UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අධි සිල් ලබති

හැලගල සිරිමංගල බෞද්ධ මධ්‍යස්ථානය, දංඕවිට, වේරගොඩ පාරමී ධර්මාශ්‍රමය, කළුකන්ද සමාධි ධර්මාශ්‍රමය යන විහාරත්‍රයාධිපති සමස්ත ලංකා අමරපුර චූල ගණ්ඨි මහා නිකායේ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක අපවත් වී වදාළ රදාවඩුන්නේ පඤ්ඤාසිරි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ හා තත් විහාරයන්හි වර්තමාන විහාරාධිපති, යක්කල, මහවිට සිරි වජිරඤාණෝදය පරිවේනාධිපති ශාස්ත්‍රපති, රදාවඩුන්නේ අස්සජි හිමියන්ගේ ශිෂ්‍යවරයන් වහන්සේලාවන,

වාරියපොල ශ්‍රී සුමංගල මහ පිරිවනේ උසස් අධ්‍යාපනය ලබන වේරගොඩ සුජාත සාමණේර නම (ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය)

නිට්ටඹුව, නාපාගොඩ, ත්‍රිපිටකෝදය මහා පිරිවෙනේ උසස් අධ්‍යාපනය ලබන මහියංගනයේ පඤ්ඤාසීහ සාමණේර නම.

නිට්ටඹුව, නාපාගොඩ, ත්‍රිපිටකෝදය මහ පිිරිවෙනේ උසස් අධ්‍යාපනය ලබන මහියංගනයේ පඤ්ඤාසාර සාමණේර නම.

නිට්ටඹුව, විද්‍යානන්ද, මහ පිරිවෙනේ උසස් අධ්‍යාපනය ලබන මහියංගනයේ පඤ්ඤාලෝක සාමණේර නම

නිට්ටඹුව, විද්‍යානන්ද මහ පිරිවෙනේ උසස් අධ්‍යාපනය ලබන බෙම්මුල්ලේ විනීන සාමණේර නම.

නිට්ටඹුව විද්‍යානන්ද, මහ පිරිවෙණේ උසස් අධ්‍යාපනය ලබන බෙම්මුල්ලේ විපස්සී සාමණේර නම.

මෙම 28 වන දින බලපිටිය ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථ බද්ධ සීමාමාලකයේ දී සමස්ත ලංකා අමරපුර චුලගණ්ඨි මහා නිකායේ මහානායක අරමංගොඩ පඤ්ඤා තිලකාභිධාන මහා නායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ මහා සංඝරත්නය වෙතින් මෙම 28 වන දා අධිසිල් ලබති.

-------------------------------------------------------

මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමි

මාවනැල්ල දෙවනගල අල්පිටිය ශ්‍රී ජිනේන්ද්‍රාරාමය සහ අමනාවල ශ්‍රී ධර්මාරාමය යන විහාරස්ථානවල අධිපති අඹේවෙල සුමනසාර හිමියන්ගේ සහ යාගොඩ නන්ද සාර හිමියන්ගේ ශිෂ්‍ය හෙම්මාතගම ශ්‍රී සමග්ගෝදය මහ පිරිවෙනේ අධ්‍යාපනය ලැබූ මැදිරිගිරියේ පුඤ්ඤසාර සාමණේරයන් වහන්සේ ජූනි 17 වන දින මහනුවර මල්වතු මහා විහාරීය මංගල උපෝසථාගාරයේ දී අධිසිල් ලැබූහ. මැදිරිගිරිය පුඤ්ඤාසාර හිමියෝ මැදිරිගිරිය ඩී05 ඇල පදිංචි බී.ඇම්. ධර්මදාස සහ ඩබ්.ඇම්. කුසුමාවතී යන අයගේ පුත්‍රරත්නය වේ.

සිරිමල්වත්තේ ධම්මාලෝක හිමි

සිංහරාජ ප්‍රාන්ත ආරණ්‍ය සේනාසනය, දකුණු තලංගම පාසල් මාවතේ, ත්‍රිපිටක ධර්මායතනයේ කතරගම බුද්ධගයා ආරණ්‍ය සේනාසනය අධිපති විනයාචාර්ය හේනේගම ධම්මධාර හිමියන්ගේ ශිෂ්‍ය සිරිමල්වත්තේ ධම්මාලෝක හිමියන් මෙම මස 06 වන දින වතුරවිල වනවාස සංඝ මූලස්ථානයේ දී දියපොට ශ්‍රී විජිතනන්ද ධම්මරක්ඛිතාභිධාන මහා නා හිමියන් ප්‍රධාන කාරක මහා සංඝ සභාව වෙතින් අධිසිල් ලැබූහ. උන්වහන්සේගේ මංගල ධර්ම දේශනාව ජූනි 18 පොසොන් පොහෝ දින බිසෝකොටුවගම රන්මිණිකොත භාවනා මධ්‍යස්ථානයේ දී පැවත්විණ.

