UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

විද්‍යුත් මාධ්‍යයේ සදහම් සන්නිවේදකයා

The Buddhist  (බෞද්ධයා)

අප බුදුන් වහන්සේ හුදු ධර්ම දේශකයකු පමණක් නොව ලොව පහළ වූ අති ශ්‍රේෂ්ඨ සන්නිවේදකයෙකු විය. ඒ මතුද නොව, උන්වහන්සේ මේ වන විට ලොව පවතින ඉතාමත් දියුණු යැයි සම්මත නූතන සන්නිවේදන සංකල්ප මෙලොවට හඳුන්වා දීමේ ප්‍රමුඛයා මෙන්ම එම සංකල්ප සන්නිවේදනය සඳහා යොදාගත් ප්‍රමුඛයා ද විය.


බෞද්ධයා නාලිකාවේ ආරම්භක වැඩසටහන

බුදුරජාණන් වහන්සේ ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය භාවිතා කරමින් දහම් දෙසුවේ, නූතන ලෝකයේ රූපවාහිනිය නම් සන්නිවේදන මෙවලම බිහිවීමට, වසර දෙදහස් පන්සියකට පමණ ඉහතදී ය. ඛේමා රජ බිසවුන්හට උන්වහන්සේ විසින් කළ දම්දෙසුම, නන්දකුමරා හා සම්බන්ධ සිදුවීම් පෙළ, බුදුන් වහන්සේ තම ධර්ම සන්නිවේදනය පිණිස රූප මාධ්‍ය යොදාගත් අවස්ථාවන් හට උදාරහණයන් ය.

බුදුරජාණන් වහන්සේ මෙසේ ලොව ශ්‍රේෂ්ඨතම සන්නිවේදකයාණන් වහන්සේ වනුයේ, උන්වහන්සේ. ඉතා උසස් සන්නිවේදන සංකල්පය ඉතාමත් සාර්ථකව යොදාගත් බැවින්ම පමණක් නොවේ. උන්වහන්සේ එසේ සන්නිවේදකයකු වශයෙන් ශ්‍රේෂ්ඨවන්නේ, සන්නිවේදන කාර්යයේ දී උන්වහන්සේ තුළ තිබූ, නිර්මල පරමාදර්ශී, උත්කෘශ්ඨ ආකල්ප නිසාය. ඕනෑම අයෙකුට, බුද්ධ චරිතය, මැනවින් විමර්ශනය කිරීමේ දී උන්වහන්සේ සන්නිවේදකයෙකු වශයෙන් පළකළ මහා ප්‍රඥාව හා විශද බව අපූර්වත්වයෙකින් යුතුව දැකිය හැකි ය.

උන්වහන්සේ නිබඳවම සන්නිවේදනය කළේ සත්‍යයයි. අනුගමනය කරන ලද්දේ අවිහිංසාවාදයයි. සන්නිවේදනයේ අභිමතාර්ථය වූයේ සියලු ලෝසතුන් දුකින් මුදාලීමයි. උන්වහන්සේ සන්නිවේදනයේ දී අභියෝග කළේ ද, බිඳ දැමුවේ ද මිථ්‍යාවයි. තම ශ්‍රාවකයාගේ ප්‍රඥාව වඩවනු පිණිසම තම සන්නිවේදනයේ යෙදුණු සේක.

ලාභ, අලාභ යන ධර්මතා දෙකෙහිදීම අපක්‍ෂපාතීව ධර්ම සන්නිවේදනයේ යෙදුණහ. මහා සිහනාද සූත්‍රයේ දී දැක්වෙන පරිදි උන්වහන්සේ හට, රූප හෝ ශබ්ද ත්‍රිසහස්සි ලෝකධාතුව පුරාම හෝ ඉන් ඔබ්බට සම්ප්‍රේෂණය කළ හැකිව තිබිණි. නමුදු ඉන්ද්‍රජාලීකරණය වූ සන්නිවේදන කාර්යයක නිරත නොවූ උන්වහන්සේ තම ධර්ම සන්නිවේදනය, භෞතික පරිසරය තුළ, රඳවා එහි වූ භූවිෂමතා ලක්‍ෂණයන් හා ගළපා ඉදිරිපත් කළහ. බුදුරජාණන් වහන්සේගේ මෙම පරමාදර්ශී සන්නිවේදනයේ සඵලත්වය පිළිබඳව, එම සන්නිවේදනය තුළින් බිහි වූ අපමණ රහතුන් වහන්සේ පිළිබඳ අප සතු පුරාවෘත්තයන්ද අද පවා අප ඉදිරියේ විද්‍යාමනවන ථෙරවාදී බුදු දහමද දෙස් දෙති.

