UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අක්මීමන යටගල රජමහා විහාරය

දකුණු සිරිලක අගනුවර ගාලු පුරවරයෙහි අක්මීමන මැතිවරණ කොට්ඨාසයේ රමණීය කඳුගැටයක් මත පිහිටි යටගල රජමහා විහාරය වසර දහස් ගණනක ඉතිහාසයක් ඇති ඓතිහාසික පුදබිමකි.

එහි පිහිටි ඉපැරණි බෝධීන් වහන්සේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවකි. කඳු මුදුනෙහි වූ සුවිශාල ගල් ලෙනද දඹදෙණි යුගයට අයත්ය. 12 වන සියවසේ එනම් ක්‍රි.ව. 1225 සිට 1259 දක්වා රජ කළ දෙවන පරාක්‍රමබාහු රජුගේ නියමයෙන් දේවපතිරාජ අමාත්‍යවරයා බුද්ධ මන්දිරයෙහි වැඩසිටින 18 රියන් සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කරවා ඇතැයි කියැවේ.

විහාර මන්දිරයේ දකුණු පස දොරටුවට ඉහළින් කටාරම් යට විහාරය කරවීම පිළිබඳව සඳහන් ලෙන් ලිපිය ඇත.

බුදු මැදුරේ වියන ලෙස ඇත්තේ සුවිශාල ගල්ලැල්ලකි. එය මත වූ නෙළුම් මල් සටහන් අද ද දැකිය දැකිය හැකිය. නමුත් ඊට යටින් ඇති ඉපැරණි බිතුසිතුවම් මේ වනවිට මැකී යමින් පවතී.

විහාර මන්දිරයේ දකුණුපස ඉහළ කොටසේ පෙනෙන වෙස්සන්තර ජාතක කථාව සඳහන් සිතුවම් ක්‍රි.ව. 12 වන සියවසට අයත්ය. එහි යටමාලයේ චිත්‍ර අයත්වන්නේ නුවර යුගයටය. අතීතයේදී භික්ෂූුන් වහන්සේ භාවනානුයෝගීව වැඩසිටි ගල් ලෙන් අද ද දැකිය හැකිය. වරින් වර කරන ලද ප්‍රතිසංස්කරණවලදී පෞරාණිකත්වය ගැන අවධානයක් හෝ අවබෝධයක් නොමැති වීමෙන් යටගල රජමහා විහාරයේ පිහිටා තිබූ පැරැණි සෙල් ලිපි දෙකක් සහ ඓතිහාසික ලේඛන කිහිපයක් විනාශ වී ගොස් ඇත.

චෛත්‍යයට උතුරින් පිහිටි අවුරුදු 800 කට වඩා පැරණි මහා නුග සහ දියතාලිය වෘක්ෂ පිළිබඳව පැතිර පවත්නා තොරතුරු බැතිබර ජන හදවත් භක්තියෙන් පුරවාලයි. පසු කලෙක කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ අනුග්‍රහය ලැබූ වැලිවිට සරණංකර සඟරජ නා හිමියන්ගේ් ශිෂ්‍ය කැටගොඩ රතනජෝති නාහිමියෝ යටගල රජමහා විහාරය ඇතුළු විහාරස්ථාන 18 ක අධිපතිත්වය දැරූහ.

18 වැනි සහ 19 වන සියවස් වල මෙම රජමහා විහාරයේ නායකත්වයට පත් යටගම ජෝතිපාල නාහිමි, ගල්ඔලුවේ දේවමිත්ත නාහිමි සහ තල්පේ සෝනුත්තර නාහිමිවරුද විහාර සංවර්ධන කටයුතු මැනවින් ඉටු කළහ. 1891 දී හෙට්ඨාචල මහ පිරිවෙණ ඇරඹුණ අතර බද්දේගම පියරතන නාහිමි, දිවංගත පුරා විද්‍යා කොමසාරිස් මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූ®රීන් වැනි ගිහි පැවිදි පඬිවරු රැසක් හෙට්ඨාචල මහ පිරිවෙණින් බිහි වූ වියතුන්ය.

අපවත් වී වදාළ වත්තේහේනේ රතනසාර නාහිමිපාණන්ගෙන් පසු වත්මන් විහාරාධිපති රාජකීය පණ්ඩිත මැටරඹ හේමරතන නාහිමිපාණන් වහන්සේ ද සුවිශේෂ ආගමික හා සමාජීය සේවාවක යෙදෙති.

දිවංගත ජනාධිපති ආර්. පේ‍්‍රමදාස මැතිතුමා සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය, මුල්‍යමය වශයෙන් යටගල රජමහා විහාර පූජා භූ®මිය සංවර්ධනය කිරීමට දායක වූහ.


අතීතයේ දී මහ සඟරුවන වැඩසිටිගල් ලෙන් කීපයක්
 

ශ්‍රී මහා බෝධියේ ශාඛාවක් වූ මෙහි ඓතිහාසික බෝධීන් වහන්සේ සහ රන්වැට

බිනර අව අටවක පෝය


බිනර අව අටවක පෝය
සැප්තැම්බර් 21 වන දා ඉරිදා අපර භාග 11.40 ට ලබයි. 22 වන දා සඳුදා අපර භාග 9.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 22 වන දා සඳුදාය
 

මීළඟ පෝය
සැප්තැම්බර් 28 වන දා ඉරිදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

New Moonඅමාවක

සැප්තැම්බර් 28

First Quarterපුර අටවක

ඔක්තෝබර් 07

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 14

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]