුරා පින්කම් රැසක් ඌව විශ්වවිද්‍යාලයේ කුලපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ. එදින උදෑසන උපාසක උපාසිකාවන් අටසිල් සමාදන් කරවීම, මල් පහන් ගිලන්පස කිරි ආහාර පූජාව හේවිසි ශබ්ද පූජාව මධ්‍යයේ කිරිවෙහෙර චෛත්‍යය වටා ෂඩ්වර්ණ සාටකයක් පැළඳවීමේ කප්රුක් පූජාව පැවැත්වේ.

භාවනා වැඩසටහන චෛත්‍ය මලුවේ පැවැත්වේ. උදේ ධර්ම දේශනාව හම්බන්තොට උඩමලල වෙහෙරගල ආරණ්‍ය සේනාසනවාසී ගලමඩ සම්බුද්ධාලෝක හිමියන් විසින් අටවිසි බෝ මළුවේ දී පැවැත් වේ.

සවස කිරිවෙහෙර රාජමහා විහාරස්ථ මහාසේන සිල් සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ සිට අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙතට ගොස් මල් පහන් පූජා කර බෝධීන් වහන්සේ සුවඳ පැණින් නැහැවීමෙන් අනතුරුව බෝධිපූජාව පැවැත්වීම අෂ්ඨඵල බෝධි තේවාව භාර කිරිවෙහෙර රාජමහා විහාරවාසී මිද්දෙණියේ උදිත හිමියන් විසින් සිදුකර ශ්‍රී ලංකාවාසී සැමට සෙත් පැතීම සිදුකෙරේ.

රාත්‍රි 7.00 ට කිරිවෙහෙර අටවිසි බෝමළුවේ දී අටවිසි බුදුවරුන් වෙනුවෙන් මල් පහන් ගිලන්පස පූජා කර බෝධි පූජාව පැවැත්වේ. කිරිවෙහෙර තුන්වන මළුව සමීපයේ පහන් දස දහසක ආලෝක පූජාව පැවැත්වෙන අතර සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාව පසුදා පහන්වනතුරු විහාරස්ථ ධර්මශාලාවේ දී පැවැත්වේ.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ

තරුණ සීල සමාදාන පින්කම

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදානය මෙහෙයවන බක් පෝදා වැඩ සටහන.

පෝදා පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව කඩවත සමින්ද හිමි, 8.00 – 9.00 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව දර්ශනපති මඩිහේ සුගතසිරි හිමි, 10.00 – 11.15 පරෝපකාර සංග්‍රහය ධර්ම දේශනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.25 – 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා, 12.30 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ අකුරැස්සේ ධම්මරතන හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 – 3.00 දේශනාව විනීතා පෙරේරා මහත්මිය, 3.00 – 4.00 ධර්ම දේශනාව තෙල්වත්තේ නන්දතිස්ස හිමි, 4.15 – 5.00 ධම්මපදය, ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5.00 – 6.00 ධර්ම දේශනාව දියතලාවේ පියදස්සි හිමි, 6.00 – 6.30 බෝධි පූජාව මෙහෙයවීම ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි.

වැඩිහිටි සීල සමාදාන පින්කම

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදානය මෙහෙයවන බක් පෝදා වැඩ සටහන.

