UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රශ්නය
දස කුසලකර්මයන්ගෙන් පළමුවැන්න දානයයි. දසපාරමිතා සතර සංග්‍රහවස්තු දාන, ශීල, භාවනා යන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා වලින්ද පළමුවැන්න දානය වශයෙන් ධර්මයෙහි සඳහන් වෙයි. පැහැදිලි කරන්න.

පිළිතුර
බෝසත් පිළිවෙතෙහි ආරම්භය වූ දානය ධර්මදාන හා ආමිසදාන වශයෙන් ප්‍රභේද ගත වෙයි. බුදුරදුන් වදාළ තුන් පිටකයෙන් එක් ගාථාවක්වත් පුහුණුකොට සසර දුකින් මුදවමියි යන කරුණාවෙන් දහම් කියා දීමද අනුන් ලවා බණ කියවා දීම හා ලියා දීම ද ධර්ම දාන නම් වෙයි. භික්‍ෂූන් වහන්සේ වෙත සිවු පස දානයද යාචකාදීන්ට වස්ත්‍රාභරණ ආහාරපානාදියෙන් සංග්‍රහ කිරීම ද ආමිස දාන නම් වෙයි. ආමිස දානය දශ විධ වූ දානවස්තු වශයෙන් අටුවා ග්‍රන්ථවල විචිත්‍රව සඳහන් වෙයි.

අන්නංපානං ඝරං වත්ථං
යානං මාලා විලෙපනං
සෙය්යා වස්ථුප දීපෙය්‍යං
දාන වස්තු ඉමෙ දස

ආහාර දාන නම් ඇල්හාල් ආදී වූ සප්තවිධ ධාන්‍යයන්ගෙන් කළ ආහාර දානයයි. මී පැණි මුද්‍රිකාදි පාන වර්ග විවිධ වූ වස්ත්‍ර ඉදොලි දොලි කූනම් ආදී යානවාහන ගෙතු නොගෙතු දෑසමන් ආදි පුෂ්පමාලා දානයන් ද කස්තුරි ,කපුරු සුවඳවත් ද්‍රව්‍ය දානය , සඳුන්, කසා හොරද, කොකුම් ආදි විලේපන දානයද ආසන දානයද පහන්වැටි පහන් තෙල් දානයද ආදිය දශවිධවූ දාන දහම් පොත පතෙහි සඳහන් වෙයි.

මෙම ආහාරාදි දානවස්තුන්ගේ යහපත් වූ මනා නුවණ පෙරදැරිකොට ඇති යම් දීමෙක් වේද එම දීම අග්‍රදානය වශයෙන් බුදුවරු මෙසේ පසස්නා ලදහ.

අන්නාදි දාන වස්තූනං
චාගො සුබුද්ධි පුබ්බකො
යො තං දානන්ති දීපෙති
බුද්ධො දානග්ග දායිනො

ප්‍රශ්නය
බුදු දහමට අනුව දානය පවත්වන දායක වරුන් වශයෙන් දාන දාසිය –දාන සහායක දානපති වශයෙන් තිදෙනෙකු ගැන කියවෙයි. අප ජීවමාන ලෝකයෙහි සමාජගත මේ තිදෙනා හඳුනා ගැනීම සඳහා දහම් මඟ පැහැදිලි කරන්න.

පිළිතුර
තමන් මිහිරි දෙය වළදා අමිහිරි දෙය අනුන් සඳහා දෙන වස්තුව කෙරෙහි නිරතුරුව ලෝභ සිත් ඇතිව වස්තුව කෙරෙහි දාස භාවයෙන් යුතුව වෙසෙන්නා “ දානදාස” නම් වෙයි. මිහිරි අමිහිරි බව නොසලකා තමා අනුභව කරන පරිදි තම සන්තකය සහායක යහළුවෙකු සේ සලකා දන්දෙන තැනැත්තා දාන සහායක නම් වෙයි. අපහසුතාවයන් කෙතෙක් ලැබුණත් අනුන් යහපත උදෙසා පරිත්‍යාගශීලි තැනැත්තා දානපති නම් වෙයි. දානපති තැනැත්තා බුදුදහමට අනුව වඩාත් අගැයුම් කරනු ලබන්නේ මෙත් සිතින් සාධාරණව දන්වැට පවත්වමින් පූර්ව චේතනා මුංචන චේතනා අපර චේතනා යනුවෙන්

පුබ්බෙව දානා සුමනො
දදං චිත්තං පසාදයං
දත්වා අත්තමනො හොති
එසා යඤ්ඤස්ස සම්පදාති

මෙසේ තුන් සිත පහදවා දන්දීමෙන් දානමය කුසලය සපුරාලන බව බුදුදහම අවධාරණය කරයි.

ප්‍රශ්නය
මෙම සූත්‍ර පාඨය කෙරෙහි අවධානය යොමු කරන්න.

සක්කස්ස භික්ඛවෙ දේවානමින්දස්ස පුබ්බේ මනුස්ස භූතස්ස සත්ත වතපදානී. සමත්තානි සමාදින්නානි අරහසුං යෙසං සමාදින්නත්තා සක්කො සක්කත්තං අජ්ඣගා

(සං:නි:සක්ක සංයුත්ත)

එම සූත්‍ර පාඨයෙහි සිංහල අනුවාදයට අනුව දෙවියන්ට දේව වූ සක්‍රයා දෙවියන් අතර බුහුමනට ලක්වූයේ “සත්තවතපදානි” “පිළිවෙත සතක්” පිරීම හේතුවෙනි. “පුබ්බේ මනුස්ස භූ තස්ස” පෙර මිනිස් බව ලැබූ ශක්‍රයා “දේවාතිදෙව ශක්‍ර” බවට පත් වූ මෙම සක්විති වත වර්තමානික ජීවමාන ප්‍රතිපදාවකි. මෙම සක්විති වත යනු මොනවාද ?

පිළිතුර
මිනිසත් බවින් සක්විති පදවිය දක්වා අනුගමනය කළයුතු සත්වත මෙසේය.

දිවිතිබෙන තුරා මවුපිය පෝෂණය කිරීම,,
දිවි හිමියෙන් (යාවජීවං) කුලදෙටුවන් පුදන්නෙමි.
දිවි තිබෙන තුරා මිහිරි වචනය භාවිතා කරමි,
දිවිහිමියෙන් කේළම් කීමෙන් වළකිමි.
දිවිහිමියෙන් මසුරු බවින් මිදී පරිත්‍යාගශීලි වීම,
දිවිහිමියෙන් දීමෙහි ඇලුනෙමි වෙමි,
දිවි හිමියෙන් සත්‍ය ගරුක වීම්

මෙම සත්වත් පිරූ සත් පුරුෂයෝ සක්විති බවට අනුශාසනා කළහ. තව්තිසා වැසි දෙවියො “ තං වෙ දෙවා තාවතිංසා ආහු සප්පුරිසො ඉතීති යනුවෙන්. මෙම පුරිසෝත්තමයා සැබැවින්ම සත්පුරුෂයෙක් යැයි පසස්නා ලදහ.

 

දුරුතු අව අටවක පෝය

දුරුතු අව අටවක පෝය ජනවාරි 16 වන දා සඳුදා පූර්ව භාග 03.39 ට ලබයි.17 වන දා අඟහරුවාදා පූර්ව භාග 01.38 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම ජනවාරි 16 වනදා සඳුදාය.

මීළඟ පෝය
ජනවාරි 22 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 16

New Moonඅමාවක

ජනවාරි 22

First Quarterපුර අටවක

ජනවාරි 31

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 07


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]