වාණිජ කරණයට නතු වූ වර්තමානය තුළ සන්නිවේදන මූලධර්ම මුදල මත පදනම් වී, වෙළඳාම පිණිස ර්චපඬඥබ සන්නිවේදනය යොදාගන්නා යුගයක, එදා බුදුරදුන් ධර්ම සන්නිවේදනයේ දී අනුගමනය කරන ලද මානව හිතවාදී සන්නිවේදන කලාව පරමාදර්ශී කරගනිමින්, මෙරට මාධ්‍ය ව්‍යාපාරය තුළට දෙදහස් හතේ ජූනි මස විසි අටවන දින අපූර්ව ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය ආයතනයක් බිහිවිය. ඒ කොළඹ හත ග්‍රෙගරි පාරේ, ශ්‍රී සම්බෝධි විහාරයේ සිට විසුරුවා හරිනු ලබන ඊඩඥ ඕභඤඤඩඪඵබ හෙවත් බෞද්ධයා නාලිකාවයි. ලක්වාසීන් ඇතුළු සියලු ලෝසතුන්ගේ හිත සුව පිණිස යන උතුම් ආදර්ශ පාඨය තේමා කර ගනිමින්, ලෝක සත්වයා මිථ්‍යාවේ අඳුරු පටලයෙන් මුදාගෙන, ප්‍රඥාවේ ප්‍රදීපයෙන් ආලෝකමත් කිරීම සඳහා බෞද්ධයා නාලිකාව තම විකාශන කටයුතු මේ වන විට සිදු කරමින් සිටී.ඉන් ගලායන්නේ රත් වූ ලෝ ධාතුව සිසිල් කරන දම් අමා ගඟුලයි.

සමාජයේ යහ පාලනයට අවැසි බෞද්ධාගමික පරිසරය මෙරට තුළ ගොඩනැංවීම සහ පුද්ගලයා මෙලොව හා පරලොව දෙකෙහි ම ඵලදායී අයකු කිරීම පිණිස මෙහි වැඩසටහන් පෙළ ගස්වා තිබේ. වාණිජ අරමුණු වලින් සියයට සියයක්ම බැහැරවී සිටින බෞද්ධයා නාලිකාව නිරතවන්නේ සැබෑම වූ ධර්ම සන්නිවේදන කාර්යයේ ය.

දඹදිව අසිරිය හා එහි බොදු අසිරිය ඔබ වෙත රැගෙන එන දඹදිව වන්දනා, අභිධර්ම කොටස් සරළව සන්නිවේදනය කරන ධම්මානුපස්සනා, බුදුදහම තුළින් විශිෂ්ඨත්වයට පත්වූවන්ගේ වගතුග රැගෙනඑන විමංසා, බෞද්ධ හා සාහිත්‍ය පොතපත ගැන කථාබස් කරන සාහිත කෙත, දායක ධර්ම දේශනා ඉන් කිහිපයකි.

ඔබට නිවසේ සිට ඩයලොග් ටීවී තුළින් නොමිලයේම මෙම නාලිකාව නැරඹි හැකි අතර චන්ද්‍රිකා තාක්‍ෂණය තුළින් ද මෙම නාලිකාව පැය විසිහතර පුරාම නැරඹිය හැක.

වත්මන් සන්නිවේදකයා ප්‍රඥාවන්ත විය යුතු ය. නිහතමානී විය යුතු ය. අපක්‍ෂපාතී විය යුතු ය. සත්‍යවාදී විය යුතු ය. මිත්‍යා දෘෂ්ටික නොවිය යුතු ය යන සංකල්පයේ හිඳිමින් බෞද්ධයා නාලිකාවේ කාර්ය මණ්ඩලයද, ගිහි පැවිදි දෙපිරිසේම ආශිර්වාදය හා උපදේශනයද ලබමින් තම විකාශන කටයුතු නොකඩවා කරගෙන යමින් සිටී.

මෙම නාලිකාව හා සම්බන්ධ වී එයින් ගලා යන දම් අමාදියෙන් සැනසෙන්නට ඔබසැමට ආරාධනා

වප් පුර පසළොස්වක


වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 14 වනදා අඟහරුවාදා පූර්ව භාග 3.55 ට ලබයි. 15 වන දා බදාදා පූර්ව භාග 1.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 14 වනදා අඟහරුවාදාය.
 

මීළඟ පෝය ඔක්තෝබර් 21 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 14

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

New Moonඅමාවක

ඔක්තෝබර් 28

First Quarterපුර අටවක

නොවැම්බර් 6

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]