UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පෝද්දල කොඩිගලකන්ද ශ්‍රී සුමනගිරි සෙනසුන් විහාරය


විහාරාධිපති
තලගම වජිරසාර හිමි

පෝද්දල කොඩිගල කන්ද ශ්‍රී සුමනගිරි විහාරය මුහුදු මට්ටමේ සිට අඩි 275 ක් තරම් ඉහලින් පිහිටි දර්ශනීය පුද බිමකි. ගල් කුළු රැසක් මත පිහිටි මෙම විහාරය දිනපතාම එහි පැමිණෙන සිය ගණනක් සැදැහැවතුන් ගේ ගරු බුහුමනට පාත්‍ර වූ ඇසූ දුටු කාගෙත් චිත්ත පී‍්‍රතිය වඩවාලන සිද්ධස්ථානයකි.

ගල් කුළුමත ඉදිකළ බුදු මැදුර චෛත්‍යය මෙන්ම ආවාස ගෙයද ඉතාමත් චාම් බවක් ජනිත කරවන දසුන්ය. මෙහි අධිපති පදවිය දරන විනයාචාර්ය තලගම වජිරසාර හිමිපාණන් වහන්සේද සුපේශල ශික්ෂාකාමි බුදුපුත් රුවනකි. දැනට පන්සැත්තෑවිය සපුරා සිටින උන්වහන්සේ කිසිදිනක මස් මාංශ නොවළදන, දෙපයට මිරිවැඩි නොපළදින පිණ්ඩපාතිකව පැවිදි දිවිය ගතකරන මහ තෙර නමකි.

අදත් උන්වහන්සේ මෙම මහා කන්ද තරණය කරනුයේ ඉතාමත් පහසුවෙනි. මෙම පූජනීයස්ථානයේ පිවිසුම මාර්ගයට කඩ ඉණිවැටක් තිබිය යුතුමය. එය පුද පූජා සඳහා කොඩිගල කන්ද පන්සලට එන පින්වතුන්ගේ පහසුව පිණිසද හේතුව බව නොකිව මනාය.

ජල පහසුකම ජලනල යොදා සපයා ඇති ඇතැම් අවස්ථාවල සොර සතුරන් මෙම පූජා භූ®මියේ සම්පත් සොරාගත් අවස්ථාද ඇත. ඒ සෑම අවස්ථාවකදීම නීතියටත් වඩා වෙනත් මගකින් ඔවුන්ට ‘දිට්ඨ ධම්ම වේදනීය කර්මය’ පලදී සොරුන් කවුදැයි සෙසු සමාජය ඉදිරියේ මනාව පෙන් වූ වාර බොහෝය.

දකුණේ ඈත ගම් නියම් ගම්වල සිට පවා සැදැහැතියන් බෝධි පූජා සහ දේව පූජා සඳහා මෙම පුද බිමට පැමිණෙන්නේ ලැබෙන සැනසීම සහනය සොයා ගෙනය.

පෝද්දල කොඩිගල කන්ද ශ්‍රී සුමනගිරි සෙනසුන තවත් චිරාත් කාලයක් බොදු සිත් පහන් කරමින් බැබලේවා යනු අපගේද ප්‍රාර්ථනය යි.


බුද්ධ ප්‍රතිමා වහන්සේ

ගල මත පිහිටි බෝධිය

සෙනසුනට පිවිසෙන පියගැට පෙළ

සෙනසුනේ ඉහළින්ම පිහිටි චෛත්‍යය

 

මැදින් අව අටවක

   මැදින් අව අටවක පෝය මාර්තු 29 වැනිදා සෙනසුරාදා අපරභාග 02.17 ට ලබයි. 30 වැනිදා ඉරිදා අපර භාග 04.09 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම මාර්තු 29 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය අපේ‍්‍රල් 05 වැනිදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 29

New Moonඅමාවක

අපේ‍්‍රල් 05

First Quarterපුර අටවක

අප්‍රේල් 12

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 19

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]