ගුණ සමරු පින්කම් මාලාවක්
වයඹ මධ්‍යම දෙපළාතේ අධිකරණ සංඝනායක පල්ලේපොල සමථ මූල මණ්ඩලයේ සභාපති
ධුරන්ධරව වැඩ විසූ වාගීශ්වරාචාර්ය ශ්‍රී ඉඩම්ගම හේමතිල නාහිමියන් අපවත්
වී ජනවාරි මාසයට දෙවසරක් සපිරිණි. ඒ නිමිත්තෙන් ගුණ සමරු වැඩසටහනක්
2009 ජනවාරි 31 සහ පෙබරවාරි 1, 2, 3, 4, 5 යන දිනවලදී මාතලේ අකුරම්බොඩ
නාගහපොල ශ්‍රී ආනන්දාරාම පිරිවෙන් මහ විහාරය කේන්ද්‍ර කොටගෙන පැවැත්වේ.
එම වැඩසටහන යටතේ,
ජනවාරි 31, ආගමික කටයුතු අමාත්‍යාංශය මඟින් පුණ්‍ය ග්‍රාම වැඩසටහන ද
පෙබරවාරි 01, සිංහ සමාජය මඟින් හා ලසන්ත ගුණවර්ධන පදනම යටතේ, සමාජ සුබ
සාධන සේවා රැසක් ද 2 වන දා මෝහන ප්‍රතිකාර වැඩසටහන හා මෝහන ප්‍රසංගයක්
ද 3 වන දා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සම්මාන පිරිනැමීමද, 4 වන දා
රණවිරුවන් සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීම ද, පෙබරවාරි 5 වන දා
සාංඝික දානමය පින්කමද සිදු කැරේ. |