UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

පොළොන්නරුව දියබෙදුම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 12 ක් වයසැති රජිත පුෂ්පනාත් මල්ලිකාරච්චි දරුවා දරුණු වකුගඩු රෝගයකින් පෙලෙයි. ඔහුට වකුගඩුවක් බද්ධ කළ යුතු බව මහනුවර මහ රෝහලේ වෛද්‍යවරුන් තීරණය කර ඇත. එබැවින් “ඕ පොසිටිව්” හෝ “ඕ නෙගිටිව්” ලේ වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි වයස 18 – 35 අතර පරිත්‍යාගශීලී අයෙකු වේ නම් පහත දුරකථන අංකවලට අමතන ලෙස ඉල්ලීමක් කැරේ. 027 – 3283811, 072 – 3405059, 071 – 4472089 එම දුරකථන අංක වේ.

 

 


මාතර, සුල්තානාගොඩ, අකුරුගොඩ, බාලියාගොවත්තේ පදිංචි නන්දා ජී. රත්නසේකර විශ්‍රාමික ගුරු මහත්මිය දරුණු වකුගඩු ආබාධයකින් පෙළේ. ඇය සුවපත් කිරීම සඳහා ඉක්මණින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව ප්‍රතිකාර කරන වෛද්‍යවරු පවසති. ඇයගේ රුධිර වර්ගය “ඕ පොසිටිව්” ය. ඇයගේ ජීවිතය බේරාගැනීම සඳහා එම රුධිර කාණ්ඩය හිමි පරිත්‍යාගශීලියකුගේ වකුගඩුවක් අවශ්‍ය බව කියයි. 071 – 4438453 දුරකථන අංකයෙන් වැඩිවිස්තර විමසන්නැයි ඉල්ලීමක් කැරේ.


බටුවත්ත ජය මාවතේ අංක 366 ඊ දරන නිවසෙහි පදිංචි කුඩා දරුදෙදෙනකුගේ පියෙකු වන වයස අවුරුදු 40 ක් වන එස්.එම්. නාමල් තුෂාන්ත දරුණු වකුගඩු ආබාධයකින් පෙලෙමින් සිටින බව කියයි. කොළඹ ජාතික මහා රෝහලේ 41 වැනි වාට්ටුවෙහි දැනට ප්‍රතිකාර ලබමින් සිටින ඔහුට ‘බී පොසිටිව් හෝ ඕ නෙගටිව්” ලේ වර්ගයට අයත් වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව ජාතික මහ රෝහලේ වෛද්‍යවරු පවසා ඇත. එම නිසා වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයකු සිටීනම් හැකි ඉක්මනින් පහත සඳහන් දුරකථන අංකයන්ට දැනුම් දෙන මෙන් ඉල්ලීමක් කැරේ. 011 – 3115114, 071 7581523 දුරකථන අංක වේ.


පාදුක්ක කහවල නො. 97 පදිංචි බී. උපාලි (60) මහතා වකුගඩු රෝගයෙන් පෙලෙන අතර “ඒ පොසිටිව්” ලේ වර්ගයේ වකුගඩුවක් පිරිනැමිය හැකි අයකු වෙතොත් 0112830921, 072 6988349 දුරකථන අංක වෙත දන්වන්නැයි ඉල්ලීමක් කැරේ.


කඩවත, කිරිමැටියාගාරයේ අංක 143 පදිංචි 37 වියැති ඩී.එල්. ස්වර්ණ පි‍්‍රයන්ති නමැති දෙදරු මව දරුණු පිළිකා රෝගයකින් පෙළෙන බව වෛද්‍ය නිගමනය වේ. ප්‍රතිකාර සඳහා එන්නත් වලට විශාල මුදලක් වැය වන බවත්, ඇයගේ සැමියාට ද රැකියාවක් හෝ ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති බවද ඇය කියයි. එම නිසා රෝගී පි‍්‍රයන්ති මහත්මියගේ ප්‍රතිකාර සඳහා පරිත්‍යාගශීලීන්ගේ ආධාර පතා මහජන බැංකුවේ මහර ශාඛාවේ 217200140005502 දරන ගිණුමක් ආරම්භ කර ඇති බව ද කියයි.

අධි වෙසක්
අමාවක පෝය

අධි වෙසක් අමාවක පෝය මැයි 13 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 07.08 ට ලබයි.
14 වන දා සිකුරාදා පූර්ව භාග 06.34 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 13 වනදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
මැයි මස 21 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මැයි 13

First Quarterපුර අටවක

මැයි 21

Full Moonපසෙලාස්වක

මැයි 27

Second Quarterඅව අටවක

ජුනි 04

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]