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, දොඩම්පහළ කුමාරකස්සප හිමි, 8.00 – 9.00 භාවනාව, ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව පානදුර වලාන ශ්‍රී විජය සෞගතෝදය පරිවෙණාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ විජිතනන්ද හිමි, 10.00 – 11.00 අභිධර්ම කතාව, පියදාස මුතුගම මහතා, 11.00 – 11.15 බුද්ධ පූජාව අම්පනාවේ ධම්මාලෝක හිමි, ඕපනායක ධම්මවිරාග හිමි, ප.ව. 12.35 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ බංගලිදේශයේ සුමනවංශ හිමි, බලංගලිදේශයේ සද්ධානන්ද හිමි, පස්වරු 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ගල්කිස්සේ සෝමානන්ද හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව හාරිස්පත්තුව භාවනා මධ්‍යස්ථානවාසී, හාරිස්පත්තුවේ චන්දසාර හිමි, 3.00 – 3.30 විශේෂ අනුශාසනාව රත්මලාන මල්ලිකාරාමාධිපති අති පූජ්‍ය වැලිගම ඥානරතන මහ නා හිමි, 4.00 – 5.00 ධර්ම දේශනාව, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය මාලිම්බඩ පඤ්ඤාසාර නා හිමි, 5.00 – 6.00 ධම්ම පදය, ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 6.00 – 6.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම, ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමණසිරි හිමි.


බොරැල්ලේ ගෝතමී විහාරය

බොරැල්ලේ ගෝතමී විහාරස්ථානයේ බක් පොහොය නිමිත්තෙන් පැවැත්වෙන සීල සමාදාන පින්කම මෙසේ ය.

විහාරස්ථ දායක සභාව සහ ආර්ය මහිලා සමිතිය මගින් එම පින්කම් සංවිධානය කැරේ. පෙරවරු 6.00 සීල සමාදානය හා අනුශාසනාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති මාමඩල්ලේ විමල හිමි 6.30 සම්බුද්ධ පූජාව, 8.15 භාවනා ආටිගල අමිතදේව හිමි, බුදුසරණ පුවත්පත බෙදාදීම, 9.15 හසිත දියබලනගේ තිලංක දියබලනගේ සොහොයුරන් 10.00 ධර්ම දේශනාව නෙළුම්දෙනියේ චන්ද්‍රකිත්ති හිමි, පස්වරු 1.30 ධර්ම දේශනාව පණ්ඩිත අම්බුළුගල සුමංගල හිමි. 3.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති වෙරළුගොල්ලේ උදය නන්ද හිමි ප.ව. 4.30 වෛද්‍ය දේශනය වෛද්‍ය පී.ඒ. පාඩිප්පෙරුම මහතා, 6.00 සීල පවාරණය හා අටවිසි බුද්ධ පූජාව බෝලානේ අතුල හිමි, ඉරිදා, සඳුදා, බදාදා, සිකුරාදා දිනවල ප.ව. 6.00 සැමට සෙත් පතා පිරිත් සජ්ඣායනාව පැවැත් වේ.


කඩදොරපිටිය ශ්‍රී මේඝානන්ද පුරාණ මහා විහාරය

කොත්මලේ, පූඬළුඔය, කඩදොරපිටිය ශ්‍රී මේඝානන්ද පුරාණ මහා විහාරස්ථානයේ දී දාන, ශීල, භාවනා, ධර්ම දේශනා, පහන් පූජා, සහ බෝධි පූජා ඇතුළු පින්කම් මාලාවක් විහාරත්‍රයාධිපති, ශාස්ත්‍රවේදී, ආචාර්ය මාදෝවිට ඥානරතන නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ දායක සභාවේ, විශාකා කුළඟන සමිතියේ, ශ්‍රී සිද්ධාර්ථ කාර්ය සාධක සංගමයේ, ශ්‍රී පේමානන්ද දහම් පාසල හා ආදි ශිෂ්‍ය සංගමයේ සංවිධායකත්වයෙන් දවස පුරා පැවැත්වේ.


