UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

වසර සියයක් ඉක්ම වූ හල්තොට ශ්‍රී ඉන්ද්‍රජෝත්‍යාරාමය

අවුරුදු සියයකට අධික ප්‍රෞඪ ඉතිහාසයක් ඇති, හල්තොට ලෙනවර ශ්‍රී ඉන්ද්‍රජෝත්‍යාරාම විහාරස්ථානය 1883 දී ආරම්භ වූවකි.


පැරැණි විහාරයේ

හික්කඩුවේ ශ්‍රී සුමංගල ස්වාමින්ද්‍රයන් වහන්සේ ඇසුරෙන් ධර්ම ශාස්ත්‍ර ඤාණය දියුණුකරගත් විචක්‍ෂණ තරුණ ධර්මදේශකයාණන් වහන්සේ කෙනෙකු වූ රයිගම ඉන්ද්‍රජොති කුඩා ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ධර්ම දේශනා ඇසීමෙන් අතිශයින් පැහැදුණු “හල්තොට සමාදාන උන්නැහේ” නමින් ප්‍රසිද්ධව සිටි හල්තොට කොරනේලිස් පෙරේරා ජයතිලක රාළහාමිගේ බලවත් ඉල්ලීම නිසා හල්තොට පතිරගේ ගිරිගෝරිස් මහතා විසින්, මේ ගමෙහි මැලිකුලන්කන්දේ නිදහස්ව වනගතව තිබුණු රජයේ ඉඩම් කැබැල්ලක උන්වහන්සේ ව 1883 වර්ෂයේ වස් වස්වා ගත්හ.


විහාරාධිපති කලවානේ ආනන්ද හිමි

උන්වහන්සේගේ ධර්ම දේශනාවට හා සුපේෂල ශික්ෂාකාමී බවටත් බෙහෙවින්ම ඇලුම් කළ ඉහත කී රාළහාමි ඇතුළු දායක පිරිස වසර කීපයක්ම ඉන්ද්‍රජෝති හිමියන්ව එහි නවත්වාගෙන උපස්ථාන කළහ. ඉන්පසු උන්වහන්සේ, පැවිදි සහෝ දර එල්ලාවල විමලරතන හිමියන් එහි නවත්වා මොල්ලිගොඩට වැඩම කළහ.

ඒ අතරතුරදී විමලරතන හිමියන් ආරාමය ක්‍රමයෙන් දියුණුකර ඉදිරි පැවැත්ම සඳහා තම පැවිදි සහෝදර ගල්තුඩේ පඤ්ඤානන්ද හිමියන් ට පවරමින් වවුලුගල විහාරස්ථානයට වැඩම කළහ. අභිනව ආරාමයේ භාරදූර වගකීම භාරගත් ගල්තුඩේ හිමියන් ඉතා ධෛර්යය සම්පන්නව ස්වකීය දායකවරුන්ගේද සහාය ඇතිව ඉඩමේ සින්නක්කර ඔප්පුව රජයෙන් භාරගෙන විහාර මන්දිරය බෝධිප්‍රකාර සහිත මල් අසුන, ධර්ම ශාලාව ආවාස ගෘහය, ආදිය තැනවීමෙන් විහාරස්ථානය බොහෝ දියුණු තත්ත්වයකට පමුණුවා 1963 වර්ෂයේ අපවත් වූහ.

උන් වහන්සේ විහාරස්ථානය දියුණු කළා පමණක් නොව ශාසනයේ චිරස්තිථිය පිණිස මහෝපකාරීවන ශිෂ්‍ය පරපුරක්ද බිහිකළහ. මොල්ලිගොඩ පවචනෝදය පිරිවෙනෙහි අධ්‍යක්ෂ ධූරය හෙබවූ කළුතර දේවානන්ද, හල්තොට පියදස්සී, ත්‍රිපිටකාචාර්ය පණ්ඩිත මහාචාර්ය උඩුවේ ජනානන්ද, ශාස්ත්‍රපති කලවානේ ආනන්ද යන ස්වාමීන් වහන්සේලා ඒ අතර ප්‍රධාන වෙති.


