UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ලෝක විනාශ සංකල්පයේ ප්‍රතිඵල

වර්තමානයේ කතාබහට ලක්ව ඇති මාතෘකා අතර ජනපි‍්‍රයම මාතෘකාව බවට පත්ව ඇත්තේ වසර 2012 දෙසැම්බර් 21 වන දින සිදුවෙතැයි පවසන ලෝකය විනාශ වේ යැයි යන කරුණය. පසුගිය කාලය තුළ ලොව ප්‍රකට විවිධ පුවත්පත් සඟරා අන්තර්ජාල පුවත් ආදියෙහි විවිධ අදහස් මේ පිළිබඳ පළ විය. මෙම මාතෘකාවෙහි උණුසුම දැන් ලංකාව වැනි රටවලටද දැනෙමින් පවතින නිසා,, ඒ පිළිබඳ ධර්මානුකූල විමර්ශනයක් ගෙන ඒම, කාලෝචිතය.

2012 ලෝක විනාශය පිළිබඳ කතාව කරලියට පැමිණියේ මෑතක දී ප්‍රචාරය කෙරුණු 2012 නම් චිත්‍රපටයෙන් පසුව බව පැහැදිලිය. එසේම මිෂනාරී සමාජ පසුබිමක් සහිත ලොව බොහෝ රටවල ජනතාව ලෝක විනාශ භීතියෙන් පසුවන බව අන්තර් ජාතික තොරතුරු ඔස්සේ දැක ගත හැකිය. ඒ අතර මේ භීතිකාව තුළින් තම බඩ වියත රැක ගැනීමට ද ඇතැමුන් උත්සාහ කරන බව, එක්තරා රටක වෙළෙඳ සමාගමක් විසින් නිෂ්පාදනය කොට ඇති ලෝක විනාශයෙන් හිස බේරා ගැනීම සඳහා යැයි කියමින් සකසන ලද හිස් වැසුම් මගින් පෙනී යයි.

මෙම ලෝක විනාශ භීතිකාව ජනතාව වෙත ගෙනෙන ලද ප්‍රථම අවස්ථාව මෙය නොවන බව මෙහි දී සිහි කටයුතු ය. මීට ඉහත දී වසර 2000 සහශ්‍රකය ලබන විට ද ලෝක විනාශයක් සිදු වන්නේ යැයි ප්‍රකාශ නිකුත් කළ එක්තරා රටක ආගම් අන්තවාදීන් පිරිසක් 2000 සහශ්‍රකය ලබන අවස්ථාවේ දී තමන් යාඥා සිදු කරන ශාලාව වෙත අනුගාමිකයන් සිය ගණනක් රැස් කළ බව අසන්නට ලැබිණි. අනතුරුව සහශ්‍රකය ලබන විට ලෝක විනාශය වන්නේ යැයි සිතා දෙවියන්ට යාඥා කළ එහි සිටි ප්‍රධාන පූජකවරයා, එම අවස්ථාවේදි ලෝක විනාශය සිදු නොවු හෙයින් ශාලාවෙහි සියලු දොරගුළු ලා සිය ගණනක් ජනතාව ඇතුළත සිටියදී ශාලාවට ගිනි තැබූ සිද්ධිය මෙහි දී සිහියට ගත යුතු ය. වත්මන් ලෝකය හැම අතින්ම දියුණූ යැයි පැවසුව ද, ඇතැම් පුද්ගලයන් තමා තුළ ඇති පටු ආකල්ප හා අන්ධ විශ්වාස හේතුවෙන් සත්‍යය අසත්‍යය තෝරා ගැනීමට නොහැකි බවෙන් ඇති වන ඛේදවාචකයන්ට මෙය එක් නිදසුනක් පමණකි.

