UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

මැදින් අව අටවක පෝදා 2012.03.15

ආලෝකය දකින්න – එන්න

දැ හැමිව ධනය උපයා ගැනීමෙන් අපමණ මානසික සහනයක් උදා වෙයි. දැහැමිව ධනය උපයා ගන්නා අයුරු බුදු දහමෙහි ඉතා සවිස්තරව ද පැහැදිලිව ද ඉදිරිපත් කර තිබේ.

අසහනය දුරු වන්නේ සහනය ළඟා කර ගැනීමෙනි. සහනයෙන් ජීවත්වීමට නම් ධර්මානුකූලව හැකිතාක් දිවි ගෙවිය යුතු ම වේ.

කවර සම්පත් තිබුණ ද ඒ සියල්ලට වඩා මානසික සුවය, සහනය සතුට මනුෂ්‍යයා ට අත්‍යවශ්‍ය වෙයි. එසේ මනුෂ්‍යයා ට අත්‍යවශ්‍ය වූ මානසික සුවය අයථා අන්දමින් ළඟා කර ගත හැකි නො වේ. ඊට අත්‍යවශ්‍ය වන්නේ තමන් නිවැරැදි දිවි පෙවෙතක් සම්බුදු දහමට අනුව ගත කිරීමය.

සතුට, සුවය මිල මුදලට ලබා ගත හැකි දෙයක් ද නොවේ. කෙතරම් මිල මුදල් තිබුණත් මුදලට මානසික සුවය, සතුට ළඟා කර ගත හැකි නොවේ. ජීවිතය මුදලට තක්සේරු කිරීමෙන් අවසානයේ ළඟා වන්නේ අසතුට, අසහනය පමණි.

ඉහත සඳහන් කළ පරිදි ධනය ඉපැයිය යුත්තේ දැහැමි ලෙස යහපත් කර්මාන්තයන්හි යෙදීමෙනි. මිනිස්කම නැති වී මුදල් පසු පසම තරගයට හඹා යාමෙන් තමාටද ඉන් සිදු වන්නේ අවැඩකි.

ධනය පමණක් ඒකායන සැනසීම යැයි සිතා අධාර්මිකව දිවි ගෙවන විට කිසිදු විටක සැනසීම ළඟා කර ගත නොහැකිය. ජීවිතයෙන් සතුට පලා යනු ඇත. අධ්‍යාත්මය වියවුලෙන් පිරෙන විට ජීවිතය අවුල් ජාලාවක් බවට පත්වනු ඇත.

එසේම තාවකාලික සුවය වෙනුවෙන් ඒ හා ගොඩනැඟෙන සුව පහසුව වෙනුවෙන් අයථා ක්‍රම මඟින් මුදල් හම්බ කිරීමට පෙළඹෙන සතුට සැනසීම පතා විවිධ අකටයුතු වලටද පෙළඹෙන නිසා ජීවිත අනතුරට වැටෙන වාර අනන්ත ය. වෙසෙසින් ම ඉවසීම හික්මීම ජීවිතයෙන් ඈත් වී යයි නම්, එසේ ඉවසීමෙන් තොරව ක්‍ෂණික තීරණ ගෙන ජීවත්වීමට උත්සාහ කිරීම නිසා ජීවිත කාලය පුරා සැනසිල්ල නොමැතිව දුක් විඳීමට සිදු වෙයි.

කවර කටයුත්තක් කිරීමේ දී වුවද එය සිදු කිරීමෙන් සිදුවන යහපතක් පමණක් නොව අයහපතක් පිළිබඳව ද සිතා බලා බුද්ධිමත්ව කටයුතු කිරීම මිනිසා සතු වගකීමකි. එම වගකීමෙන් තොරව කටයුතු කරන මිනිසා නිරන්තරයෙන් පසු තැවීමට පත්වනුයේ බුද්ධිමත්ව හා විමසීමෙන් තොරව ක්‍රියා කිරීම නිසා ය.