නාවෙල ධම්මවිසුද්ධි හිමි

පනාවල සාරානන්ද හිමියන්ගේ ශිෂ්‍ය අම්පාගල නාතාගොඩ ශ්‍රී වර්ධනාරාමවාසී කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්‍ෂක නාවෙල ධම්මවිසුද්ධි හිමියෝ මහනුවර මල්වතු මහා විහාරයීය මංගල උපෝසථාගාරයේදී ජූනි 5 වැනි දා අධි සිල් ලැබූහ. ධම්මවිසුද්ධි හිමියන් දැරණියගල නාවෙල පදිංචි පැලවත්ත මුදියන්සේලාගේ සුදත් ඔගස්ටින් රාජපක්‍ෂ සහ දික්ඇල්ල ලේකම්ගේ චන්ද්‍රවතී දම්පතීන්ගේ පුතණුවන් වේ.

ඌරුබොක්කේ උපනන්ද හිමි

බෙරලපනාතර ශ්‍රී සුදර්ශනාරාමාධිපති විල්පිට ගුණරතනනාහිමි මොරවක් කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක පාතවිට පඤ්ඤානන්ද යන මාහිමිවරුන්ගේ ශිෂ්‍ය දැනට බෙල්ලන ධර්මපාල මහ පිරිවෙනේ අධ්‍යාපනය හදාරණ ඌරුබොක්කේ උපනන්ද සාමණේර හිමියන් ජුනි මස 15 වන මහනුවර මල්වතු මහාවිහාරයේදී අධිසිල්හි පිහිටුවීමට නියමිතව තිබිණි. උපසම්පදාලාභී හිමියන් පිළිගැනීමේ උත්සවය ජුනි 17 වන දා සවස 3.00 ට පැවැති අතර මංගල ධර්ම දේශනය ජුනි මස 18 වනදා සවස 3.00 ට පැවැත්විණි.

රුවන්පුර ධම්මාලංකාර හිමි සද්ධම්ගම සීලාලංකාර හිමි

ඇඹුල්ගම රජමහා විහාරාධිපති, බෝධිවංශ සමාජ සේවා පදනමේ හා රත්මලාන සීවලී වැඩිහිටි භික්‍ෂු නිවාසයෙහි විධායක අධ්‍යක්‍ෂ දංකන්දේ බෝධිවංශ හිමියන්ගේ ශිෂ්‍ය දෙනමක් වන හිපන්කන්ද ගා/විද්‍යා සමාධි මහ පිරිවෙනෙහි ආචාර්ය රුවන්පුර ධම්මාලංකාර සහ නුගේගොඩ සුභද්‍රාරාමය පිරිවෙන් විද්‍යයතනයේ උසස් අධ්‍යාපනය ලබන සද්ධම්ගම සීලාලංකාර යන සාමණේරයන් වහන්සේ දෙනම ඉකුත් 13 වැනි දා උපසම්පදාව ලැබූහ. කෝට්ටේ රජමහා විහාරස්ථ මංගල උපෝසථාගාරයේ දී එම උපසම්පදා පුණ්‍යේත්සවය සිදු කැරිණි. රුවන්පුර ධම්මාලංකාර හිමියන් හැටන් රුවන්පුර පදිංචි පී.ජී. සුනිල් බණ්ඩාර ජයසුන්දර සහ එච්.එම්. පළිඟුමැණිකේ දම්පතීන්ගේ පුත්‍රරත්නය වේ. සද්ධම්ගම සීලාලංකාර හිමියන් ගංගොඩගම සද්ධම්ගම පදිංචි දිසානායක මුදියන්සේලාගේ ආරියසේන සහ ටී.එම්. සුමනාවතී දම්පතීන්ගේ පුත්‍රරත්නය වේ.

පොසොන් අව අටවක පෝය

ජූනි 26 වන දා බ්‍රහස්පතින්දා
පූර්ව භාග 06.10 ට ලබයි. 27 වන දා සිකුරාදා පූර්ව භාග
05.00 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 26 වන දා
බ්‍රහස්පතින්දා ය.


මීළඟ පෝය ජූලි 2 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 26

New Moonඅමාවක

ජූලි 02

First Quarterපුර අටවක

ජූලි 10

Full Moonපසෙලාස්වක

ජූලි 17

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]