UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අග්ගමහා පණ්ඩිත උපාධි ප්‍රදානෝත්සවය විද්‍යාසාගර මහ පිරිවෙන් විහාරයේ දී පැවැත්වේ

නාපාන පේමසිරි අධිකරණ නාහිමියන් වෙත මියැන්මාර් රජයෙන් අග්ග මහා පණ්ඩිත උපාධිය පිරිනමන ලද අතර උන්වහන්සේ පිළිගැනීමේ උත්සවයක් මෙම 30 වැනිදා, පස්වරු 2 ට මහනුවර මැණික්හින්න හුරිකඩුව ශ්‍රී විද්‍යාසාගර මහ පිරිවෙන් විහාරයේ දී පැවැත්වේ.
එම උත්සවයේ මුලසුන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ග මහා සද්ධම්මජෝතිකාධජ වේවැල්දෙණියේ මේධාලංකාර මහනාහිමියන් විසින් හොබවනු ලැබේ.
ගලගම අත්‍ථදස්සී අනු නාහිමි, අළුත්ගම ධම්මානන්ද නාහිමි, කොටුගොඩ ධම්මාවාස අනුනාහිමි, අත්තරගම වජිරජෝති නා හිමි, බළංගොඩ පඤ්ඤාවංස අනුනාහිමි, ආචාර්ය යටගම ධම්මපාල අනුනාහිමි, බෝපිටියේ වංසානන්ද අනුනාහිමි, මඩිතියවෙල මේධංකර අනුනාහිමි ඇතුළු මහ සඟරුවන එම අවස්ථාවට සහභාගී වීමට නියමිත ය.
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නිකායාරක්‍ෂක සභාවේ සභාපති කරු ජයසූරිය මහතා, මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය සහ ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා, වැවිලි කර්මාන්ත අමාත්‍ය දී.මූ. ජයරත්න මහතා, සංචාරක අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා, ජනමාධ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක සහ විමල් වීරවංශ මහත්වරු ද මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, ශ්‍රී ලංකාවේ මියන්මාර් තානාපති ටින් ඔල්වින් ශ්‍රී, දියවඩන නිළමේ නිලංග දෑල යන මහත්වරු ද ඇතුළු පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රීවරු ද බෞද්ධ සංවිධානවල නියෝජිතවරු ද එම අවස්ථාවට සහභාගිවීමට නියමිත ය.

මැදින් අව අටවක

   මැදින් අව අටවක පෝය මාර්තු 29 වැනිදා සෙනසුරාදා අපරභාග 02.17 ට ලබයි. 30 වැනිදා ඉරිදා අපර භාග 04.09 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම මාර්තු 29 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය අපේ‍්‍රල් 05 වැනිදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 29

New Moonඅමාවක

අපේ‍්‍රල් 05

First Quarterපුර අටවක

අප්‍රේල් 12

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 19

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]