බුදු දහමට අනුකූලව බලන කල්හි ලෝකය යන වචනය නිර්වචනයේ දි දෙඅංශයකින් එය විස්තර කළ හැකිය. එක නම් පරමාර්ථ වශයෙන් සඳහන් කළ කොටස හා සම්මුති වශයෙන් ගොඩනගාගත් කොටස ය. මෙහි දී පරමාර්ථ වශයෙන් එය හඳුන්වා ඇත්තේ , බඹයක් පමණ වන ශරීරයම ලෝකය වශයෙන් සැළකෙන බව ය. එහි දී තථාගතයන් වහන්සේ පෙන්වා දී ඇත්තේ මෙම බඹයක් පමණ වන ශරීරය තුළ දීම ලෝකයේ ඇති වීමත්, විනාශයත් දැකිය හැකි බව ය. භෞතික ලෝතය ගොඩනගා ගෙන ඇත්තේ පුද්ගල බද්ධ ඉන්ද්‍රියයන් මුල්කොට ගෙන ය. පුද්ගලයන් 10 දෙනෙකු ගතහොත්, මෙම 10 දෙනාට දැකිය හැකි වන්නේ භෞතික ලෝකය එක් ආකාරයකට නොව, 10 ආකාරයකට ය. මෙයින් පෙනී යන්නේ භෞතික ලෝකය වනාහි තම තමා ලත් දැනීම් මට්ටම් අනුව ගොඩ නඟාගත් මායාවක් බව ය. මේ වන විට ලෝ වැසි ජනතාවට පැමිණ ඇත්තේ මෙසේ තම තමා විසින් ස්වකීය ඉඳුරන් ඔස්සේ හඳුනාගත් මෙම භෞතික ලෝකය තුළ 2012 වසරේ ඇති විය හැකැයි සැක කෙරෙන විනාශයක භීතියකි. වත්මන මෙම මාතෘකාව නිසා 2012 දෙසැම්බර් 21 වන දින ගැන සිතා මරණ භයින් තැතිගත් පිරිසක් බවට බොහෝ දෙනා පත්ව ඇතැයි සිතිය හැකිය. 2012 ලෝක විනාශය ඇති වුවත් නොවු වත් කිසියම් දිනක ලොව උපන් සියලු සත්වයන්ට කිනම් හෝ හේතුවක් මුල්කොට මරණයට පත්වේ යන අවබෝධය ඇත්නම් ලෝක විනාශය හෙට දිනයේ සිදු වුවද ඒ ගැන කිසි භීතියක් තැවීමක් කිසිවකුට හෝ ඇති නොවන බව පැවැසිය හැකිය. බුදු දහම අනුව සලකා බලන කල්හි පුද්ගලයාට මෙවැනි භීති උපදින්නේ තමා විසින් තාවකාලිතව සකසාගත් කාම සම්පත් නිසා බව, බුද්ධිමත්ව සිහි කළ යුතුය.තමා උපයාගත් කාමයන් අත්හැරීමට යමකුට අපහසුතාවයක් ඇත්ද, ඔහුට එම කාමයන් අහිමිවේ යැයි යන බිය උපදින බව,බුදු දහමේ ඉගැන්වීම වන්නේ ය.

වර්තමානයේ නොදැහැමි රාජ්‍ය ලොව පහළ වෙමින් පවතින වකවානුවක් තුළ තම තමන් ගමන් ගන්නා මාර්ගය පිළිබඳව නැවත සිතා බැලීමට එම බලවත් නායකයන් උනන්දු විය යුතුය. මිනිසා අධර්මිෂ්ට වෙමින් පවතින මෙවැනි කලක, ලෝක විනාශ භීතිකාව තුළින් කිසියම් සාධනීය ප්‍රතිඵල ඇති වීමට ද හැකිය. මෙතෙක් කල් මිනිසා විසින් භෞතික වශයෙන් ගොඩනගා ගත් සියල්ල සදාතනික යැයි සිතමින් ස්වකීය ආත්මය ඒ මතම රඳා පැවැත්වීමට කටයුතු කළ ඇතැමුන්ට සියල්ල සුළු නිමේෂයකින් අනිත්‍යතාවට පත් වේ ය යන පණිවිඩය වැදගත් අධ්‍යාත්මික වෙනසකට අවශ්‍ය පසුබිමක් වේ යැයි ද සිතිය හැකිය. එහෙත් අධ්‍යාත්මය සංවර්ධනය කර නොගත් පුද්ගලයින් හරියට මරණ 7 ක් මැද පැණි කෑ පුරුෂයා මෙන් කටයුතු කරනු ද දක්නට ලැබෙයි. බොහෝ දෙනකුට ධර්මය, අධර්මය සොයා ගැනීමට නොහැකි වී ඇත. එම නිසා ලොව පුරා මිනිසා, මිනිසාටම එරෙහිව , ආයුධ ගෙන අවියෙන්ම නැසෙන කාලයක් කරා ළඟා වී ඇත. මහ පොලොව වෙනුවෙන් හා බල ලෝභය නිසා සියලු මිනිස්කම් අමතක කොට ලොව බලවත් රටවල් දිළිඳු රාජ්‍ය ස්වකීය අතකොළු බවට පත් කොට ඇත. ලක්ෂ සංඛ්‍යාත ජනයා දරිද්‍රතාව හා කුස ගින්නෙන් පීඩා වින්ද ද, ඇතැමුන්ගේ සිත් තුළ ඔවුන් ගැන අනුකම්පා සිත් පහළ නොවීම, මෙම නොදැහැමිකමේ පැතිකඩක් ලෙස දැක්විය හැකිය.

