UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

76 වන කොටස

326.
ඉදං පුරෙ චිත්තමචාරි චාරිකං - යෙ නිච්ඡකං යත්ථකාමං යථාසුඛං
තද’ජ්ජ’ හං නිග්ගහෙස්සාමි යොනිසො - හත්ථිප්පභින්නං විය අංකුසග්ග හො

අකුස්සෙන් ඇත් රජකු හසුරුවන පරිද්දෙන් – භාවනාවෙන් මනස - සුසංවර වන්නේ ය.
ඔබේ සිත - සුසංවර වූ පසුව - එතැන් සිට ජය මග ද - හෙළි පෙහෙළි වන්නේ ය.

327.
අප්පමාදරතා හොථ - සචිත්තමනුරක්ඛථ
දුග්ගා උද්ධරථ’ත්තානං - පංකේ සත්තෝ ව කුඤ්ඡරො

කෙලෙස් මඩ ගොහොරු වේ – මිනිස් සිත එරී ඇත. පමා නූණොත් එයින් - සිත මුදා ගත හැකි ය.
ඔබේ සිත – නිසංසල වූ වහා - ඔබේ ජය මාවත ද – වහා පෑදෙන්නේ ය.

328.
සචෙ ලභෙථ නිපකං සහායං - සද්ධි චරං සාධු විහාරි ධීරං
අභිභුය්‍ය සබ්බානි පරිස්සයානි - චරෙය්‍ය තේනත්තේ න මනෝ සතීමා

තැනට ගැළපෙන නුවණ – ඇති කෙනෙකු සිටී නම් නිතර ඒ තැනැත්තා ඇසුරු කළ යුත්තේ ය.

නැණැත්තන් – ඇසුරේ ම සිටින්නා - අතුරු අනතුරු වලින් – නිසැකවම මඟ හැරේ.

329.
නො චෙ ලභෙථ නිපකං සහායං - සද්ධිංචරං සාධු විහාරි ධීරං
රාජා’ ව රට්ඨං විජිතං පහාය - එකො චරෙ මාතංග රඤ්ඤෙව නාගො

ඇසුරකට සුදන ගුණ – ඇති කෙනෙකු නැති විටෙක තනිව ජීවත්වීම ඉතාමත් සුදුසු වේ.
ඔබ සමඟ - ළඟ ඇසුර ලබන අය - කෙබඳු අය දැයි කියා - ඔබ හොඳින් දත යුතු ය.

 
නවම් අව අටවක පෝය

නවම් අව අටවක පෝය පෙබරවාරි 14 වනදා අඟහරුවාදා පූර්ව භාග 11.35 ට ලබයි.
15 වන දා බදාදා පූර්ව භාග 9.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 14 වනදා අඟහරුවාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 21 වනදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 14

New Moonඅමාවක

පෙබරවාරි 21

First Quarterපුර අටවක

පෙබරවාරි 29

Full Moonපසෙලාස්වක

මාර්තු 07


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]