හොරේතුඩුව පුරාණ ශ්‍රී ගංගාරාම මහා විහාරය

පෙරවරු 6.00 සිල් සමාදන් කරවීම, බුද්ධ වන්දනාව සහ උදෑසන බුද්ධ පූජාව, 8.00 ධර්මදේශනාව, අත්තුඩාවේ ඉන්දරතන නාහිමි, 9.00 අරලියගහමැදුරේ සිට විකාශනය වන රූපවාහිනී ධර්මදේශනාව, 10.00 දම් දෙසුම, හිරණ ප්‍රජාති සීලමාතා ආශ්‍රමයේ අධිපතිනි මහියංගනයේ විශාකා ධම්මශීලා මෙහෙණින් වහන්සේ, පස්වරු 1.00 සාමූහික පිරිත් දේශනාව, 2.00 විශේෂ ගිහි දෙසුම, නිහාල් පෙරේරා මහතා, 4.00 ධර්ම දේශනාව, සාලියපුර සුගත බන්දු හිමි, 5.00 බෝධි පූජාව වලල්ලාවිට රතනවංස හිමි.


මාතර සිරි වජිරඤාණ ධර්මායතනය

සිල් සමාදන් කරවීම ශාස්ත්‍රපති පණ්ඩිත පැලෑනේ සුවිනීත හිමි, බුද්ධ පූජාව, ධර්ම දේශනාව ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත හත්තොටුවේ ඉන්ද්‍රරතන හිමි, ධර්ම දේශනාව ශාස්ත්‍රපති තෙලිජ්ජවිල සුසමාහිත හිමි, බුද්ධ පූජාව, සෙත් පිරිත් දේශනාව සෙවනගල සුසාරද, ගල්පමුණේ සුවන්ත සාමණේර ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත පන්නෙගමුවේ තපස්සි හිමි, ධර්මානුශාසනාව ශාස්ත්‍රවේදී පණ්ඩිත වගේගොඩ පියනන්ද හිමි, සිල් පවාරණය සහ පුණ්‍යානුමෝදනාව ධර්මායතනාධිකාරී පණ්ඩිත පැළෑණේ සුවිනීත හිමි.


කෑගල්ල තරුණ බෞද්ධ සංගමය

පෙරවරු 6.45 – 7.00 බුද්ධ වන්දනාව හා සැදැහැ ගාථා - මෙහෙයවීම එම්.එස්.බී. බස්නායක මහතා, 7.00 – 7.45 අටසිල් සමාදන් කරවීම,අනුශාසනාව, අස්මඩලේ ධම්මරතන හිමි, 8.30 – 9.30 බොදු දිවියට සැනසිලි මඟධ් , 9.30 – 10.30 ‘බොදු දිවියට සැනසිලි මඟ ධ්ධ්, 10.30 – 11.00 ශාස්ත්‍රවේදී මහින්ද කරුණාරත්න මහතා, ශාස්ත්‍රවේදී - සමරවර්ධන නිශ්ශංක මහතා, ශාස්ත්‍රවේදී – බී.එම්.එස්.බී. බස්නායක මහතා, පස්වරු 12.30 – 1.30 උපදේශනය ශාස්ත්‍රවේදී ඇම්.ආර්. මද්දුම බණ්ඩාර මයා, 1.30 – 2.00 සීල ආවර්ජනය, 2.00 – 3.15 ධර්ම දේශනය ඇකිරියගල නන්ද හිමි, 04.00 – 5.00 ජාතක කතාව ආශි‍්‍රත ධර්ම දේශනය ශාස්ත්‍රවේදී පන්නල ආනන්ද හිමි. 5.00 සිල් පවාරණය.


බත්තරමුල්ල සිරි සුදස්සනාරාමය

පෙරවරු 6.00 – 7.00 සීල සමාදානය සහ අනුශාසනය ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 7.00 – 7.15 තෙරුවන් වන්දනාව, 8.30 – 9.30 භාවනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 9.45 – 10.45 ධර්මදේශනය, ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, පෙ.ව. 11.00 – 11.15 තෙරුවන් වන්දනාව, පස්වරු 12.30 – 1.00 සූත්‍ර සජ්ඣායනාව අලුත්වෙල ධම්මසති හිමි, 1.00 – 2.00 ධර්මදේශනය, ශාස්ත්‍රපති වතවන සිරිසුමන නාහිමි, 2.00 – 3.30 ධර්ම සාකච්ඡාව, ශාස්ත්‍රපති තෙරිපැහැ මේධංකර මාහිමි, 4.00 – 5.00 ධර්මදේශනය ශාස්ත්‍රපති තල්පත්වැව සද්ධාතිස්ස මාහිමි, 5.00 – 6.00 ධර්ම දේශනය අලුත්වෙල ධම්මසති හිමි, රාත්‍රී 7.00 අටවිසි බුද්ධ වන්දනාව.


