UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

භාරතයේ සාංචිය හා සාංචි ස්තූප

මධ්‍ය භාරතයේ රමණීය කඳුගැටයක් මත පිහිටි ස්වාභාවික සෞන්දර්ය රසයෙන් ඉතිර යන බෞද්ධ මධ්‍යස්ථානයක් වශයෙන් සාංචිය හඳුන්වා දීමට පිළිවන. ඓතිහාසික පසුබිම විමසන කල්හි අශෝක අධිරාජ්‍යයා ගේ කාලය දක්වා දිවයන ඉතිහාසයකට නෑකම් කියන බව පෙනේ. අපේ මහාවංශයෙහි ‘චේතියගිරි’ යන නාමයෙන් ද සාංචිය හඳුන්වා තිබේ.

මෞරිය රාජ වංශිකයෙකු වූ චන්ද්‍රගුප්තගෙන් පසුව බින්දුසාර ද බින්දුසාරගෙන් පසුව අශෝක රජුද අධිරාජ්‍ය පදවි ලැබූහ. තරුණ අවධියෙහි යුව රජ තනතුර දරන ලද අශෝක කුමරු සාංචිය පිහිටි මාල්වා ප්‍රදේශය පාලනය කළේ උදේනි පුරසිට ය. මේ කාලයේදී ම විදිසා නගරයේ විසූ දේවී නම් වූ කුමරියක සමග අශෝක කුමරු විවාහ වූ බව කියැවේ. චණ්ඩාශෝක, බුදු සමය වැළඳගෙන ධර්මාශෝක වූයෙන් දේවී කුමරිය ද ඒ මග අනුගමනය කළ හෙයින් ඇගේ මව් බිමේ රජතුමා ලවා විහාරයක් කරවා ගත්තා ය. සැරියුත්, මුගලන් දෑගසව්වන් වහන්සේගේ ධාතූන් ද තෙවන ධර්ම සංඝායනාවේ නායකත්වය ඉසිලූ මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේගේ් ධාතු ද ධර්මදූත සේවාවේ යෙදුන හිමිවරුනගේ් ධාතූන් ද මේ විහාරය් ඉදිකළ චෛත්‍යයන්හි තැන්පත් කොට ඇති බව සඳහන් වේ. ධර්මාශෝක මහ නිරිඳුන්ගේ පුත් මිහිඳු මහ රහතන් වහන්සේ හෙළ දිවට වැඩම කිරීමට පෙර විදිසාවේ වැඩ විසූ බව ද ඉතිහාසය අනාවරණය කරයි. එසේම අශෝක රජතුමාගේ විශේෂ සැලකිල්ලට මෙන් ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූ සිද්ධස්ථානයක් ලෙස ද සාංචිය හඳුන්වා දිය හැකිය.

එතුමන් මෙහි ඉදිකරනු ලැබූ සංඝාරාමය මහාථූපය, අශෝක කුළුණ ඓතිහාසික මූලික නිර්මාණ වේ. අශෝක මහ රජතුමාගේ ඇවෑමෙන් එම ප්‍රධාන චෛත්‍යය බිඳලනු ලබන්නේ ද මෞර්ය රාජයා වූ බෘහත්ර රජු මරා දමන්නේ ද අශෝක මහරජතුමාගේ ම ප්‍රධාන සේනාධිපති පුෂ්සමිත්‍ර ශුංග විසිනි.

මේ හානියට එරෙහිව නැඟී ආ ජන විරෝධය කෙතරම් ද? යන්න අවබෝධ වනුයේ ශුංග රාජ වංශය පාලනය කරන කාලය තුළ චෛත්‍යය සංවර්ධනයට දෙනු ලබන ජනතා සහයෝගය අනුව යි. නව සියයකට ආසන්න පිරිසක් සඳහා ධන පරිත්‍යාග කළ බව කියැවේ. වර්තමානයේ සාංචි ස්තූ®පයට අයත් සියලු අංග ශුංග රාජ්‍ය කාලයට අයත් ය. සාංචිය කියූ පමණින් එක්වරම අප සිහියට නැගෙන සුප්‍රකට සාංචි තොරණ ඉදිවනුයේ ශාතවාහන රාජ්‍ය කාලයේ ය. එතුමන්ගේ රාජ්‍ය කාලයෙන් පසු ගුප්ත රාජ වංශය ඇරඹේ.

එම කාලය තුළ සාංචි තොරණ ආශි‍්‍රතව ප්‍රතිමා තැන්පත් කිරීම, ප්‍රතිමාඝර ඉදිකිරීම බඳු විවිධාංග එකතු වේ.