ආවාස ගෘහය හා ධම්මික පුස්තකාලය

1963 වර්ෂයේදී විහාරස්ථානයේ විහාරාධිපති ධූරය හල්තොට පියදස්සි හිමියන් භාරගත් අතර, උන්වහන්සේ 1984 අපි‍්‍රයෙල් මස 07 වන දින දක්වා අපවත්වන තුරු එම ධූරයේ රැඳී සිටියහ. ඒ කාලය තුළදී විහාරස්ථානයේ කළුගල් බැම්බ බැඳීම පුස්තකාලය සහිත දෙමහල් ගොඩනැගිල්ලකින් සමන්විත සීමා මන්දිරය තැනීම විහාර මන්දිරයේ අවසාන කටයුතු ද, ඝණ්ඨා ස්ථම්භය ද විදුලි බලය හා ජලනල පහසුකම් ද දෙමහල් දාන ශාලාවක් තැනීමට ද ආරම්භ කොට තිබුණි.

1984 වර්ෂයේ සිට මෙම විහාරස්ථානයේ අධිපති ධූරයට පැමිණි උඩුවේ ජනානන්ද නාහිමි 1987 වර්ෂය දක්වා කාලය තුළ එම ධූරය ඉසිලීය. 1963 වර්ෂයේදී ගල්තුඩේ පඤ්ඤානන්ද ලොකු හාමුදුරුවන්ගේ අභාවයෙන් පසු දායකවරුන් විසින් ත්‍රිපිටකාචාර්ය ගරු තල්පිටියේ සද්ධාරාම ස්වාමීන් වහන්සේ මෙම විහාරස්ථානයේ වස් වැසීම සඳහා වැඩමවා ගත් අතර, එතැන් පටන් උන්වහන්සේ විශාල මහජන යහපතක් සිදු කරමින් මෙහි වැඩ සිටියහ. ඉහත සඳහන් වූ පරිදි විහාරස්ථානයේ දියුණුව උදෙසා ඉදි වූ ගොඩනැගිලි තැනීමේ දී හා විහාරස්ථානයට වාහන පැමිණිය හැකි පරිදි මාර්ගය තැනීමේදී මුන් වහන්සේගෙන් සිදු වූ සේවය ඉතා උසස් කොට සැලකිය යුතුය.

මෙම විහාරස්ථානයේ 1987 වර්ෂයේ පූජ්‍ය උඩුවේ ජනානන්ද නාහිමියන්ගේ ඇවෑමෙන් පසු 1987 පෙබරවාරි 23 වෙනි දින දක්වා අපවත් වන තුරුම මුන්වහන්සේ ආධිපත්‍ය හෙබවූහ. ඉන් අනතුරුව අද දක්වාම විහාරාධිපති වශයෙන් කටයුතු කරනුයේ පූජ්‍ය කලවානේ් ආනන්ද හිමියන් වේ.


මෑතක ඉදිකළ චෛත්‍යය

මුන්වහන්සේ විහාරස්ථානයේ දියුණුව පිණිස කැපවී කටයුතු කරන අතර, නව ධර්මශාලාවක් ඉදිකිරීම, චෛත්‍ය රාජයාණන් වහන්සේ මෙන්ම සංඝාවාසයක් ඉදිකිරීම වැදගත් වේ. ප්‍රදේශයට හා විහාරස්ථානයේ දියුණුව පිණිස දහම් පාසලේ ආදි සිසු සමිතියක් පිහිටුවීම හා එහි තරුණ ගුරුවරුන් සම්බන්ධ කර ගනිමින් හල්තොට තරුණ බෞද්ධ සමිතිය බිහිකිරීමද වැදගත් වේ. මෙම විහාරස්ථානයේ ධම්මික පුස්තකාලය හා දහම් පාසල පලාත්වාසීන්ට අතිශයින් ප්‍රයෝජනවත් ආයතන දෙකක් වේ. ශ්‍රී ධම්මිකා උපාසිකා සමිතිය, ශ්‍රී ඉන්ද්‍රජෝති ශාසනාරක්ෂක සමිතිය, ධම්මිකා දහම් පාසල් ආදී සිසු සමිති සහ හල්තොට ධම්මික ගොවි සමිතිය ද, විහාරස්ථානයේ දියුණුව උදෙසා කැප වී කටයුතු කරන සංවිධාන වේ.


බෝධීන් වහන්සේ

 

 

 

වප් පුර අටවක පෝය

වප් පුර අටවක පෝය සැප්තැම්බර් 25 වනදා සිකුරාදා අපර භාග 09.18 ට ලබයි.
26 වනදා සෙනසුරාදා පූර්ව භාග 11.34 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 26 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය ඔක්තෝබර් 3 වනදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 26

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 03

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 11

New Moonඅමාවක

ඔක්තෝබර් 17

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]