UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දැය පුබුදු කළ ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි

සිංහල ජාතික විමුක්තිකාමි සටන මේ වන විට රට පුරා හැම දෙසින්ම ඇරැඹී තිබිණි. ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා අභීත විලාසයෙන් සිය වේගවත් වාග් සංග්‍රාමයෙන් සිංහලයන් අවදි කරද්දි ටිබෙට් කවි හිමි කවියෙන් දේශපේ‍්‍රමය, ජාතිකානුරාගය හදවත් තුළ පුබුදුවන්නට පටන් ගත්තේය.

එදා විදේශ ආධිපත්‍යයට යටත්ව තුබූ අප රටට හා රට වැසියාට ලැබූ අසුබ දසාව දුටු විදේශීය ජාතික හිමි නමක් සිංහල කවිය ඔස්සේ පරාදීන හදවත්වලට ආමන්ත්‍රණය කළ අන්දම ලොමු දැහැගන්වන සුලුවිය .තමාට රැකවරණය ලබා දුන් ශ්‍රී ලංකාව සිය මාතෘ භූමිය ලෙස දේශවාත්සල්‍යයෙන් යුතුව අප්‍රමාණ භක්තියකින් හා එඩිතර භාවයකින් සැලැකු මෙම හිමියන් සිංහලයාට කිසිදා අමතක නොවන වීරයෙකි. එසේම කවියෙකි.

1901 දී ටිබෙට් රටේ සීකිම් පුරවරයේදී ඇස්.කේ. ටයිසිංගල් යන නමින් උපත ලද ඔහු ලංකාවට පැමිණ මෙරට ගැන ලොකු ආදරයක්, ඇල්මක් සිය හදවත්හි දල්වා ගත්තේය. කල්ගත වෙද්දී පැවිදිවීමේ ආසාවෙන් රයිගම සිරි චූල සුමන හිමියන් වෙතින් පැවිදි බිමට පත්ව ඇස්. මහින්ද හිමි නමින් ප්‍රසිද්ධ විය.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් තම මුතුන්මිත්තන්ට පීඩා කළ හැටි ඇසු දුටු මෙම දරුවාට පසු කලෙක ජර්මන් ජාතිකයන්ට කළ අපරාධ දකින්නටත් අවස්ථාව ලැබුණේය. මෙලෙසට කුඩා වියේ සිටම අධිරාජ්‍යවාදයේ අනිටු විපාක සියැසින් දුටු මෙම දරුවා ලංකාවට පැමිණියේ නිදහස, විමුක්තිය සොයා ගෙන ය.

එහෙත් දකින්නට ලැබුණේ එම පීඩාවන්ට ගොදුරුවුණු තවත් ජන කොටසකි. එනිසා මෙරටදී බුද්ධ ධර්මයත්, සිංහල, පාලි, සංස්කෘත භාෂාවනුත් මැනැවින් හදාරා ජාති මමත්වයත්, පරිපූර්ණ පෞරුෂයත් ත්‍යාගවන්තභාවයත්, නිර්භය ගති පැවැතුමත් වර්ධනය කරගන්නට බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා මෙන්ම මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනත් ඒ හිමියන්ට බොහෝ උපකාර වූ හ.

සිංහල ජාතික විමුක්තිකාමි සටන මේ වන විට රට පුරා හැම දෙසින්ම ඇරැඹී තිබිණි. ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා අභීත විලාසයෙන් සිය වේගවත් වාග් සංග්‍රාමයෙන් සිංහලයන් අවදි කරද්දි ටිබෙට් කවි හිමි කවියෙන් දේශපේ‍්‍රමය, ජාතිකානුරාගය හදවත් තුළ පුබුදුවන්නට පටන් ගත්තේය.

ජනයා අවදි කැර එක පෙරමුණකට රැස් කළේ ය. ලංකා මාතා, නිදහස් දැහැන, කුසුමාංජලී, රත්නමාලි කාව්‍යය, සද්ධර්ම මාර්ගය, ජාතික දරු නැළැවිල්ල වැනි කවිපොත් වලින් ඉඳුරාම ආමන්ත්‍රණය කළේ ජාතියටය. විමුක්තිකාමිත්වයට ය. පරාදීනව සිටි ජන කොටසකටය.

මහින්ද හිමියන්ගෙන් ළමා සාහිත්‍යයට සිදුවූ සේවය අධිරාජ්‍ය විරෝධී සටනට වූ සේවය පරිද්දෙන්ම අගය කළ යුතුය.

සමන්පිච්ච මල් ඉහිරුණු
නිල් තණ කොළ පිට්ටනියක්
වගෙයි අහස අන්න බලනු
කොච්චර ලස්සන ද රෑට

ළමා මනෝභාවයන් මැනැවින් හඳුනාගෙන ඊට ගැළැපෙන අවස්ථාවත් වචනත් ගෙන හැර පෑමට මහින්ද හිමියන්ගේ කවි ශක්තිය අගය කළ යුතුය. ළමා ලෝකය මනසින් ස්පර්ශ කරමින් ලියූ රචනා ඉතා රමණීය චිත්‍රයක් මවා පාන්නේය.

හඳහාමි අප දිහාව
එබී බලයි පා සිනාව
සිහිල් සුළං දල් විඳන්ට
දොරට යන්ට හොඳ වෙලාව

කොළඹ ආනන්ද විද්‍යාලයයේ කලක් ගුරුවරයෙකු ලෙස ද මහින්ද හිමියෝ විශාල සේවයක් ඉටු කළහ. තිස්වසරක් පුරා අනූපමේය සේවාවක් රටට, ජාතියට ආගමට, භාෂාවට, සාහිත්‍යයට ඉටු කළ ඒ හිමියෝ 1951 මාර්තු මස 16 වැනිදා අපෙන් සමු ගත්හ.

 

මැදින් අව අටවක පෝය

මැදින් අව අටවක පෝය මාර්තු 14 වැනි දා බදාදා අපර භාග 07.48 ට ලබයි. 15 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 06.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 15 වැනි දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
මාර්තු 22 වැනි බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 15

New Moonඅමාවක

මාර්තු 22

First Quarterපුර අටවක

මාර්තු 30

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 06


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]