UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

නාගොල්ල කේතුමතී විහාරය

වසර 5ක් තුළදී හිස් බිමක් ගොඩකර එය පූජනීය විහාරස්ථානයක් බවට පත් කිරීමෙන් කේතුමතී විහාරස්ථානය බිහිවිය.


යෝජිත බුදු මැදුරේ ආකෘතිය

මාතලේ සිට කුඹියන්ගොඩ හරහා මහනුවරට යන මාර්ගයේ කිලෝ මීටර් 02 ක් පමණ ගමන් ගත් විට හමුවන නාගොල්ල ග්‍රාමයේ මෙම විහාරස්ථානය ඉදිවී තිබේ.

යෝජිත බුදු මැදුරේ ආකෘතිය

විහාරාංගයන් සියල්ලෙන් මෙම විහාරය තවමත් පරිපූර්ණ වී නැතත් ප්‍රදේශවාසී බොදු බැතිමතුන්ගේ මහත් භක්ති ප්‍රනාමයට ලක් වී ඇති මෙම විහාරස්ථානයේ නිර්මාතෘවරයාණන් වන්නේ පාඨශාලාචාර්ය එප්පාවල සුමනජෝති හිමියන් ය.

2005 වසරේ දී උන්වහන්සේ තම පුද්ගලික මුදලින් මිලයට ගත් එම භූමි භාගය අද පින්බිමක් බවට පත්කොට ශාසනික උරුමයක් ලෙස අස්ගිරි මහ විහාරයට පවරා දී ඇත.

කිසිදු ප්‍රයෝජනයකට නොගෙන තිබූ හිස් භූමියක් අද පින් බිමක් බවට පත් වී එය විහාරස්ථානයකට අවශ්‍ය වන බුදුගෙය, සංඝාවාසය, ධර්මශාලාව ආදී ගොඩනැඟිලි ඉදිවෙමින් පවතී.

දැනටමත් අර්ධ වශයෙන් වැඩ නිමවා ඇති සංඝාවාසයේ කොටසක තැන්පත් කර ඇති කිරිගරුඬ පිළිම වහන්සේ බුරුමයේ හිටපු තානාපති හා වැඩ බැලූ විදේශ ලේකම් මහින්ද රණරාජා මහතාගේ පූර්ණ අනුග්‍රහයෙන් ලැබුණු තිළිණයකි. එම පිළිම වහන්සේ ප්‍රදේශයේ බෞද්ධ ජනතාවගේ ගෞරව භක්ත්‍යාදරයට ලක් වී තිබේ.

බුරුමයේ ඇති විශාලතම කිරිගරුඬ බුදුපිළිමය නෙලද්දී ඉන් ශේෂ වූ කොටසකින් නෙලූ මෙම පිළිමය එම විශාලතම පිළිමය නෙලූ රාජකීය නිර්මාණ ශිල්පියාගේම නිර්මාණයක් බව සුමනජෝති හිමියෝ පැවසූහ.

වසර 80කට පසුව බුරුම රටෙන් ශ්‍රී ලංකාවට වැඩමකළ බුදුපිළිමය මෙය වන බවද ඒ හිමියෝ වැඩිදුරටත් පැවසූහ.

එම බුදුපිළිමය නිත්‍ය ලෙස තැන්පත් කිරීමට සැළසුම් කළ දර්ශනීය බුදුමැදුර ද ඉදිවෙමින් පවතින අතර එහි සියලු කටයුතු 2600 සම්බුද්ධ ජයන්තියට සමගාමීව ලබන වසරේ වෙසක් පුන් පොහොය වන විට වැඩ අවසන් කොට බැතිමතුන්ට වන්දනාමාන කිරීමට භාග්‍ය උදාකරදීමට විහාරාධිපති හිමියෝ අදහස් කරගෙන සිටිති.


අඩක් නිමකර ඇති ධර්ම ශාලාව

දෙමහල් ධර්මශාලා ගොඩනැගිල්ලේ දැනට වැඩ නිමවී ඇත්තේ පහළ මාලයේ පමණි. විහාරස්ථ දහම් පාසල පවත්වාගෙන යනු ලබන්නේ එහි ය. එම ගොඩනැඟිල්ලේ ඉහළ මාලය ප්‍රදේශයේ දරු දැරියන්ගේ අභිවෘද්ධිය සඳහා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයක් ඇති කිරීමට උන්වහන්සේ අදහස් කරති.

දැනටමත් සිංහල හා දෙමළ සිසුන් 150 ක් පමණ බුද්ධ ධර්මය හදාරණ දහම් පාසලේ ගුරු භවතුන් 15 ක් සේවය කරන අතර ඉන් 11 ක්ම අත්දැකීම් බහුල විශ්‍රාමික ගුරුවරුන් වීම විශේෂයෙන් සඳහන් කළ යුතුව ඇත.


අර්ධ වශයෙන් නිමකළ බුදු මැදුර

කේතුමතී විහාරස්ථානයේ අධිපති ධූරය දරන එප්පාවල සුමනජෝති හිමියන් වසර 20 ක් පමණ කාලයක් ගුරුවෘත්තියේ නියැලී සිටිති. ප්‍රථමයෙන් අළුවිහාරේ රජයේ විද්‍යාලයේ සේවය කළ උන්වහන්සේ පසුව මාතලේ විජය ජාතික පාසලේ සේවය කොට වර්තමානයේ මාතලේ විද්‍යා විද්‍යාලයේ සේවය කරනු ලබයි.

අපවත්වී වදාළ නාගොල්ලේ ශ්‍රී සුදර්ශාරාම විහාරාධිපති පූජ්‍ය ඉඹුලන්දන්ඩේ සුමංගල හිමියන් උන්වහන්සේගේ පැවිදි ගුරු හිමිපාණන් ය.

මේ වන විට මෙම විහාර භූමියේ ඝන්ටාර ස්ථම්භයක් සෑදීමට අපේක්‍ෂිත වූවද එය මෙතෙක් කර ගැනීමට නොහැකිව ඇත්තේ ඒ සඳහා අවශ්‍ය මූල්‍යමය පහසුකම් නොමැති බැවින් බව විහාරාධිපති හිමියෝ පවසති.

 

උදුවප් පුර අටවක පෝය

උදුවප් පුර අටවක පෝය දෙසැම්බර් මස 13 වන දා සඳුදා පූර්වභාග 06.12 ට ලබයි.
14 වන දා අඟහරුවාදා පූර්වභාග 08.44 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 13 වනදා සඳුදාය.
මීළඟ පෝය දෙසැම්බර් 20 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 13

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 20

Second Quarterඅව අටවක

දෙසැම්බර් 28

New Moonඅමාවක

ජනවාරි 03

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]