මාතර තරුණ බෞද්ධ සමිතිය

සීල සමාදන් කරවීම දෙහිගස්පේ සිරිවිමල හිමි, සිල් ආවර්ජනාව, කාවින්ද සිරිවර්ධන මහතා, විදර්ශනා මාර්ගය, දෙනියායේ සුමන හිමි, බුද්ධ වන්දනාව බොල්ගල්ලේ මුදිත හිමි, රණවිරුවන්ට සෙත් පතා පිරිත් සජ්ඣායනාව වෙලේගොඩ අමරවංශ නා හිමි අනුශාසනා පරිදි, ධර්ම සාකච්ඡාව ධර්මාචාර්ය බන්දුල උදයකුමාර මහතා, විශේෂ ධර්මදේශනාව ශාස්ත්‍රවේදී අත්තුඩාවේ හේමරතන හිමි, සිල් පවාරණය ශාස්ත්‍රවේදී අතුරලියේ ජිනානන්ද හිමි.


කොත් වහන්සේ නිරාවරණය කැරේ

මාතර පුහුල්වැල්ල ශ්‍රී රෝහණ යෝගාශ්‍රමයේ අභිනව 2600 සම්බුද්ධ ජයන්ති චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ පූජෝත්සවය අප්‍රේල් මස 02 වන සහ 03 වන දිනයන්හිදී නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබිණි.


සමාධි චිත්ත විවේකාශ්‍රමයේ පින්කමක්

වැව්ගම්පත්තුව උතුර උහන තිස්ස පුර අංක 21 ජනපදයේ ශ්‍රී බෝධිමළු විහාරස්ථානයේ අභිනව චෛත්‍යරාජයාණන් වහන්සේ වටා මලසුන් ගෙවල්වල බුද්ධ ප්‍රතිමා වහන්සේලා වඩා හිදුවීමේ පුණ්‍ය මහෝත්සවය ශ්‍රී බෝධිමළු විහාරාධිපති හෙට්ටි මුල්ලේ රාහුල හිමියන්ගේ අනුශාසනාවෙන් කළුබෝවිල පන්සල පාරේ සමාධි චිත්ත විවේකාශ්‍රමයේ ප්‍රධාන අනුශාසක මහරගම පදුම ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් සාමාධි පදනමේ සැදැහැති පින්වතුන්ගේ නොමසුරු ආධාර උපකාර මත පැවැත්වෙයි. කප්රුක් පූජාකිරීමේ මහෝත්සවය මේ මස 28 හා 29 යන දෙදින විහාරස්ථාන භූමියේ දී පැවැත්වේ.


මාසික භාවනා වැඩසටහන

කළුබෝවිල පන්සල පාර සමාධි චිත්ත විවේකාශ්‍රමයේ අනුශාසක මහරගම පදුම ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි සෑම මසකම තුන්වන සෙනසුරාදා පැවැත්වෙන මාසික භාවනා වැඩසටහන 21 සෙනසුරාදා පෙ.ව. 8.00 සට ප.ව. 4.00 දක්වා සාමාධි චිත්ත විවේකාශ්‍රමයේ දී පැවැත්වේ. වැඩසටහන මෙහෙයවනු ලබන්නේ නාථගනේ අග්ගවංශ, දිගන සුගතවංශ, මහරගම පදුම, යන හිමිවරු විසිනි.


මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගුල් විහාරයේ පින්කම්

මහනුවර ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවතේ කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගුල් විහාරයේ දී බක්පුර පෝදා වැඩසටහන මෙසේ ය. 7.00 ට විහාරාධිපති අධිකරණ සංඝනායක යටිනුවර, සුමන නාහිමිගේ මූලිකත්වයෙන් ආරම්භ කෙරේ.

උදේ 7.00 ට පෙහෙවස් සමාදන් කරවීම, යටිනුවර, සුමන නාහිමියන් විසින් සිදු කිරීම ධර්ම දේශනාව, දිවුලන්කඩවල සීලානන්ද හිමි, ධර්ම සාකච්ඡාව, අරංගල මහා විද්‍යාලයේ අධ්‍යාපනවේදී දුල්වල රතන සාර හිමි, භාවනාව, දිවුලන්කඩවල සීලානන්ද හිමි, පිරිත් දේශනාව සහ කාව්‍යමය ධර්ම දේශනාව සිල් පවාරණයට පෙර පැවැත්වේ.


කලල්ගොඩ සිරි ගුණසේකර ධර්මායතනය

කලල්ගොඩ සිරි ගුණසේකර ධර්මායතනයේ බක් පොහෝ දා ශීල භාවනා, ධර්ම දේශනා මාලාවක් ධර්මායතනාධිපති ලේනබටුවේ මිත්තාලෝක නා හිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විශාඛා කුළඟන සමිතියේ හා කාර්ය සාධක සමිතියේ සංවිධායකත්වයෙන් දවස පුරා පැවැත්වේ.

එදින පෙරවරු 6.00 – 6.30 උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව ලේනබටුවේ මිත්තාලෝක නා හිමි 7.00 – 7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව මෙහෙයවීම, ලේනබටුවේ මිත්තාලෝක නා හිමි, 8.00 – 9.00 ධර්ම දේශනය, රම්මලේ අරියවිසුද්ධි හිමි, 9.30 – 10.30 භාවනාව බියගම සුසීල හිමි, 10.30 – 11.30 ධර්ම දේශනය 11.30 දවල් සම්බුද්ධ පූජාව මෙහෙයවීම, රම්මලේ අරියවිසුද්ධි හිමි, 12.30 – 1.00 සෙත් පිරිත් සජ්ඣායනාව ධර්මායතනවාසී ස්වාමීන් වහන්සේලා සමග සිල් පිරිස 1.30 – 3.00 විශේෂ ගිහි දේශනය මෙහෙයවීම, වෛද්‍ය සම්පත් නානායක්කාර මහතා, 3.15 – 3.45 විශාඛා කුළඟන සමිතියේ විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා 4.00 – 5.00 ධර්ම දේශනය කොහොලංකල කෝවිද හිමි, 7.00 – 8.00 මල් පහන් ගිලන්පස සහිත සම්බුද්ධ පූජාව මෙහෙයවීම, ලේනබටුවේ මිත්තාලෝකනා හිමි ප්‍රධාන මහා සංඝරත්නය. පෝදින බුදුසරණ පුවත්පත ධර්ම දානය වශයෙන් බෙදා දීමෙන් දායකත්වය දරනු ලබන්නේ අමරා ගමගේ මහත්මිය හා වසන්ති ධම්මික මහත්මිය විසිනි.

 

බක් පුර පසළොස්වක පෝය

බක් පුර පසළොස්වක පෝය අප්‍රේල් 6 වැනි දා සිකුරාදා පූර්ව භාග 04.21 ට ලබයි.
7 වැනි දා සෙනසුරාදා පූර්ව භාග 00.49 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 6 වැනි දා සිකුරාදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 13 වැනි දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 06

Second Quarterඅව අටවක

අප්‍රේල් 13

New Moonඅමාවක

අපේ‍්‍රල් 20

First Quarterපුර අටවක

අප්‍රේල් 29


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]