එක්බිති එළඹෙන කාලය තුළ විවිධ ආක්‍රමණිකයෝ සාංචියට කිහිප වතාවක් ම පහර දෙති. ශක, ශත්‍රප, ප්‍රතිභාර, පරමාර, හා ඉස්ලාමීහු මොවුහු අතර වෙති. කි‍්‍ර.ව. 1300 න් පසු සාංචිය පරිහානියට පත් වේ.

යළිදු සාංචිය දෙස ලෝ නෙත යොමුවනුයේ ක්‍රි.ව. 1850 දශකයෙන් ආරම්භ වන කාල වකවානුව තුළයි. ඉංගී‍්‍රසි ජාතිකයන්ගේ පාලන සමයක් වන එම වකවානුවේ ඇති වූ රහස්, කුමන්ත්‍රණයක් මත සාංචි තොරණ සතර එංගලනත්යට ගෙනයාමේ තැතක් ව්‍යවර්ථ වූ බව ඉතිහාසයේ සඳහන් ය. ඒ අතරතුර 1861 දී ඉන්දීය පුරාවිද්‍යා අධිකාරිය පිහිටුවනු ලැබීය. 1881 දී ආර්. සී කෝල් මහත්මා පුරාවිද්‍යා අධිකාරි ලෙස පත්ව ‘සාංචි’ ශුද්ධ පවිත්‍ර කොට මහා ථූපයේ කඩා වැටුණු කොටස් හා තොරණ දෙකක් අලුත්වැඩියා කර තොරණ ගෙන යාමේ උත්සාහයට දැඩි ලෙස විරෝධය දක්වයි.

අද ලොව බොදු සැදැහැවතුනට දක්නට ලැබෙන සාංචිය, සම්පූර්ණ වශයෙන් අවසන් වරට අලුත්වැඩියා කරනුයේ එම ස්ථානයට ඉමහත් කැපවීමක් කළ සර් ජෝන් මාර්ෂල්තුමා ය.

සාංචි මහා ථූපය

සාංචියේ ස්තූ®ප අතරින් අතිශය වැදගත්කමක් උසුලනුයේ මහා ථූපයයි. අඩි 56 ක් තරම් උසකින් යුක්ත වන අතර අඩි 120 ක විශ්කම්භයකින් සැදී බුම්බුලාකාර ගර්භයක් වේ. චෛත්‍ය ගර්භයට සමාන්තරව අඩි 10 ක පමණ පරිතරයකින් දිවෙන ගල් වැටක් වේ. එම ගල් වැටත්, චෛත්‍ය ගර්භයත් අතර භූමි භාගය ගල්පතුරු අතුරන ලද සලපතල මළුවකි. එය ‘පුදක්‍ෂිණා පථ’ නමින් හඳුන්වනු ලැබේ.

ගල් වැට සතර දිශාවෙන් ගලින් ම ඉදිකෙරුණු තොරණ සතරක් වේ. තොරණ සතරින් ම සලපතල මළුවට ඇතුළු විය හැකිය. දකුණු තොරණින් ඇතුළු වී දෙපැත්තෙන්ම ඉහළට නැගිය හැකි සෝපාන පන්ති දෙකකි. පොළව මට්ටමේ පිහිටි ‘ ප්‍රදක්ෂිණා පථය’ මෙන්ම පොළවේ සිට අඩි 16 ක් පමණ ඉහළින් ගර්භය වටා ඉදිකළ ප්‍රදක්ෂිණා පථයක් ද ;මහි දක්නා ලැබේ. ‘මේධි’ නමින් හඳුන්වන එම ප්‍රදක්ෂිණා පථය චෛත්‍ය ගර්භයට සම්බන්ධ හෙයින් ‘කුච්ඡිමේධි’ යන නමින් ද හඳුන්වනු ලැබේ.

ඉහතින් කී සෝපාන පන්ති දෙකෙන් එම ප්‍රදක්ෂිණා පථයට හෙවත් මේධියට පිවිසිය හැකිය. එම රමණීය ගල් ගරාදි වැටකින් ආවරණය වේ. ගර්භය මුදුනේ අඩි 10 ය 10 පමණ ගල් ගරාදි වැටකින් ආවරණය වන හතරැස් කොටුවකි’ එය හර්මිකා යනුවෙන් හඳුන්වනු ලැබේ. හර්මිකාව මැද ශෛලමය යෂ්ටියක් සිටුවා ඒ මත වෘත්තාකාරව තනන ලද සෙල්මුවා ඡත්‍ර තුනක් පහළ සිට ඉහළට කුඩාවන අයුරින් යොදා ඇත.