මේ අනුව බලන විට ඉපදුන නිසාම මෙලොව ජීවත්වනවාට වඩා ජීවත් වන කෙටි කාලය තුළ මිනිස්කම මෙන්ම බෞද්ධකම ද සුරැකෙන අයුරෙන් ගුණ ගරුකව, විනය ගරුකව, යහපත් වූ ක්‍රියා කිරීමෙන් සැනසීම උදාකර ගත හැක.

අනෙකුත් සත්ව කොට්ඨාසයන්ගෙන් මිනිසා වෙන් කැරෙනුයේද මිනිසාටම පමණක් ආවේණික වූ සිතීමේ හා විමසීමේ බුද්ධිය මෙහෙයවා කටයුතු කිරීමේ ශක්තිය මිනිසාට උරුම වුවක් වන බැවිනි.

දුර්ලභ මිනිසත් භවයක් ලබා එම මිනිසත් භවයේ ප්‍රතිඵල ළඟා කර ගැනීමට උත්සාහ කළ යුත්තේ තම හෘද සාක්‍ෂියටද එකඟවය.

දුරදිග නොබලා දූර දර්ශීව ක්‍රියා නොකිරීම නිසා මිනිසා විඳින දුක් ගැහැට අපමණය.

සමාජය දෙස විමසිලිමත්ව බලන විට ඊට උදාහරණ කොතෙකුත් දැක ගැනීමට ලැබේ.

එබැවින් කෙනකු තවත් කෙනකුට හිරිහැරයක්, අවහිරයක් නොවන පරිදි ජීවත් විය හැකි නම් එය ද සමාජයට මහත් මෙහෙවරක් වනු නො අනුමානය.

ඉවසීමෙන් තොරව ද්වේශයෙන් ගත කරන ජීවිත අඳුරෙන් අඳුරට මිස ආලෝකය වෙත නම් නොයනු ඇත.

සැබෑ ජීවත්වීම නම් තමන්ට මෙන්ම අනුන්ට ද කරදරයක් නොවන අයුරෙන් සමාජයට බරක් නොවෙමින් ජීවත්වීමය.

එසේ ජීවත් වීමට ඉහත සඳහන් කළ පරිදි හැකිතාක් තම ජීවිතයට ඉවසීම ළඟා කර ගත යුතු වේ. එමෙන්ම ධර්මානුකූල විය යුතු ය.

ධර්මානුකූල තැනැත්තා කවදත් හිතේ මහත් සතුටෙන් දිවි ගෙවති. ජීවත්වීමට මුදල් අත්‍යවශ්‍ය වුවද මුදල් මත පමණක් ජීවිතය රඳා නො පවතියි.

ධාර්මිකව ධනය ඉපැයීමෙන් ගොඩනැඟෙන ජීවිතය ප්‍රසංසනීය වෙයි. ආදර්ශවත් වෙයි.

එවිට නිවැරැදි ජීවිතයක් ගත කිරීමට එයද එක් මගක් වනු ඇත.

අයථා ලෙස ජීවිකාව ගෙවමින් සැප සම්පත් සොයා දිවි මඟ ජය ගැනීමට උත්සාහ කරනා සැමට අත්වන්නේ පරාජයමය. එවන් මිනිසුන් සතුට අපේක්‍ෂා කළ ද නිරතුරු ඔවුන් පසු පස හඹා එන්නේ දුක වේදනාව පමණමය.

ඔබ ජීවිතය ජය ගැනීමට නම් මනුෂ්‍යයකු සේ හැසිරිය යුතුය. ධර්මානුකූල මඟෙහි ගමන් කළ යුතුයි. එවිට ඔබ දිවි මඟ අලෝකවත් වනු නියතය.

 

මැදින් අව අටවක පෝය

මැදින් අව අටවක පෝය මාර්තු 14 වැනි දා බදාදා අපර භාග 07.48 ට ලබයි. 15 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 06.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 15 වැනි දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
මාර්තු 22 වැනි බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 15

New Moonඅමාවක

මාර්තු 22

First Quarterපුර අටවක

මාර්තු 30

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 06


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]