| බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප) 
	
		| ලේක්හවුස් මිහින්තලා 
			ආලෝක පූජාවෙන්
			 
			ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම විසින් ලංකා විදුලි බල 
			මණ්ඩලයේ සහයෝගය ඇතිව 46 වන වරටත් පොසොන් පුර පසළොස්වක නිමිත්තෙන් 
			ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාව ජුනි 17 සිට 19 වන දින දක්වා මිහින්තලා 
			පුද බිමේදී පවත්වන ලදී. එම උත්සවයට හතරවන වරටත් අබාන්ස් ආයතනයේ 
			අනුග්‍රාහකත්වය ලැබිණි. එම දින තුන ඇතුළත බැතිමතුන් දහස් ගණනක් 
			මිහින්තලා පුදබිම වැඳ පුදා ගැනීම සඳහා පැමිණ සිටි අතර ඔවුහු ලේක්හවුස් 
			මිහින්තලා ආලෝක පූජා වැඩකටයුතු වලට සහභාගි වූහ. එම කාලය තුළදී අනුබුදු 
			මිහිඳු පෙරහර ඇතුළු තවත් පින්කම් රැසක්ද පැවැත්විණි. 
			එම වැඩසටහන අතරතුර මිහින්තලේ සංරක්ෂණ භාරය පිහිටුවීමට රජය කටයුතු 
			යෙදීය. එමගින් ලෝක සංස්කෘතික දායාදයක් ලෙස මිහින්තලාව සංවර්ධනය කිරීම 
			රජයේ අපේක්ෂාවයි. 
				
					
						| 
						 |  
						| ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාවේ 
						සමාරම්භය සනිටුහන් කරමින් ඉකුත් 17 වනදා ඛනිජ සම්පත් 
						සංවර්ධන ඇමැති දුමින්ද දිසානායක මහතා ආලෝක පූජාව විවෘත කළ 
						අවස්ථාව . ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ 
						මෙහෙයුම් අධ්යක්ෂ උපුල් දිසානායක , නීති අධ්‍යක්ෂ රසංග 
						හරිස්චන්ද්‍ර, සාමාන්‍යාධිකාරි අභය අමරදාස යන මහත්වරු 
						සේයාරුවේ වෙති.  |  
						| 
						 |  
						| 46 වන වරටත් ආලෝක පූජාවෙන් මිහින්තලා 
						පුද බිම ආලෝකවත් වූ අවස්ථාව. |  
						| 
						 |  
						| මිහින්තලා රාජ මහා විහාරාධිපති 
						නාමල්වැවේ රතනසාර නාහිමියන් ප්‍රධාන මහ සඟරුවන ආලෝක පූජා 
						උළෙලට සහභාගි වෙමින්... |  
						|  |  
						| ජාතිය ගොඩනැගීමේ 
						අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, මහතා සහ මහාභාරකාර සරත් 
						සෙනෙවිරත්න, ලේක්හවුස් මෙහෙයුම් අධ්යක්ෂ උපුල් දිසානායක, 
						යන මහත්වරුන් ආලෝක පූජාවේ අවසන් දින (18) උත්සවයට සහභාගි 
						වෙමින්. |  
						|  |  
						| ලේක්හවුස් මිහින්තලා 
						ආලෝක පූජාවේ පොසොන් පෝදා විදුලිය ආලෝකය විවෘත කිරීමේ 
						පින්කම ආගමික කටයුතු ඇමැති පණ්ඩු බණ්ඩාරනායක මහා භාරකාර 
						සරත් සෙනෙවිරත්න, ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර 
						සමාගමේ මෙහෙයුම් අධ්යක්ෂ උපුල් දිසානායක, රූපවාහිනී 
						සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් සිසිර කොතලාවල, අනුරාධපුර දිසා 
						ලේකම් එච්.එම්. කේ. හේරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් 
						සිදු වූ අයුරු. |  
						|  |  
						| පොසොන් පෝදා 
						සම්බුද්ධ පූජාව පැවැත්වීමට සූදානම් වෙමින්, බුදුසරණ කර්තෘ 
						නෙල්සන් එස්. පෙරේරා මහතාද මෙහි වේ. |  
						|  |  
						| පිටිගල විජිත හිමියෝ පොසොන් පෝදා 
						මිහින්තලේ දී ධර්ම දේශනය පවත්වමින්.... |  |  | 
					
						|  |  
						| 
	
		
			| 
	
		| 
					පොසොන් අව අටවක පෝය  ජූනි 26 වන 
					දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 06.10 ට ලබයි.
					27 වන දා සිකුරාදා පූර්ව භාග
 05.00 දක්වා පෝය පවතී.
 සිල් සමාදන්වීම ජූනි 26 වන දා
 බ්‍රහස්පතින්දා ය.
 මීළඟ පෝය ජූලි 2 වන දා බදාදාය.
 |  
		| 
 |  
		| 
			
				
					|  |  
						| 
		 අව 
		අටවක |  
		| ජූනි 26 |  			
						
		| 
		 අමාවක |  
		| ජූලි 02 |  
												
														
						| 
		 පුර අටවක |  
		| ජූලි 10 |  
		| 
		 පසෙලාස්වක |  
		| ජූලි 17 |  |  |  |  
						|  |  |