UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

උඳුවප් පුර අටවක 2010.12.13

රාජ්‍ය තාන්ත්‍රික ත්‍රස්තවාදය  

ට හමුවේ ඇති දැවැන්ත අභියෝගය මෙන් ම අන්තර්ජාතික බලවේග රටට එරෙහි ව ක්‍රියා කරන ආකාරය පිළිබඳ නිදසුන් සපයන සිදුවීම් දෙකක් වෙත අවධානය යොමු කිරීමට අද දින කතු වැකිය වෙන් කැරේ. බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියෙහි ශිෂ්‍ය සංගමයේ ආරාධනය පරිදි ‘අර්බුදයෙන් සංහිඳියාවට’ යනුවෙන් දේශනයක් පැවැත්වීම සඳහා පසුගිය 30 වන දා එ රටට ගිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට මුහුණදීමට සිදු වූ තත්ත්වය එම පළමු නිදසුන ය.

ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමය හමුවේ දෙසැම්බර් 02 වන දා පැවැත්වීමට නියමිත ව තිබූ ජනාධිපතිවරයා ගේ එම දේශනය ආරක්‍ෂක හේතු මත යැයි ඔවුන් විසින් ම අවලංගු කළේ ය. එ සේ වුව ද ජනාධිපතිවරයා ගේ ආරක්‍ෂාව පිළිබඳ ගැටලුවක් නැතැයි ස්කොට්ලන්ඩ්යාඩ් හා තේම්ස් වැලි පොලිස් ඒකකය විසින් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට දැනුම් දී තිබුණු බව පැවැසේ. එම දේශනයට සවන්දීම සඳහා රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුළු 625 දෙනකුට ආරාධනා කැරැ තිබිණ. එහෙත් විදේශගත ශ්‍රී ලාංකික දෙමළ ඊළාම්වාදීන් විසින් සංවිධානය කළ උද්ඝෝෂණ හමුවේ තත්ත්වය වෙනස් විය. ජනාධිපතිවරයා ගේ බ්‍රිතාන්‍ය සංචාරයට සමගාමී ව චැනල් 4 රූපවාහිනී නාලිකාව විකාශය කළ යුද අපරාධ චෝදනා ඇඟවෙන රූපාවලිය ඊළාම් වාදීන් ගෙන ගිය විරෝධතා ව්‍යාපාරයේ කොටසක් ලෙස සැලැකිය හැකි ය. ඒ පිළිබඳ ව මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් නිහාල් ජයසිංහ මහතා විසින් එය ව්‍යාජ රූපාවලියක් යැයි ප්‍රතික්‍ෂේප කරන ලදී.

ජනාධිපතිවරයා ඇතුළු පිරිස යුද අපරාධ චෝදනා යටතේ බ්‍රිතාන්‍යයේ දී අත් අඩංගුවට පත් කිරීම විදේශගත දෙමළ ඊළාම් වාදීන් ගේ උත්සාහය වී තිබේ. ඒ සඳහා ඔවුන් බ්‍රිතාන්‍යයේ හා ඩෙන්මාර්කයේ සිට කටයුතු මෙහෙයවන නීතිඥ සමාගම් දෙකක සහය ලබාගෙන ඇත. එහෙත් ඔවුන් ගේ අරමුණ ඉටු කැර ගත නො හැකි විය.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අපහසුතාවට පත් කළ මේ ක්‍රියාදාමය ඔක්ස්ෆර්ඩ් සරසවියේ ශිෂ්‍ය සංගමයේ සභාපති ජේම්ස් කිංස්ටන් මහතා ගේ නො සැලකිලිමත් භාවය නිසා ඇති වූවක් හෝ විදේශගත දෙමළ ඊළාම්වාදින්ගේ ශක්තිය පිළිබිඹු කැරෙන සිදුවීමක් යැයි වරදවා වටහාගත යුතු නැත. ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන් විසින් ලෝකය හසුරුවන ආකාරය පිළිබඳ නිදසුනක් ලෙස එය හඳුනා ගැනීම වඩාත් නිවැරැදි ය. අප ගේ අවධානය යොමු වූ දෙ වන නිදසුන වන විකිලීක්ස් (wikileaks) වෙබ් අඩවිය හෙළිදරව් කළ රාජ්‍ය තාන්ත්‍රික රහස් මඟින් මෙය අවබෝධ කැර ගැනීම පහසු වනු ඇත. ඇමරිකාවේ රාජ්‍ය තාන්ත්‍රික රහස් ඇතුළත් වාර්තා 251,287 ක් ප්‍රසිද්ධියට පත් කළ විකිලීක්ස් වෙබ් අඩවියෙහි ශ්‍රී ලංකාවට අදාළ රහස්‍ය වාර්තා 3166 ක් පළ විය.මේවා සකස් වී ඇත්තේ ලොව පුරා සිටින ඇමෙරිකානු තානාපති නිලධාරීන් විසින් එ රට රාජ්‍ය දෙපාර්තමේන්තුවට එවූ රහස්‍ය කේබල් පණිවුඩ පදනම් කොට ගෙන ය. ශ්‍රී ලංකාවේ සිටි ඇමෙරිකානු තානාපතිනී පැට්‍රිෂියා බුටෙනිස් මහත්මිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකාවට යවා ඇති රහස්‍ය වාර්තා මඟින් ශ්‍රී ලංකාව පිළිබඳව එ රට අනුගමනය කැරෙන ප්‍රතිපත්තිය හොඳින් පැහැදිලි වෙයි. වෙනිසිවුලා ජනාධිපති හියුගෝ චාවේස් ප්‍රකාශ කැරැ ඇති පරිදි මෙය ඇමරිකාව නිරුවත් වීමකි. විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජූලියන් ඇසෙන්ජ් මහතා අත්අඩංගුවට ගැනීමෙන් සිය නිරුවත වසා ගැනීමට ඇමරිකාව උත්සාහ දරා තිබේ.

