UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී බුද්ධ වර්ෂ 2554 වෙසක් චිත්‍ර තරගාවලිය - 2010

ශ්‍රී.බු.ව. 2554 වෙසක් උලෙළ වෙනුවෙන් නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දහම් පාසල් හා පාසල් සිසුන් අතර වෙසක් චිත්‍ර තරගාවලියක් පස්වන වරටත් සංවිධානය කොට ඇත. එහි විස්තර පහත පරිදි වේ.

සහභාගි වියහැකි අංශ

01. ප්‍රාථමික අංශය – 1,2,3,4 ශ්‍රේණි

02. කණිෂ්ඨ අංශය – 5,6,7,8 ශ්‍රේණි

03. ජ්‍යෙෂ්ඨ අංශය – 9,10 ශ්‍රේණි හා දහම් පාසල් අවසාන, ධර්මාචාර්ය පන්ති (සා.පෙළ හා උසස් පෙළ)

* තේමාව - බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ වැදගත් අවස්ථාවන් හෝ සම්බුද්ධ ශාසනයේ ඓතිහාසික සිද්ධියක් පදනම් කොට ගැනීමෙන් තමාගේ අභිමතය පරිදි චිත්‍ර නිර්මාණය කළ හැකිය.

* චිත්‍ර වල ප්‍රමාණය අඟල් 14X18 ප්‍රමාණය (ඒ 3) බ්‍රිස්ටල් බෝඩ් /ඩ්‍රෝවින් කොළවල චිත්‍ර ඇදිය යුතුය.

* මාධ්‍ය - පැස්ටල් හෝ දියසායම්/කොලාජ්

ඉහත කොන්දේසිවලට අදාළව නිර්මාණය කරන ලද සියලුම චිත්‍රවල පිටුපස ශිෂ්‍යාගේ/ශිෂ්‍යාවගේ නම, ශ්‍රේණිය, අදාළ අංශය, උපන්දිනය, දහම් පාසලේ නම හා එහි ලිපිනයද සඳහන් කොට අදාළ ශිෂ්‍යාගේ / ශිෂ්‍යාවගේ නිර්මාණයක් බවට විදුහල්පති හෝ ප්‍රධානාචාර්යවරයාගේ නිර්දේශයද සමඟින් 2010 මැයි මස 17 වන දින හෝ ඊට ප්‍රථම බෞද්ධ කටයුතු අංශය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, නෙළුව යන ලිපිනයට ලැබීමට සලස්වන මෙන් කාරුණිකව දන්වමි. ජයග්‍රාහකයන්ට වටිනා ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය 2010 මැයි මස අවසාන සතියේදී සිදුකෙරේ. ඒ බව පසුව දන්වා එවමි. මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා ඔබෙන් ලැබෙන සහාය අගයකොට සළකමි.

(චිත්‍ර වලට හානි නොවන පරිදි පාර්සල් කිරීම මැනවි).

 

අධි වෙසක්
අමාවක පෝය

අධි වෙසක් අමාවක පෝය මැයි 13 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 07.08 ට ලබයි.
14 වන දා සිකුරාදා පූර්ව භාග 06.34 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 13 වනදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
මැයි මස 21 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මැයි 13

First Quarterපුර අටවක

මැයි 21

Full Moonපසෙලාස්වක

මැයි 27

Second Quarterඅව අටවක

ජුනි 04

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]