වර්තමානයේ මිනිසාගේ භෞතික දියුණුවත් සමග ස්වභාව ධර්මයට පටහැනිව මිනිසා කටයුතු කරමින් සිටියි. මිනිසා විසින් ලෝකයට කෙරෙන මෙම හිරිහැරය ස්වභාව ධර්මය විසින්ම පාලනය කිරීමට කිසියම් අවස්ථාවක ඉදිරිපත් වනු ඇත. මෙහිදී සිදුවන්නේ ස්වභාව ධර්මය විසින්ම මිනිසාට දඬුවම් කිරීම ය. එහිදී ස්වභාව ධර්මය විසින් ලබා දෙන දඩුවම සිතාගත නොහැකි තරම් සංකීර්ණ විය හැකිය. ඇතැම් විට ස්වභාව ධර්මයේ දඬුවම එක විට නොව ටිකෙන් ටික මිනිසා වෙත ලබාදීමට ඉඩ ඇති අතර, එය ඊටත් වඩා බිහිසුණු ප්‍රතිඵල ඇති කළ හැකි බව ද වටහාගත යුතු ය. එම නිසා ලෝක විනාශය 2012 වුවත් නැතත් මිනිසා ධර්මානුකූ®ල නොවුවහොත් අප නොසිතන කුමන හෝ අවස්ථාවක මිනිස් ප්‍රජාවගේම අවසානය වැඩිකල් නොගොස් සිදු විය හැකි බව සිහිකට යුතුය.

බුදු දහම වටහාගත් පිරිසක් ලෙස 2012 ලෝක විනාශය සිදු වේය යන දැඩි නිගමනයක් ඇතිව සිටිම නුසුදුසුය. එයින් සිදු වන්නේ, තම තමන්ගේ කටයුතු අඩාලවීම පමණකි.

අවසාන වශයෙන් අප අවධාරණයෙන් දත යුතු කරුණක් ඇත. එනම් ලොව බොහෝ පුද්ගලයන් එකවර අන්ධානුකරණයකට ගොස්, 2012 දෙසැම්බර් 21 වන දින ලෝක විනාශය වේ යැයි සිතමින් විශ්ව තලයට නිකුත් කරන අයහපත් මානසික ශක්තිය නිසා කිසියම් විටක යම් ආකාරයක විනාශයක් පැමිණීමට ඉඩ ඇති බව නම් සිතීම මනෝ විද්‍යානුකූ®ල ය.

තෙරුවන් සරණයි

අධි වෙසක්
අමාවක පෝය

අධි වෙසක් අමාවක පෝය මැයි 13 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 07.08 ට ලබයි.
14 වන දා සිකුරාදා පූර්ව භාග 06.34 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 13 වනදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
මැයි මස 21 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මැයි 13

First Quarterපුර අටවක

මැයි 21

Full Moonපසෙලාස්වක

මැයි 27

Second Quarterඅව අටවක

ජුනි 04

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]