UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත මහ නා හිමි ගුණ සමරුවට පින්කම්

දෙස් විදෙස් පතල කීර්තිධර අග්ගමහා පණ්ඩිත මහ නා හිමියෝ බොහෝ කලකින් පහළවන දුර්ලභ ගණයේ ශ්‍රේෂ්ඨ සංඝ පීතෘන්වහන්සේ නමකි. 1887 ජූලි 23 දින අම්බලන්ගොඩ පොල්වත්ත ග්‍රාමයේ උපත ලද කුමරු පොල්වත්තේ අග්ගාරාමාධිපති පෝරඹ ධම්මාධාර රාජගුරු නාහිමි වෙතින් 1899 නොවැම්බර් 02 දින පැවිදිවිය. මේ ශ්‍රේෂ්ඨ ශිෂ්‍යයා ලොවට බිහිකළ ඒ ගුරු හිමියෝ ද පාලි, බුදුදහම බෞද්ධ දර්ශනය පිළිබඳ පෘථුල දැනුම් සම්භාරයෙන් හෙබි අතර ඉන්දියාවේ විශ්ව විද්‍යාලයන්හි ඉගැන්වූ මහා විද්වතෙකි.

ඉතිරිය»

වියට්නාමයේ බොදු උරුමය

වියට්නාමය බෞද්ධ රටකි. වසර ගණනාවක්ම පැවැති යුදමය තත්ත්වය හේතුවෙන් වියට්නාමයේ ඇතැම් ප්‍රදේශ විනාශ විය. එහෙත් යුද්ධය පැවැති කාලයේදී තම රටේ වෙහෙර විහාර බේරාගෙන ඒවා ආරක්ෂාකිරීමට වියට්නාම් බෞද්ධ භික්‍ෂූන් වහන්සේ පෙරමුණ ගත් බව කියයි. යුද්ධයෙන් හානි නොවූ වෙහෙර විහාර පැරණි තත්ත්වයෙන්ම අදටත් පවතී.

ඉතිරිය»

ධර්ම දේශනාව:

කුසල් වඩමු - අකුසල් දුරලමු

ශිෂ්ට සම්පන්න දිවිපෙවෙතක් සඳහා මනුෂ්‍යයෝ සිරිත් විරිත් අනුගමනය කරති. සිරිත් යනු පුරුදු පුහුණු කළ යුතු දේය. දෙමව්පියන්ට , වැඩිහිටියන්ට සහ ගුරුවරුන්ට ගරුබුහුමන් දැක්වීම, සැලකීම සහ කීකරු වීම, ආගන්තුක සත්කාරය යනාදිය ද මේ සඳහා නිදර්ශනයන්ය. ‘විරිත්’ යනු නොකළ යුතු දෑ හෙවත් කිරීමෙන් වැළකී සිටිය යුතු දේවල්ය.

ඉතිරිය»

බුදුරදුන්ගේ වචන භාවිතය

යම් වචනයක් සිදු වූ සත්‍ය වූ මෙන්ම අර්ථ ගෙන දෙන්නක් යැයි දනී ද, ඒ වචනය අනුන්ට අපි‍්‍රය වේ ද, අමනාප වේ ද, තථාගතයන් වහන්සේ එබඳු වචනය කාලානුරූපීීව දේශනා කරති. යම් වචනයක් සිදුවූ, සත්‍ය වූ මෙන්ම අර්ථ ගෙන දෙන්නක්යැයි දනී ද, ඒ වචනය අනුන්ට පි‍්‍රයවේ ද, මනාප වේ ද, තථාගතයන් වහන්සේ එබඳු වචනය කාලානුරූපීව දේශනා කරති.

ඉතිරිය»

බලපිටිය වැලිතර ශ්‍රී පුෂ්පාරාම මහා විහාරයේ බුදු මැදුරේ දර්ශනයක්
වැලිතර බළපිටිය ශ්‍රී පුෂ්පාරාම පුරාණ මහා විහාරය වසර 200 කටත් වඩා පැරැණි විහාරස්ථානයකි. එම විහාරස්ථානයේ බුද්ධ මන්දිරය තුළ ඇති බුදුරජාණන් වහන්සේ දෙවිවරුන්ට ධර්මය දේශනා කරන ආකාරය පිළිබිඹු කරන ප්‍රතිමාවන්ගේ දර්ශනයකි. ඡායාරූපය - ජනක වෙත්තසිංහ

ඉල් මස පුර අටවක පෝය

ඉල් මස පුර අටවක පෝය නොවැම්බර් 02 වන දා බදාදා පූර්ව භාග 10.00 ට ලබයි. 03 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 10.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 2 වන දා බදාදා ය.

මීළඟ පෝය
නොවැම්බර් 10 වන දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 02

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 10

Second Quarterඅව අටවක

නොවැම්බර් 18

New Moonඅමාවක

නොවැම්බර් 24


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]