සාංචි ස්තූ®ප පිහිටි කන්දේ බටහිර බෑවුමෙහි මීටර් සියයක් පමණ පහළින් පිහිටි දෙවන ස්තූ®පය ද වැදගත් බෞද්ධ නිර්මාණයකි. මොග්ගලීපුත්තතිස්ස හිමි ඇතුළු හිමිවරුනගේ් ධාතූ®න් වහන්සේ එහි තැන්පත් කර ඇති බව පැවසේ.

එම චෛත්‍යය වටා වූ ගල්වැටෙහි අලංකාර කැටයම් දක්නට ලැබේ.

මහා ස්තූ®පයට ඊසාන දෙසින පිහිටි සැරියුත්, මුගලන් දෑගසව්වන් වහන්සේගේ් ධාතූන් වහන්සේ තැන්පත් කරන ලද තෙවන ස්තූ®පය ද ඉතා වැදගත් නිර්මාණයකි. බාහිර පෙනුමෙන් බොහෝ දුරට මහා ස්තූ®පයට සමානත්වයක් දක්වන එම දාගැබ සම්බන්ධව එක් ප්‍රදක්ෂිණා පථයක් දක්නා ලැබේ. පොළොව මට්ටමේ සලපතල මළුවේ ප්‍රදක්ෂිණා පථයක් වෙන්වන සේ ශෛලමය ගරාදි වැටක් යොදා නොමැත.

ප්‍රදක්ෂිණා පථයට සම්බන්ධ සෝපාන පන්ති ඉදිරියෙන් එක් තොරණක් පමණක් යොදා ඇත. මෙම තොරණද ඉතා අලංකාර කැටයමින් සමලංකෘතය.

ප්‍රධාන ස්තූ®පය සහිත එම වෙහෙර තැන්නෙහි දැනට ස්තූ®ප හැත්තෑ හතරක් පමණ දක්නට ලැබේ.

මේ ස්තූප රවුම් හතරැස් හැඩවලින් යුක්ත වන අතර කුඩා ප්‍රමාණයේ දාගැබ් ද ඒ අතර වේ.

මේ ස්තූප කිනම් අරමුණු අරභයා ඉදිවිණිදැයි ස්ථිරවම කිව නොහැකිය. මේ පුණ්‍ය භූ®මියෙහි වැඩ විසූ භික්ෂුන් වහන්සේ අපවත්වීමෙන් ඉක්බිති තැනූ සොහොන් ලෙස එක් අදහසක් ඉදිරිපත්ව තිබේ.

ධර්මාශෝක මහ නිරිඳුන් ඉදිකරන ලද සාංචි ස්තූ®ප සංකීර්ණය ආගමික අතින් අතිශය වැදගත් කලා මධ්‍යස්ථානයකි. ලෝවැසි බොදු දනන්ගේ වන්දනාමානයට නිබඳව ලක්වන මේ ස්තූ®ප ආශි‍්‍රත ගල්වැට සහ තොරණ කැටයම් මධ්‍ය භාරතයෙන් හමුවන විශිෂ්ටතම කලාත්මක නිර්මාණ වේ.

අශෝක රජ දවස දැවයෙන් ඉදි වූ බව කියන වැට හා තොරණ වෙනුවට අද දක්නට ලැබෙන ගල්වැට සහ තොරණ ඉදිවූයේ ශුංග යුගයෙහි දී ය. මේ අනුව මෙම නිර්මාණ ක්‍රි.පූ. 184 ත් 174 ත් අතර ඉදිවන්නට ඇතැයි අනුමාන කෙරේ.

පාදක සටහන්

1. පේ‍්‍රමානන්ද සොලමන්, ඓතිහාසික භාරතීය කලා විමසුම, සාර ප්‍රකාශන, 1998 - 31, 32, 37, 38 පිටු.

2. මුදලක්කුලියේ රතනජෝති හිමි - ශාන්තිදායක සාංචිය සිස්ටමැටික්පි‍්‍රන්ට් (පුද්ගලික සමාගම) 1999- 02, 03, 04 , 06, 07, 08 පිටු.

 

බිනර අව අටවක පෝය


බිනර අව අටවක පෝය
සැප්තැම්බර් 21 වන දා ඉරිදා අපර භාග 11.40 ට ලබයි. 22 වන දා සඳුදා අපර භාග 9.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 22 වන දා සඳුදාය
 

මීළඟ පෝය
සැප්තැම්බර් 28 වන දා ඉරිදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

New Moonඅමාවක

සැප්තැම්බර් 28

First Quarterපුර අටවක

ඔක්තෝබර් 07

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 14

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]