UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බෞද්ධ ධජයේ පැහැගත් බෞද්ධ කොඩියක් සේ දිස්වන අයුරින් අනුරාධපුර රත්නමාලී මහ සෑ රදුන් විදුලි බුබුළු වලින් ආවරණය කරමින් මහා ආලෝක පූජාවක් පසුගිය දා ඓතිහාසික අනුරාධපුරයේ දී පැවැත්විණි. මෙම ආලෝක පුජාව , අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ සහ ස්වර්ණමාලි චෛත්‍යරාමාධිපති පල්ලේගම හේමරතන නාහිමියන්ගේ ආශිර්වාදය මත වැල්ලවත්ත අරිය මග්ග සංවිධානය මගින් කොළඹ කල්‍යාණි යෝගාශ්‍රමයේ අනුශාසක නා උයනේ අරියධම්ම නා හිමියන්ගේ හැත්තෑ (70) වන ජන්ම දිනය වෙනුවෙන් උන් වහන්සේට දිගාසිරි පතා ආශිර්වාද කිරීමටත් රජයටත් වීරෝධාර රණවිරුවන්ටත් සෙත්පැතීමටත් එම ඓතිහාසික මහා ආලෝක පූජාව පැවැත් වූ බව එම සංවිධායක වරු කීහ.
වෝල්ටර් දයාරත්න අනුරාධපුර දිසා විශේෂ

මහනුවර ඇසළ කප් සිටුවීම 22 දා

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ මහ පෙරහර ජූලි මස 22 වන දා උදේ 09.53 ට යෙදෙන ශුභ මොහොතින් මහනුවර ශ්‍රී නාථ, ශ්‍රී විෂ්ණු ශ්‍රී කතරගම ශ්‍රී පත්තිනි යන සිව් දේවාලයන්හි ඇසළ කප් සිටුවා ආරම්භ කෙරේ.

ඉතිරිය»

ඇසළ අමාවක පෝය

ඇසළ අමාවක පෝය ජූලි මස 21 වන දා අඟහරුවාදා පූර්ව භාග 11.50 ට ලබයි. 22 වන දා බදාදා පූර්ව භාග 08.06 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ජූලි මස 21 වන දා අඟහරුවාද ය.
මීළඟ පෝය ජූලි මස 28 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූලි 21

First Quarterපුර අටවක

ජූලි 28

Full Moonපසෙලාස්වක

අගෝස්තු 5

Second Quarterඅව අටවක

අගෝස්තු 13

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]