ඇෆ්ගනිස්ථාන හා ඉරාක යන යුද්ධවල දී ඇමරිකාව ක්‍රියා කළ අකාරය දැක්වෙන යුද රහස් රාශියක් මෙන් ම සිරකරුවන්ට අමානුෂික ලෙස වද දෙන ආකාරය පිළිබඳ වීඩියෝ දර්ශන පවා විකිලීක්ස් වෙබ් අඩවියෙන් අනාවරණය කැර තිබිණ. එහෙත් ශ්‍රී ලංකාවට එරෙහි ව මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ වෙනත් මානව හිමිකම් සංවිධාන ඒවා ගැන නිසි අවධානය යොමු කළ බවක් නො පෙනේ. මේ තත්ත්වය රාජ්‍ය තාන්ත්‍රික ත්‍රස්තවාදය ලෙස හැඳින්වීම වඩාත් සුදුසු ය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් මහතා විසින් ශ්‍රී ලංකාවේ කටයුතු සම්බන්ධයෙන් පත් කළ ඊනියා විද්වත් කමිටුව දෙස අප බැලිය යුත්තේ ද මේ රාජ්‍ය තාන්ත්‍රික ත්‍රස්තවාදී ප්‍රයත්නයන්හි එක්තරා දිගුවක් ලෙස ය. එ බැවින් මෙය මානව හිමිකම් පිළිබඳ ප්‍රශ්නයක් නො වේ.

කාදිනල් ධූරයෙන් පිදුම්ලත් මැල්කම් රංජිත් කාදිනල්තුමන්ට ගෞරව පිදීම සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය 06 වන දා පැවැති රාජ්‍ය උත්සවයේ දී ද මේ පිළිබඳ ව අවධානය යොමු ව තිබිණ. එහි දී මැල්කම් රංජිත් කාදිනල් තුමන් මෙ සේ පවසා ඇත.

“ විදේශයන්හි සිට ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය අපකීර්තියට ලක් කිරීම කවුරුන් කළත් එය හෙළා දකිනවා. මෙවැනි ක්‍රියාවන් තුළින් සිදුවන්නේ දෙමළ ජනතාව නැවතත් විනාශයේ අගාධයට හෙළීම මිස ඔවුන්ට සෙතක් සැලසීම නො වේ. නො මඟ ගිය කතෝලික පූජකවරුන් කිහිපදෙනකු විදෙස් රටවල සිට නැවත රට බෙදීමට නායකත්වය, ආධාර අනුබලදීම පිළිබඳ ව කනගාටුවෙනවා.”

මෙය අප සියලු දෙනා ගේ අවධානයට යොමු විය යුතු තත්ත්වයකි.

උදුවප් පුර අටවක පෝය

උදුවප් පුර අටවක පෝය දෙසැම්බර් මස 13 වන දා සඳුදා පූර්වභාග 06.12 ට ලබයි.
14 වන දා අඟහරුවාදා පූර්වභාග 08.44 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 13 වනදා සඳුදාය.
මීළඟ පෝය දෙසැම්බර් 20 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 13

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 20

Second Quarterඅව අටවක

දෙසැම්බර් 28

New Moonඅමාවක

ජනවාරි 03

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]