UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිංවත්තේ සද්ධර්මාකර විද්‍යායතනයේ ‘සද්ධර්මාකර හරසර’ උපහාර උළෙල

පානදුර පිංවත්තේ සද්ධර්මාකර විද්‍යාතන පිරිවෙණ ක්‍රි.ව. 1900 දී රත්මලානේ පරමධම්ම චේතිය පරිවේණාධිපති ලුණුපොකුණේ ධම්මානන්ද නා හිමිපාණන් වහන්සේ, රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති නා හිමිපාණන් වහන්සේගේ සහාය ඇතිව පිංවත්තේ ඛෙත්තාරාමාධිපති සිරිසුගත ශාසන විනයාචාර්ය පිංවත්තේ ශ්‍රී සීලානන්ද නා හිමිපාණන් වහන්සේ විසින් ආරම්භ කරන ලදී.

එදා සිට මෙදා දක්වා මෙම ආයතනයෙන් බිහි වූ ගිහි පැවිදි ආදි ශිෂ්‍ය පිරිස දහස් ගණනක් වේ.

එම ආදි ශිෂ්‍යයන්ට උපහාර පිදීමේ ‘සද්ධර්මාකාර හරසර’ නමින් සම්භාවනා උත්සවයක් සැප්තැම්බර් 21 පස්වරු 3.00 ට පානදුර පිංවත්තේ සද්ධර්මාකාර විද්‍යාතනයේදී ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරිතර මහානායක අග්ග මහා පණ්ඩිත භාෂාන්තර විශාරද සංස්කෘත චක්‍රවර්තී රාජකීය පණ්ඩිත දවුල්දෙන ඥානේශ්වරාභිධාන මහ නා හිමියන්ගේ් මූලාසනයෙන් හා පිරිවෙන් විහාරාධිපති කෘත්‍යාධිකාරි අධ්‍යක්ෂ තලල්ලේ මෙත්තානන්ද නාහිමිපාණන් වහන්සේගේ් අනුශාසනා පරිදි පරිවේණාධිපති ශාස්ත්‍රපති අමුගොඩ සෝමානන්ද නාහිමියන්ගේ, නියෝජනය පරිවේණාධිපති ගෞරව ශාස්ත්‍රවේදී මලවැන්නේ සමිත හිමිපාණන් වහන්සේ, නියෝජ්‍ය පරිවේණාධිපති (අධ්‍යාපන) රාජකීය පණ්ඩිත දෙහිපාගොඩ විජිතනන්ද හිමිපාණන් වහන්සේගේ හා ගිහි පැවිදි ආචාර්ය මණ්ඩලය, සිසු පිරිස හා ආදිශිෂ්‍ය සංගමයේ සංවිධානයෙන් පැවැත්වේ.

මෙහිදී විශේෂ උපහාර ලෙස අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ රාජකීය පණ්ඩිත බලංගොඩ සුධම්සමවංස මහා නාහිමි, ආචාර්ය පාතේගම ඤාණාරාම නාහිමි , මහාචාර්ය දයා එදිරිසිංහ මහතා හා වසර 35 ක් සද්ධර්මාකර ආයතනයේ සේවය කළ ගෞරව ශාස්ත්‍රවේදී එපිටවල ආරච්චි මහතාට තෝරාගත් ආදි සිසුන්වන අමරපුර සද්ධම්ම යුක්තික මාතර මහානිකායේ මහා නායක පණ්ඩිත රැකව ගුණසිරි මහානාහිමි, ගෞරව ශාස්ත්‍රවේදී කුඩාහීල්ලේ රතන නාහිමි, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) ශාස්ත්‍රපති ගොඩල්ලවෙල රතනානන්ද නාහිමි, රුහුණු විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය විලේගොඩ ආරියදේව නාහිමි, තෙබුවන ග්‍රන්ථාකර පරිවේණාධිපති ශාස්ත්‍රවේදී තෙබුවන පියනන්ද නාහිමි, මැලේසියාවේ මලක්සෙක්‍යායින් බෞද්ධ විහාරාධිපති ශාස්ත්‍රවේදී අලුබෝමුල්ලේ රතනසිරි නා හිමි වන අතර, ගිහි ශිෂ්‍යයන් වශයෙන් විශ්‍රාමලත් විදුහල්පති එච්. එස්. ආර්. කරුණාතිලක රුහුණු විශ්ව විද්‍යාලයේ මාහාචාර්ය ඒ.ජේ. රුහුණුහේවා , පානදුර රාජකීය විද්‍යාලයේ විදුහල්පති විද්‍යා නිකේත කීර්ති ශ්‍රී දේශබන්දු ලංකා පුත්‍ර එච්. සරත්චන්ද්‍ර සිල්වා, කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඩී.ඒ. පේ‍්‍රමකුමාර ද සිල්වා බස්නාහිර පළාත් සභාවේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (සැලසුම්) ගෞරව ශාස්ත්‍රවේදී ජේ. විජේසිරි සිල්වා යන මහත්වරුන්ට පානදුර ශ්‍රී‍්‍ර සුමංගල විද්‍යාලයේ සංගීත ආචාර්ය ප්‍රවීණ රංගන ශිල්පී හරසර නම් විශේෂ කලාපයක් නිකුත් කිරීමට ද සංවිධානය කර ඇත.

බිනර අව අටවක පෝය


බිනර අව අටවක පෝය
සැප්තැම්බර් 21 වන දා ඉරිදා අපර භාග 11.40 ට ලබයි. 22 වන දා සඳුදා අපර භාග 9.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 22 වන දා සඳුදාය
 

මීළඟ පෝය
සැප්තැම්බර් 28 වන දා ඉරිදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

New Moonඅමාවක

සැප්තැම්බර් 28

First Quarterපුර අටවක

ඔක්තෝබර් 07

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 14

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]